ගගෙන් පැන් බී මූදට ආවැඩීම...

මහා පෞඩ ජාතියක් වූ අපගේ ජාතිය අද වන විට නීචයින්ගෙන් පිරී අවසන් ය. කෙසේවෙතත් තවදුරටත් අභිමානයෙන් සිහිපත් කළ හැකි හෙළයින් මේ රටේ නැතිවාම නොවේ. නමුත් මොනරා නටන කොට ඌ හෙලුවෙන් බව ඌ දන්නේ නැතිවාක් මෙන් නිවටුන් නටන්නේ ‍බොහෝමත්ම ටික කාලයකි. මන්ද හෙළුව පෙනෙන්නට පටන් ගත් විට ඔවුන් ‍සිදු වන්නේ කබල්ලෑවන් මෙන් තම හිස පස්ස පැත්තේ ගසාගෙන ඉන්නට ය. වැදගැම්මක් නැති කාර්යයක් සිදු කරන ඕනෑම පඩත්තලයෙකුට එය නිදහසේ සිදු කරගෙන යාමට ඉඩදෙන මේ කලුසුද්දන්ගේ ජාන වලින් පෝෂණය වූ මේ ‍ර‍ටේ සම්පත් වලින් අධ්‍යාපනය ලැබූ මේ වලිගය නොමැති සිව්පාවුන් යමෙක් රටට ජාතියට හෝ කලාවට යහපතක් වන කටයුත්තක් කරන්නට යන විට ඒ මත වරචස් කරන්නට උත්සාහ කරයි. මහා වාසනාවක් උපතින්ම උරුම කරගත් අපේ ජාතියට අද ලබා ඇති කල දසාව එයයි. එක් අතකට පුදුම වන්නටද දෙයක් නැත. මන්ද රාවණා වැනි උත්තරීතර නායකයෙකුට පවා විරුද්ධව යමින් ඉන්දියාවට පඬුරු පාක්කුඩම් දෙන්නට බලා සිටි විභීෂණලා බිහිවූ රටක් වන ඉතිහාසයක් ඇති අපට අද මේ ‍බිහිවන නිවටුන් නව්‍ය නැඹුරුවක් නොවේ.

අංගම්හොරු බ්ලොග් සමූහය වනාහි වසර ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික ශිල්පීය පරම්පරා කිහිපයක් පිළිකුලෙන් බලා සිටි අංගම්හොරුන්ගේ ක්‍රියා පටිපාටියන්ට ‍එරෙහිව තැබූ ප්‍රථම පියවරයි. අංගම්පොර ගැන කියැවෙන චිත්‍රපට හා නාට්‍ය නිර්මාන දෙස බලා උපහාසාත්මක හිනාවකින් පිටි අපි එහි වරදක් දුටුවේ නැත. හුදු උපහාසයක් පමණි. මන්ද චිත්‍රපටියක සැබෑ අංගම් ශිල්පය තිබෙනවා දකින්නට ද අප අකමැති වීමයි. මන්ද වසර සිය ගණනක් කැලෑ වැදී සිටීමෙන් මෙන්ම නර්තනාංග ලෙස ලොවට පෙන්වමින් මෙය රහසිගතව ප්‍රගුණ කළ අප ඒ මහා ශිල්පය අන්‍යයන් සතුටු කිරීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරනවාට තිබූ අකමැත්තයි. එසේ හිත හදාගෙන සිටි අපට සිදු වූයේ ඊට වඩා ජුගුප්තා සහගත සිද්ධීන් පුවත් පත් හා ‍වෙනත් මාධ්‍ය තුළින් දැක ගන්නට ය. අංගම්පොර සම්මේලනයක තොරතුරු කණ වැකුණු අප පරම්පරාවේ වෘධතර ප්‍රවීණයින් තුළ ඒ පිළිබඳව කතිකාවතක් ගොඩනැගෙන්නට පටන් ගත්තේ ය.

