වංචාවල නිලන්තගේ වංචා සහගත “සටන් කලාව“

චංචාවල කලහේ නැමති ප්‍රදේශයේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ නමින් තමාව හඳුන්වා දෙන තවත් එක්තරා චෞරයෙකු ලියූ “සටන් කලාව“ නම් වන දන්කොටුව වාසනා ප්‍රකාශකයන් විසින් 2005දී ප්‍රකාශන ගත කරන ලද කෘතියේ අංගම්පොර හා අපේ වීරයන් ගැන කියා ඇති සාවද්‍ය කරුණු ගැන සඳහන් කිරීම මෙම ලිපියේ අරමුණයි.

මෙම ක්‍රියාවලි සම කළ හැක්නේ රන්ජිත් අතලේ නම් වන පුද්ගලයාගේ ක්‍රියාකලාපයට පමණි. තමන්ගේ අසාරථක නීතිඥ වෘත්තිය දඩමීමා කර ගන්නා මේ උගත් මෝඩයා සිදු කරනුයේදී රන්ජිත් අතලේ විසින් සිදු කළ අමනෝඥ ක්‍රියාවටම සමාන දෙයකි. ඒ බව ඔහුගේ මෙම කෘතියේ 42 වැනි පිටුවේ සඳහන් පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

අංගම්පොර හා කලරි යන සටන් ක‍්‍රම දෙකම නොදන්නා නිලන්ත කරනු ලබන මෙවන් අමනෝඥ ප‍්‍රකාශ තූළින් ජන විඥානයට වන හානිය සුලූපටු නොවේ.


ඉන්දියාවේ කලරි ලංකාවට එනවිට කලරි වූයේ නම් ලංකාවේ ගජභා වැනි වීරවරුන් ඉදිරියේ නීල මහා යෝධයා වැනි ඔවුන්ගේ සටන් කරුවන් අසාර්ථක වූයේ මන්ද යන්නට මේ පෙරෙකදෝරුවාට හේතු නැත. ඉන්දියාවේ බුදු දහම ලංකාවට පැමිණි ලංකා දහම හෝ වෙනත් නමක් ගත්තේ නැත. බුදුදහම ඉන්දියාවෙන් පැමිණුන පමණින් (එය එසේම යයි පිළිගත නොහැකිය. මන්ද බුදුන් වහන්සේ සිටින කාලයේදීම ලංකාවේ බුදු දහම ස්ථාපිත වූයා යයි සිතන්නට සාක්ෂි ඇත.) සියලුම ශිල්ප ක්‍රමය ඉන්දියාවෙන් පැමිණියා යයි සිතීම අමනෝඥ හා සාක්ෂි විරහිත හුදු උපකල්පනයක් පමණි. ඉන්දියාවේ කලරි ලංකාවට පැමිණ අංගම්පොර වන්නට හේතුවක් නැත. එසේ වූවා නම් වන්නට තිබුණේ කලරි සටන් මිස අංගම්පොර සටන් නොවේ. අපි ඉන්දියාවෙන් සාරියක් මෙහි ගෙනවිත් එයට චීත්තය කියන්නේ නැත. එයත් අපි කියන්නේ සාරියම ය. අනෙක් කරුණ වන්නේ මේ චෞරයා මේ කියන කතාවට එකදු එක සාක්ෂියක් වත් ඉදිරිපත් නොකිරීමයි. මුග්ධ පාඨකයා මොහුගේ නීතීඥ පට්ටම ගැන සිතා මොහු කියන සියල්ල ඉස්මුදුනෙන් පිළිගන්නේ නම් එය වත්මන් සමාජයේ විචක්ෂණ බුද්ධියේ ගැටලුවකි.

ලෙව්කේ ඉදිරිපසටත්, කැප්පෙටිපොල පසුපසටත් ගැසූ විට සිහිනැතිවන හරි අපූරු නිල


ඉන්දියානු මර්මාස් නම් නිල විද්‍යාවකින් ලංකාවේ අංගම්පොරවල නිල ශාස්ත්‍රය බිහිවූයේ යයි ප්‍රකාශ කරන මෙම චෞරයා ලංකාවේ මර්මාස් කෙසේ වෙතත් ඉන්දියාවේ මර්මාස් වත් නොදන්නා බව පෙනේ. මන්ද ශිරාන් දැරණියගල මහතාගේ “සිංහල ත්‍රාස්‍යජනක ක්‍රීඩා“ නම් කෘතියෙන් උපුටාගත් කරුණු සියල්ල විදහා දක්වා ඒවා තමන්ගේ කරුණු මෙන් ගෙනහැර දැක්වීමක් හැර වෙනත් කිසිවක් මෙහි නැත. ඉහත පින්තූරයේ පහල කොටසේදී දැරණියගල විසින් එක පළමු ඡේදයෙන් කියන කරුණු සියල්ලම ඉහත නිලන්තගේ පොතේ පිටු දෙකකින් කියා ඇත්තේ පිටපත් කිරීමද නිර්මාණාත්මකව කළ හැකි බව ලොවට පෙන්වීමට විය යුතු ය.

