Fake Angam Gurus හෝ අංගංහොරු යනු....

අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ඉතිහාසයේ කවරකමදාකවත් ක්‍රීඩාවක් නොවීය. එය රට, ජාතිය හා ආගම සමඟ ප්‍රතිබද්ධවූ ‍‍ගරු ගාම්භිර වූ පූජිත සම්ප්‍රදායකි. මෙය අද්‍යතනය වන තෙක්ම ඉතාමත් රහසිගතව පරදේශක්කාර‍යින්ගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට භාජනය වෙමින් පාරම්පරිකව ආරක්ෂා කර ගෙන පැමිණි අතර ඉතාමත් රහසිගත මට්ටමේ පැවතුනකි. මෑත කාලීන දඬුබස්නාමානය (අංගම්පොර සටන් ශිල්පය ගැන කියවෙන්නක් වුවද අංගම්පොර සටන් ශිල්පය භාවිතා නොවෙන ටෙලි නාට්‍යයකි) වැනි ටෙලි නිර්මාණ නිසා මේ රටේ අංගම්පොර ශිල්පය පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නට පටන් ගත්තේ ය. නමුත් එයින් සැබෑ අංගම්පොර ශිල්පයට හෝ ශිල්පීන්ට වූ සුගතියක් නැත. එයින් සැබෑවටම සිදුවන්නේ මුදල් වෙනුවෙන් තම මාපියන් වුවද විකුණන, දකුණු ඉන්දියානු දෙමළ සටන් ශිල්ප හදාරන ලද්දවුන් කිහිපදෙනෙක් ඔවුන් අංගම්පොර ශිල්පීන් ලෙස ඉදිරිපත්වී, රූපවාහිණී හා වෙනත් මාධ්‍ය දඩයමක් සිදුකරමින් තම බඩවියත රැක ගැනීමට පටන් ගැනීම පමණි.

No comments:

Post a Comment