පැරණි පරම්පරා කිහිපයක ප්‍රධානීන් විසින් ඉන්පසුව තීරණය කරනු ලැබූයේ මෙම අංගම්පොර කරුවන් යයි කියා ගන්නා පුද්ගලයින් කණ්ඩායම් ගැන අවධානයකින් සිටින ලෙසයි. එහි ප්‍රථිපලයක් ලෙස එදා පටන් ඔවුන් විසි පළකරන ලද පුවත් පත් දැන්වීම්, රූපවාහිනී වැඩසටහන් ආදිය හැකි තරම් එක් රැස් කරමින් හා හැකි තරමින් ඔවුන්ගේ සන්දර්ශන ආදිය නරඹමින් හා ඔවුන්ගේ ඉතිහාසය අධ්‍යයනය කරමින් සිටීමට අප කණ්ඩායමට පැවරිණ. අපට විශාල තොරතුරු සමූහයක් ගොණු කර ගැනීමට හැකි වූ අතර එහිදී වැඩි අවධානයක් යොමු වූයේ වැඩි වශයෙන් බේගල් ඇදබාන පුද්ගලයින්ට ය. මෙහි දී තාක්ෂණයට වඩාත්ම සමීප කණ්ඩායමක් තොරා ගත් අප පරිගණක තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව මනාව ඉගෙන ගැනීමෙහිලා ඔවුන්ව යෙදවීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් මෑත කාලීනව අප ප්‍රදේශවල සිදුවූ තාක්ෂණික දියුණුව එයට මනා පිටුවහලක් වූ බව සැබෑය. එසේම ධාරණ ශක්තිය වර්ධනයා කිරීමෙහිලා විශේෂ භාවනා අභ්‍යාස කිහිපයක් ද ප්‍රගුණ කරනු ලැබූ අප කණ්ඩායමට තම තමන්ගේ සාමාන්‍ය ජීවි‍ත සාමාන්‍ය පරිදිම පවත්වාගෙන යාම අභියෝගයක් වූ අවස්ථා නැතිවාම නොවේ. එවන් අභියෝග සමූහයක් මැද එක් රැස් කර ගත් කරුණා සමුදාය භාවිතයෙන් බිහිවූ කුළුදුල් නිර්මාණය වූ අංගම්හොරු බ්ලොගය අද වන විට සමාජ කතිකාවතක් ගොඩ නැගීමට හැකි මට්ටමට පත් කර ගැනීමට හැකි වීම අප ලද ජයග්‍රහණයකි.