කෙසේ වෙතත් පිටපත් කිරීමෙන් අනිටු ප්‍රතිඵල ඇති වන බව ලොවට පසක් කර දීමට දැරණියගල විසින් ලෙව්කේගේ නිල ශාස්ත්‍රය ලෙස කියූ දෙය කණපිට හරවා එය කැප්පෙටිපොලගේ නිල ශාස්ත්‍රය ලෙස කියා ඇත. කැප්පෙටිපොල ගැනවත් ලෙව්කේ ගැනවත් හරිහමන් අවබෝධයක් නැති මුග්ධ රචකයා සිතා සිටින්නේ පිටු පිරෙන්න මොනවා හරි ‘බයිලා‘ ටිකක් ලියූ විට තමා ද ගත් කරුවෙකු වන බව විය යුතු ය. මෙහි හාස්‍යජනකම සිදුවීම වන්නේ දැරණියගලට අනුව බෙල්ලේ ඉදිරිපසට ගසා සිහිනැති කොට පිටුපසට ගසා සිහි මූර්ජා කිරීම නිලන්ත පිටපත් කරන විට පැත්ත හා ගැසූ තැනැත්තා මාරු වීමයි.

අනෙක් කරුණ වන්නේ මරු නිල ශාස්ත්‍රය යනු යම්කිසි නිලයක් දැනගෙන එතනට ඇනීම සෙල නිලන්ත සිතා සිටිනවා විය යුතු ය. කාල නිර්ණය කොට මරු නිලවලට පහර දීම එක් නිලයක් දැන ගැනීමෙන් හෝ නිලස්ථානයකට ගැසීමෙන් පමණක් සිදු නොවේ. එසේ නම් මිනිසුන්ට බස් එකක හෝ කෝච්චියක තෙරපි තෙරපී ගමනක් ද යා නොහැකි විය යුතු ය. මන්ද ශරීරයේ ඇති 108ක් නිලවලන් මොකක් හෝ අනෙකාගේ ඇඟට හෝ අත් බෑගයට තෙරපීමෙන් මරණය සිදු විය හැකි නිසාවෙනි. කාල නිර්ණය කොට මරු නිලයකට ගැසීම සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි අතර ඒ සඳහා නිල ශාස්ත්‍රයේ පරතෙරට ගිය අයෙක් විය යුතු ය. එපමණක් නොව එසේ ගසන විට දිනය, වේලාව, මරු සිටින ස්ථානය, ඇතුළත් පිටත්, ග්‍රහ පිහිටීම ආදී කරුණු කිහිපයක් හෝ සියල්ලම සලකා බැලිය යුතු ය.  නිලවලට ගැසීම පුරුදු පුහුණු වීමට විශේෂ ගස් වර්ග හා සතුන් වර්ග භාවිතා කරන අතර තමාගේ ශක්‍යතාව මැන බලනුයේ එවැනි න්‍යායාත්මක පරීක්ෂණ තුළිනි. එනිසාවෙන්ම පොතකින් නිල ශාස්ත්‍රය ඉගැන්වීමට උත්සාහ කිරීම ‘දැලින් සුලං බදනට තැත් කරනු‘ වැනි දෙයකි.

අවසාන වශයෙන් මේ පෙරෙකදෝරුවාට කිය යුත්තේ සරළ කතාවකි. පෙරෙකදෝරුවන් උසාවියක් උසාවියක් ගානේ ගොස් ටොම් පච ඇද බාන බව සැබෑ ය. එසේ වුවත් තමන් නොදන්නා අති උත්තම අංගම්පොර ශාස්ත්‍රය ගැන මෙවැනි මුග්ධ ප්‍රකාශ කොට ජන විඥානය විකෘති කිරීම අනුමත කළ නොහැකි ය.  මේවායින් සිදු වන්නේ අංගම්පොර යනු පදික වේදිකාවක් පදික වේදිකාවක් ගානේ නොමනා පොත්පත්වලින් උගන්වන අසාර්ථ හා ඉතාම දුර්වල මට්ටමේ සටන් කලාවක් ලෙස අංගම්පොර ගැන සමාජය තුළ කුඨප්‍රකට වීමයි. මෙවැනි කාර්යයන් නිසා කරුණාපාල, සුමේධ, ග්‍රේෂන් වැනි උන්ට තම තමන්ගේ මගඩි නැටුම් ටික සමාජ ගත කිරීමට පිටුවහලක් වනවා හැර වෙනත් කිසිදු යහපතක් වන්නේ නැත. එම නිසාවෙන්ම නොදන්නා අංගම් ගැන කතා කිරීම පසෙක තබා තමන් දන්නා පෙරෙකදෝරු කම කොරගෙන බඩ වියත රැක ගන්නා මෙන් අපි මේ චෞරයාගෙන් ඉල්ලා සිටිමු.