වෙස් මුහුණු හා හිස් මුහුණු

අංගම්හොරු බ්ලොග්කරණය ප්‍රසිද්ධ වෙනවාත් සමඟම එය තදින්ම දැනෙන්නට පටන් ගත්තේ කාහටද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මෙතුවක් කල් තමන් විසින් පවත්වාගෙන ආ අංගම් කඩවලට අභියෝගයක් වනවා දුටු අංගම්චෞර කරුණාපාල නම් චීනඩි ගුරුවරයාගේ ගොලයෙකු යයි කියා ගත් සේනක නැමැත්තා විසින් එවන ලද්දේ "බල්ලන් බිරුවාට තවලම් නවතීද..." කියා ය. බල්ලන් බුරා නැවතුණ තවලමක් නැග ඉතිහාසයක් අසා නොමැති නිසා හා මාතෘකාවට අදාල නොවූ නිසා ‍එම කොමෙන්ටුව පළ කිරීම අප විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එම වේලාවේදීම තවත් නමකින් ලැබුණ කොමෙන්ටුවක පළවූයේ අප මෙහි සඳහන් කොට ඇති ශිල්පියෙකුට කරන ලද චෝදනාවකි. එය එවා තිබුණේ සෙනරි නැමැත්තෙකි. එම චෝදනාව බරපතල මෙන්ම සාක්ෂි රහිත වූ නිසාවෙන්ම පළකිරීම සිදු නොවුණි. නමුත් ඉදිරි පරීක්ෂණ ලයිස්තුවට ඇතුළත් කර ගන්නා ලදී. මේ අතර අජන්ත නැමැත්තාගේ ගෝලයකු යයි කියාගන්නා අයෙක් විසින් ඔහුගේ චෝදනාවලට පිළිතුරක් එවා තිබුණ අතර එහි ප්‍රමාණවත් සාක්ෂි හා සභ්‍ය භාෂාව භාවිතා වී තිබූ නිසා පළ කෙරුණි. නමුත් අප බලාපොරොත්තු වූයේ ඔහුගේ එම පිළිතුරට විරුද්ධව අදහස් පළවේ යයි කියා වුවද මේතාක් එවැන්නක් සිදු වූයේ නැත. කෙසේ වුවත් පත්තර පිටුවකින් ගන්නා ලද කොටස් කිහිපයක් භාවිතා කරමින් අජන්ත නැමැත්තාට චෝදනා කිහිපයක්  නිර්ණාමික පුද්ගලයෙකුගෙන් එල්ල වූ නමුදු එහිදී ද එම තොරතුර පරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කිරීම පමණක් සිදු වූයේ අජන්ත නැමැත්තා ගැන තිබූ තොරතුරු හා අප ප්‍රවීණයන්ගේ මතය තරමක් වෙනස් එකක් වූ නිසාවෙනි. ‍නමුත් එයින් අජන්ත නිවැරදි ශිල්පියෙකු ලෙස අප පිළිගන්නා බව වරදවා තේරුම් ගත යුතු නොවේ.  කෙසේ වෙතත් මේ අතර අසභ්‍ය වචන වලින් කොමෙන්ටු එවීමේ නම් කිසිඳු අඩුවක් නොවීය. නිර්ණාමිකව එවන ලද ඇතැම් කොමෙන්ටු වල අප වෙත විවිධ චෝදනා එල්ල වූ අතර මරණ තර්ජනවලින් ද අඩුවක් නොවී ය. මුල් අවධියේදී එනම් ග්‍රේෂන් මාස්ටර්, කරුණාපාල හා සුමේධ යන අය පිළිබඳ අවසන් නිගමනයකට පැමිණීමට පෙර ලැබූ තර්ජන ප්‍රමාණය එතරම් නොවී ය. කෙසේවෙතත් ගැහැණු නම් මෙන්ම අන්වර්ත නාමයන් යොදා ගත් කිහිප දෙනෙකුට අප කවුරුන්දැයි දැන ගැනීමේ දැඩි ආශාවක් එදා සිට අද දක්වාම තිබෙන බව සහ ඇතැම් අයට අනියත බියක් තිබෙන බව නම් පැහැදිලි ය.
කරුණාපාලගේ ගොලයෙකු විසින් අප මුහුණු පොතේදී
අසභ්‍ය වචනවලින් බැණ වැදුණු අවස්ථාවක
මේ අතර අප විසින් මුලින් සඳහන් නොකරන ලද කිහිප දෙනෙකුගේ නම්ද හා තොරතුරුද ලැබූ නමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට නොහැකි වූයේ චෝදනාවක් කළ පමණින් කිසිඳු අයෙක් සම්බන්ධයෙන් අප ප්‍රසිද්ධ නොකරණ ප්‍රතිපත්තිය නිසාවෙනි. මන්ද ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින යම් යම් පරම්පරාවල මෙම ශාස්ත්‍රය තවදුරටත් ඇති බවට අප තුළ ඇති විශ්වාසයයි. එමෙන්ම බොහෝ අංගම් ගුරුවරුන් අනෙකා සමඟ තිබූ පුද්ගලික හෝ  ව්‍යාපාරික ගැටළු නිසා චෝදනා එල්ල කළ හැකි වීමයි. නිවැරදි නොවන ප්‍රකාශයක් අප බ්ලොගයෙන් ඉදිරිපත් කළහොත් එයින් අප පාඨකයින්ගේ විශ්වාසය බිඳී යාම ද සිදු විය හැකි ය. එසේම එකිනෙකාට මඩ ගසා ගැනීමට වේදිකාවක් සාදා දීමට අපට කිසිඳු උවමනාවක් නොමැති වීම ද මෙයට හේතු විය. කෙසේ වෙතත් බොහෝ චෝදනා හා කොමෙන්ටු පළ නොකිරීමට නොහැකි වූ හේතු රාශියක් තිබිණ. එහිදී පදනම් විරහිත වීම, හුදු ප්‍රකාශිත චෝදනා වීම, ශාස්ත්‍රයට අදාල නොවීම, තමන්ට අවශ්‍ය වෙනස් මතයන් (අංගම්පොරවලට ඉන්දියානු සම්භවයක් ලබා දීම වැනි) සමාජයට ලබා දීමට අංගංහොරු බ්ලොගය භාවිතා කිරීමේ උත්සාහය, ද්වේශ සහගත බව, අසභ්‍ය වචන භාවිතය, පරිගණක තාක්ෂණය ආශ්‍රිතව නිර්මාණය කරන ලද සාක්ෂි හා හික්මීමෙන් තොර වීම වැනි හේතු ඒවායින් ප්‍රධාන වේ. මේ අතර විවිධ මුහුණුවරින් පැමිණෙන අය ඇතමෙක් එසේ පැමිණියේ අපගේ හිස අතගා ටොක්ක ඇනීමට බවද අප දැන සිටියෙමු. කෙසේ වුවත් පළ වූ කොමෙන්ටු ප්‍රමාණයට සමාන කොමෙන්ටු ප්‍රමාණයක් පළ නොවූ නිසා ලංකාවේ වත්මන් සමාජයේ හික්මීම හා දැනුම මැන ගත හැකි ය. කෙසේ වෙතත් මෙම චෝදනාවල ස්වාභාවය මැන ගැනීමේ හා පළකිරීමට නුසුදුසු ‍දේ ගැන සාකච්ඡා කිරීමේ අරමුණෙන් ‍fakeangampora@gmail.com නම් අපගේ ඊමේලය ප්‍රසිද්ධ කිරීමට ද අපට සිදු විය.

චෝදනා හා වේදනා

පසුගිය කාලය තුළ අපට ලැබුණ චෝදනා සාමාන්‍ය වුව ද තිදෙනෙකු සම්බන්දයෙන් වෙන වෙනම ‍බ්ලොග් අඩවි නිර්මාණය වරවාත් සමඟම තත්ත්වය දරුණු විය. පාණ්ඩු කම්බල ශෛලාසය උණුවූ ඇතැම් අය ඊමේල් ලිපිනය හරහා අපට උදව් කිරීමට උත්සාහ දැරූ වාර අනන්තය. ඇතැමෙන් තමන්ගේ ගුරුවරයා ගැන වැරදි කියා අපගෙන් ශාස්ත්‍රය ඉගෙන ගැනීමට ඇසූ අවස්ථාද දුලභ නොවේ. එසේම අපගේ වේලාපත්කඩ බලා ගන්නා ලෙසත් අප ගැන සියලුම තොරතුරු සොයාගෙන ඇති බවත් කියමින් බැණ වැදුණු සුමේධගේ ගෝලයාද හරි අපූරුවට කටවසා ගත්තේ එයට අප දුන් එකම එක පිළිතුරකිනි. මේ අතර කාවින්දි, දික්සඳ, අඳුරු ආරක්ෂකයා වැනි චරිත ගැන යමක් සඳහන් කළ යුතු ය. වරක් තම ගුරුවරයා තුළ නිවැරදි ශාස්ත්‍රය නොමැති බව තමා දන්නා බව ප්‍රකාශ කළ කවින්දි පසුව ඍජුවම ප්‍රකාශ කලේ ගිලීමලෙත් ඇත දත සුද්දෝ යනුවෙනි. එනම් නුගේගොඩ ද අංගම්පොර ශිල්පීන් සිටිය හැකිය යන්න ඔප්පු කිරීමටත් ඉන් පසුව ඔහුන වෙනත් පාඨකයෙකු විසින් 'කරුණාපාලගේ ගෝලයෙක්' ලෙස චෝදනා කළ විට ඔහු නුගේගොඩ ඉන්නේ කරුණාපාල පමණක් නොවේ යයි කියා අත සෝදා ගත්තේ ය.  කෙසේ වෙතත් කරුණාපාලගේ ගෝලයන් ලෙස ඍජුව පැමිණීමට කවුරුත් අකමැති බව නම් ඉන් පැහැදිලි විය. තමා අංගම්පොර පරම්පරාවක ලෙස කියා ගනිමින් කරුණාපාලට උල තැබිය යුත්තෙකු ලෙස චෝදනා කරමින් ඊමේලයක් එවූ දික්සඳ තම වෙස්මුහුණ විවෘත කරමින් කරුණාපාලගේ අපූරු වේලායුධය සාධාරණීකරණය කරන්නට ඉතිහාස කතා සකස් කරමින් ඊමේලයක් එව්වේ ඊයේ පෙරේදා ය. තමන් අංගම්පොර නොදන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් තමන් නොදන්නා අංගම් ශාස්ත්‍රය ගැන අදහස් දක්වන අපට සහතික දෙන්නට ඉදිරිපත් වූ නවතම තරඟකරුවා වන්නේ අඳුරු ආරක්ෂකයා ය. කෙසේ වුවත් බරපතලම චෝදනාව එල්ල කරමින් අප කණ්ඩායමේ වැඩිම අවධානය දිනා ගැනීමේ භාග්‍ය අඳුරු ආරක්ෂකයාට හිමි වූ බව නම් සත්‍යයකි. ඒ නිසාවෙන්ම ඔහු ගැන සොයාගත් කරුණු ද එමට ය.