8 comments:

  1. මේ නිලන්ත මහත්තයගේ මේ පොත විතරක් නෙවේ අනෙකුත් පොත්ද මම කියවා තිබෙනවා. කිසිම වැඩකට නැති කරුණු තමයි ඒවයේ ඇතුළත් වෙලා තියෙන්නේ.අ0ගම් ශාස්ත්‍රයට අත තියන්න මොහුට ඇති අයිතිය කුමක්ද?(ඔබේ අදහසක් අවශ්‍යවේ.)

    ReplyDelete
    Replies
    1. මෙවැනි මුග්ධයින් අපේ සටන් ශාස්ත්‍රයට අත තබන්න කිසිදු අයිතියක් නැති බව නම් සැබෑව. නමුත් මේ පරසුද්දන්ගේ නීතියෙන් මේ වගේ අධමයින්ට කළ හැක්කේ කුමක්ද? ඕන එකෙකුට ඕන එකක් ලිවිය හැකිය. ඒකට උන් කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලානේ. මට අනගාරික ධර්මපාල තුමාව මතක් වෙනවා.

      Delete
  2. මහත්තයෝ අද අපේ මිනිස්සු කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා කරගනනවා විතරක් නොවෙයි සල්ලි ඕන වුණාම අම්මව වුණත් විකුණන තත්ත්වයට පත් වෙලා. මේ නිලන්ත නමැත්තාත් මේ ගණයට අයත් කෙනෙක්. පොතක් විකුණල රුපියල් විස්සක් තිහක් හොයන්න හිතාගෙන මොකක් හරි බඩකඩිත්තුවක් ලියනවා. ඒකෙන් සමාජ පරිකල්පනයට හානියක් වෙනවාද යන්න සිතන්නට තරම් විචක්ෂණ බුද්ධියක් මොහු වැන්නන්ට නැහැ.

    ReplyDelete
  3. මමත් මේ පොත ඔක්කොම කියෙව්වා.මේකෙ හැටියට් අ0ගම්පොර කියන්නෙත් කලරිවලින් බිදීආපු දෙයක්නෙ.මෙතරම් දීර්ඝ ඉතිහාසයක් සහිත සටන් ශාස්ත්‍රයක් කලරිවලට සමාන කිරීම කිසිසේත්ම ගැළපෙන්නෙ නැහැ.මොහුද අ0ගම් චෞරයෙක් ලෙස හඳුනාගැනීම වඩා වැදගත් යැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. මොහු පැහැදිලිවම අංගම් ශාස්ත්‍රය ගැන මොකුත්ම නොදන්නා අංගම් ශාස්ත්‍රයේ ශ්‍රී නාමයෙන් කීයක් හරි හොයා ගන්නා පොත් වලින් බයිලා ගහන තවත් ආකාරයක අංගම් චෞරයකි. කලරි ගැන වැඩි යමක් අප දන්නේ නැත. නමුත් අංගම්පොර යනු කලරි යනුවෙන් යමෙක් සඳහන් කරනවා නම් ඔහු අංගම්පොර ගැන දන්නේම නැත.

      Delete
  4. කලරි යනු කිසියම් පුළුල් සටන් ශාස්ත්‍රයක්ද?

    ReplyDelete
    Replies
    1. කලරි යනු ඉන්දියාවේ දේශීය සටන් ශිල්පයකි. අංගම් ශාස්ත්‍රය තරම් ප්‍රභල ශාස්ත්‍රයක් නොවේ. බැලූ බැල්මට අංගම්පොර හා යම් යම් සමානකම් ඇතිවාක් මෙන් පිටතින් බලන අයෙකුට පෙනිය හැකිය.

      Delete
  5. අංගම්පොරවලට ඉන්දියානු සම්භවයක් ලබාදීමට කටයුතු කිරීම මෙවන්වූ චෞරයින්ගේ ගති ලක්ෂණයකි. අංගම් ශාස්ත්‍රයට අප දන්නා පරිදි වසර 33000-40000 පමණ ඉතිහාසයක් ඇත.කලරිවලට ඇත්තේ වසර 5000 ක් වැනි සුළු ඉතිහාසයක් පමණි.එමෙන්ම බැලූ බැල්මට අංගම්පොරවලට යම් යම් සමානකම්ද ඇත.ඔවුන්ගේ සටන්ක්‍රමය තුල ඇස් අතපය බැඳසටන්කිරීම,කාල-හෝරා බලා පහරදී ඝාතනයකිරීම, ඉලංගක්කාර සටන් ක්‍රමවේද,මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතය ආදී දියුණු සටන් තාක්ෂණික ක්‍රමවේද දක්නට නැත.එම නිසාවෙන්ම කලරිපයාට් සටන්ශාස්ත්‍රය අංගම් ශාස්ත්‍රයට සමානකිරීම ඔවුන් කරනා ලොකුම මෝඩකමකි,එහි තිබෙන ශ්‍රී නාමයට හානි කිරීමකි.අදහක් ප්‍රකාශකිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබුණද මෙවැනි ව්‍යාජ මතයන් සමාජගතකිරීමේ අයිතියක් කිසිවෙකුට නැත.එම නිසා මේ රටේ වගකිව යුතු පාර්ශවය ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස මෙයින් ඉල්ලාසිටිමි.

    ReplyDelete