අඳුරු ආරක්ෂකයා

පසුගිය මැයි මාසයේදී මුහුණු පොතේ ගිණුමක් විවෘත්ත කරන අතරම අප ඊමේලයට "අංගම් හොරු පිලිබඳ ඔබතුමාගේ blog අඩවිය කියවීමට මට අවස්ථාවක් ලැබුණි. ඔබතුමා කරන්නේ ඉතා වටිනා හෙලිදරව්වක් බව පැවසීමට කැමැත්තෙමි. පසුගිය වසරේ මුල් කාලයේදී දඬුබස්නාමානය නම් නාට්‍යය නැරඹිමෙන් පසු මට ද මෙය ඉගෙනීමට සිත් වුවත්, පවතින කාර්යබහුල තත්ව යටතේ එය කල නොහැකි විය! ඉගෙනීමට ගුරුවරයෙකු පිලිබඳ අදහසක් තිබුනත්, මේ හෙලිදරව්වෙන් පසු මම ඒ අදහස වෙනස් කරගතිමි!" ආදී වශයෙන් ලිපියක් ලියූ මොහු යාප්පුවෙන් අප වෙතින් අංගම් ශාස්ත්‍රය ගැන කරුණු රාශියක් එකතු ‍කොට ගත්තේ ය. මේ අතර මුහුණු ‍පොතේ ගිණුමෙන් තමා සමාජ සෝධකයෙකු බව ඔප්පු කිරීමට අවශ්‍ය ලෙස විවිධ ස්ථාන වල කොමෙන්ටු කිහිපයක් දැමූ ඔහු darkk2000@yahoo.com නම් ඊමේල් ලිපිනය භාවිතා කරයි.

චරිත ස්වාභාවය

කරුණාපාල නැමැත්තා පිළිබඳව සනාථ කරගන්නා ලද කරුණු රාශියකින් සමන්විතව  මෙම වසරේ එනම් 2011 මැයි මස 14 දින gurukarunapala.blogspot.com නම් බ්ලොගය නිර්මාණය වී දින 7ක් සම්පූර්ණ වනවාත් සමඟම එනම් මැයි 22 වන දින මුහුණු පොතේ අඳුරු ආරක්ෂකයා නම් අන්වර්ත නාම ගිණුමක් විවෘත්ත කලේ  darkk2000@yahoo.com නම් ඊමේල් ලිපිනය භාවිතා කරමිනි. එම ඊමේල් ලිපිනය තුළින් මොහුගේ ඉතිහාසය සෙවූ අපහට මීට වසර තුනකට පෙරදී මෙම ඊමේල් ලිපිනය භාවිතා කරමින් අන්තර්ජාල වෛශ්‍යාංගනාවන්ගේ එකතුවක එනම් Dating Site එකක සාදන ලද ගිණුමක් හමුවි ය. ඔහුට අයත් යයි සැලකිය හැකි තරමක් අපැහැදිලි මුහුණේ පිංතූරයකින් යුක්ත වන මෙම ගිණුමේ ඔහුගේ රහස් පෙදෙසේ පිංතූර තුනක්ද යුක්ත වන බැවින් එහි ඍජු යොමුවක් ලබා දීමේ හැකියාවක් නො‍මැත. කෙසේවෙතත් ලංකාවේ සංස්කෘතියට සදාචාරයට නිගරුකරන, බෞද්ධ සමාජයක ජීවත් වීමටවත් නුසුදුසු මෙන්ම අංගම්පොර වැනි අති උතුම් ශාස්ත්‍රයක් ගැන කථා කිරීමට වත් නොදන්නා හා නොගැලපෙන කාමාතුරයෙකු ලෙස හඳුන්වා දිය හැකි අඳුරු ආරක්ෂකයාගේ පෞද්ගලික තොරතුරු මෙතකින් ප්‍රමාණවත් යයි හැ‍ඟේ. කෙසේ වෙතත් තවත් තොරතුරු ඉදිරියට ලිවීමට බලාපොරොත්තු වෙමු.

නොදන්නා අංගම්පොරවලට සහතික දීම


"මමත් සබ්ජෙක්ට් එක දන්නෙ නෑ! හැබැයි ඉගෙනගන්න විදියක් හොයාගෙන යද්දි තමයි හෙලුව පෙව්නෙ!" යනුවෙන් තමා අංගම්පොර නොදන්නා බව ප්‍රකාශ කරන මේ "වඳුරු" ආරක්ෂකයා අංගම්පොර ශිල්පින්ට චරිත සහතික දෙන්නට පටන් ගත්තේ ය. මෙය සමාන කළ හැකි වන්නේ කුහුඹු පැණියාගේ තීන්දුවට පමණක්මය. තමන් නොදන්නා ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් සහතික දීම යනු අන්ධයෙකු විසින් අලියා විස්තර කිරීමට පමණි. මෙහිදී අජන්ත නැමැත්තාගේ පිරිසක් ලෙස අංගම්පොඩි පරම්පරාව හඳුන්වාදීමට වෙර දැරූ මොහුට වරක් මා කරන ලද ආයාචනයක් මෙම පින්තූරයේ දැක්වේ. එහිදී ඔහුට පැහැදිලි ඡායාරූප එවන ලෙස කරන ඉල්ලීමට ඔහු ලබා දෙන්නේ "කලවේලාවක් ලදොත් බලන්නම්" යන අලස පිළිතුරකි. ඔහුට මේවා සොයාගැනීමට හා අජන්ත ගැන මෙතරම් කරුණු දිගින් දිගටම ඉදිරිපත් කිරීමට වේලාවක් තිබුණද මා හට ඒවා ඊමේල් කිරීමට විනාඩිගණනක් නැති යන්නෙන් අදහස් වන්නේ ඒවායේ පැහැදිලි පිටපත් නොමැතිවා යන්න විය හැකි ය. මන්ද අජන්තට කොට ඇති කරාටි චෝදනාවේ දක්වා ඇති පින්තූර පැහැදිලි ‍ඒවා නොවේ. අද දක්වා ඔහු දැක්වූ සියලුම චෝදනා අජන්තට පමණක් වීම නිසා අපට ගත හැකි තීරණය වන්නේ අඳුරු ආරක්ෂකයා යනු අජන්තගේ හතුරෙකු බවයි. අජන්ත හා වෙනත් සටන් ශිල්පීන් අතර ගැටුමක් ඇති බව ඔහු විසින්ම අප විසින් කරන ලද සමීක්ෂණයකට පිළිතුරු දෙමින් පිළිගෙන   ඇත.  එසේම අප සුමේධ ගැන යෙදූ ලිපියකට ඔහු කොමෙන්ටුවක් දමමින් කියන්නේ "හරියට කියල තියෙන්නෙ මෙයා ගැන විතරයි. හැබැයි මට ෂුවර් නෑ මේක මේ කටයුත්තටම මවපු කලරිමඩුවක්ද කියල!" කියා ය. මේ අතර අපි අනෙක් අයට කර ඇති චෝදනා සියල්ලම ඔහු ප්‍රතික්ෂේප කිරීම හා අජන්ත ගැන කර ඇති ප්‍රකාශය පමණක් ඉස්මතු කරමින් මොහු අපට චෝදනා කරනු ලබන්නේ අජන්ත හා අප එකම පිරිසක් බවයි.


අජන්තට පක්ෂග්‍රාහී වීම යන චෝදනාව

ඔහු කියනා තොරතුරු මත පමණක් රැඳි සිට අප අජන්ත ගැන තීන්දු ගන්නේ නම් එය චැනල් 4 වීඩියෝව වැන්නක් බවට පත්වේවි. කොටින්ගේ පිරිසෙන් පමණක් තොරතුරු විමසා ලංකාවේ හමුදාව ගැන ගත් තීරණය වැන්නක් බවට පත්වේ. කෙසේ වෙතත් අජන්ත ගැන අඳුරු ආරක්ෂකයා කරන චෝදනා ගැන අප සොයා බැලීම් නොකරනවා ද නොවේ. නමුත් එහිදී ප්‍රවේසම් වීමට සිදුවන්නේ ඔහු අජන්තගේ සතුරෙකු බවට පෙනී යන නිසාවෙනි. අප තීන්දුවක් ගැනීමේදී කිසිඳු විටෙකත් කෙනෙක් කියන හෝ කරන චෝදනා මත පදනම්ව පමණක් එය සිදු නොකරන ප්‍රතිපත්තියක සිටින බැවිනි. මන්ද යමෙක් වැරදි යයි කීම බොහෝමත්ම වගකීමකින් කිව යුතු ය. මෙයින් අප අජන්තට පක්ෂග්‍රාහී යන්න තීරණය කීරම නිවැරදි නම් මීට බොහෝ කලකට පෙර අපට අජන්තගේ ගෝලයෙකු විසින් එවන ලද පහත කොමෙන්ටුවද අප විසින් ප්‍රසිද්ධ කරන්නට තිබිණ. 


මෙහිදී අජන්තට පක්ෂග්‍රාහීව එවූ මෙම ලිපියේ ඇති ඔහුගේ නිරවද්‍යතාව සාක්ෂි හීන වීම හා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කර තිබීම යන කරුණු මත ප්‍රසිද්ධ නොකරන ලදී. අජන්ත පමණක් නොව වෙනත් අය ගැන ද අපට චෝදනා පැමිණේ. අප සියල්ලම ප්‍රකාශයට පත් කරන්නේ නැත. අජන්ත ගැන අවසාන තීරණයකට එළඹීමට හේතුව වන්නේ ඔහුගේ ශිල්පීය ගැටලුවක් මේතාක් දුරට අපට සොයාගත නොහැකි වීමයි. එනම් ඔහුගේ වීඩියෝවල හා පින්තූරවල අංගම්පොර ශිල්පයේ භාවිතා වන ශාස්ත්‍රීය කොටස් තිබීමයි. නමුත් එයින් අජන්ත නිරවද්‍ය පුද්ගලයෙක්ද යන්න අපට තීරණයකට එළඹීමටද ‍නුපුළුවන.මන්ද යමෙක් කැමරාවක් ඉදිරිපිට කාගෙන් හෝ අල්ලා ගත් කොටස් කිහිපයක් ඉදිරිපත් කළ හැකි ය. නිවැරදි ශිල්පයක් යනු අංගම් ශාස්ත්‍රයෙන් කොටස් කීපයක් නොවේ. චීනඩි දන්නා බො‍හෝ අය අංගම්පොරවලට ආසන්න වශයෙන් යන කෑලි කිහිපයක් ලෝකයට පෙන්වා තමන්ගේ පන්තිය තුළදී අංගම්පොර නමින් චීනඩි උගන්වන අවස්ථා අප මෙම බ්ලොග් කරණයෙන් පෙන්වා දී ඇත. එම නිසාවෙන්ම බැලූ බැල්මට පෙනෙන සාක්ෂිවලින් ඔබ්බට ගොස් මෙවැන්නක් තීරණය කළ යුතු ය.

මෙතෙක් හඳුනා නොගත් ‍අංගම් හොරෙකු යයි සැක කළ හැකි අයෙක් ගැන
එවන ලද ප්‍රසිද්ධ නොකරන ලද කොමෙන්ටුවක්
මිනිසෙකුගේ ජීවිතකාලයෙන් අඩකටත් වඩා වැය කොට ඉගෙන ගැනීමට තරම් ශිල්පීය කොටස් රාශියක් අංගම් ශාස්ත්‍රයේ ඇත. ඒ සියල්ල නොදන්නා අයෙක් අංගම් ගුරුවරයෙකු ලෙස අපට පිළිගත නොහැකි ය. කෙසේවෙතත් අජන්ත පමණක් නොව කිසිඳු අයෙක් ගැන අවසන් තීන්දුවකට එන තුරු ඔවුන්ට ඇති චෝදනා මෙන්ම පක්ෂග්‍රාහී කරුණු හෙලි නොකිරීමට අපේ ප්‍රතිපත්තියයි. එය සාධාරණ නැති ලෙස පාට කණ්නාඩි දමාගෙන සිටින අයට පෙනී ගියද මෙම විවෘත්ත උසාවියක මෙන් පත්තරයට හෝ රූපවාහිනී මාධ්‍යයන්ට සියල්ල තීරණය කොට ජනතාවගේ සිත වෙනස් කිරීමට අවස්ථාවක් කිරීමට අපට නොහැකි ය. ඉහත කියන මල්ලිකාරච්චි නැමැත්තා ද එසේමය. අප ඔහු ගැන ද දැනට සොයාගෙන ඇති කරුණු ඇති නමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට තරම් සාක්ෂි නොමැත.





1 comment:

  1. කකුළු පැටවාගේ කතාව හොඳින් මතක තියාගන්න
    එය කිසිදාක අමතක නොකරන්න
    අමතක කළොත් මරණය වෙත සැරසෙන්න
    මරණෙන් පසු නරකයෙහි උපදී ඉන්න

    ReplyDelete