අංගංහොරු බ්ලොග්කරණය ගැන පාඨක ඇගයීම්

මෙම බ්ලොක් සමූහයේ සැබෑ අරමුණ වන්නේ සැබෑ සටන් ශාස්ත්‍රය අද කල එලි බැද ඇති සටන් සම්ප්‍රදායට කිසිඳු සම්බන්ධයක් නැති චෞරයන්ගෙන් බේරාගැනීමයි. ඒ මිසක කිසිඳු අයෙකු පිළිබඳව ඇති පෞද්ගලික ගැටුමක් නිසා නොවන බව තේරුම් ගත යුතු ය. මෙවන් වූ අරමුණකින් බිහිවූ අංගම්හොරු බ්ලොග් සමූහය පිළිබඳව පාඨක ඇගයීම් ඔවුන්ගේ වචන වලින්ම මෙහිදී දක්වනු ලැබේ. පෞද්ගලිකත්වය ආරක්ෂා වීම සඳහා ඇගයීම සිදු කරන්නාගේ විස්තර ඇතුළත් නොකනු ඇත.

ඔබ තුමන්ලා බොදු  සිංහලයින්ගේ උරුමයන් වෙනුවෙන් පෙනී සිටීම අගය කොට සලකමි ඔබට බුදු සරණයි

Wed, Mar 7, 2012 at 9:18 PM

ඔබ කරන්නේ ඉතා හොඳ වැඩක්. ඔබගේ ලිපි දැක්කාම මට සිහි වෙන්නේ, විජය රජුගෙන් එහාගිය ලංකාවේ සැබැ ඉතිහාසය සොයා යන පිරිසකුත් සිංහල බ්ලොග් අවකාශයේ සිටින බවයි. ඔබල සියළුදෙනාගේම පොදු ලක්ෂණය වන්නේ, ලාබ ප්‍රොයෝජන කිසිත් නැතිව සැබෑවටම ලංකාවට ආදරය කිරීමයි. ඔබගේ සත් කාර්යය දිගටම කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරනවා. 

Mon, Mar 12, 2012 at 1:14 PM

අපේකම අපේ උන්ට අමතක වුනු මෙවන් අවධියක අපගේ උරුමයන් මෙතෙක් කල් ආරක්ෂා කරගෙන පැමිණියාට සහ ඉදිරියටත් එසේ කරන ඔබටත් ඔබගේ පරම්පරාවටත් අනෙකුත් අංගම් පරම්පරාවන්ටත් මාගේ ස්තුතිය.

Fri, Mar 2, 2012 at 12:33 PM

ලංකාවෙ ඉතිහාසෙ හොයද්දි තමා එක එක වර්ගයේ ඉතිහාස හොරු මුණ ගැහෙන්නෙ. ඒත් ඒක සාමාන්‍ය අයට කිව්වම පිළිගන්න අකමැතියි. ඒ වගේම තරහත් යනව මේ ගොඩක් අය හොරු වුණේ කොහොමද කියල. ඒත් ඇත්ත එහෙම තමයි. මේ හොරු ඉදිරියට ඇවිත් කරන බොරු නිසා ඇත්ත ඉතිහාසෙ වලපල්ලටම යනව.

කොහොමත් අංගම් සටන් කලාවත් ඒ වගේම තමයි. සැබෑ පිරිස හොයාගන්න අපහසුයි.

කොහොමත් අපි අගය කරන වැඩක් මේක.

සැබෑ පිරිස අප‍්‍රචලිතව හෝ සිටීම ජාතියට හොඳයි.

Monday, January 24, 2011 10:54:00 PM

හිතවත් අංගම්පොඩි, ඔබ විවෘත්තව අදහස් දැක්වීම ගැන සන්තෝෂයි. කාලේ හැටියට ඉල්ංගක්කාරකම් හොදා. ඌරාවලට වඩා.
Friday, May 20, 2011 2:20:00 PM

මා මේ බ්ලොගය දැනට මාස 6 ට ආසන්න කාලයක් තිස්සේ, විශ්ලේෂණය කරන අතර, මෙම ලිපිය ලියන්නේ අංගම් උන්ගන්වන්නාවූ ගුරුවරයන් ගැන විවේචනය කිරීමට නොවේ. එසේ විවේචනය කරනවට වඩා මාගේ අරමුණ වන්නේ නියම අංගම කලාවට ආදරය කරන කෙනෙකු හැටියට, අංගම් ශාස්ත්‍රය ඉගෙනගැනීම ඉතාම වටිනා දෙයක් නිසාය . එහෙත් සබැ අංගම්පොර කලාව ගැන සමාජයට ඉදිරිපත් කරන්නාවූ කරුණු සහ ඒසදහා ඔබ කරන්නාවූ මෙහෙය ඉතාමත් අගයකොට සලකමි.
Fri, May 20, 2011 at 1:34 PM

අංගම් හොරු පිලිබඳ ඔබතුමාගේ blog අඩවිය කියවීමට මට අවස්ථාවක් ලැබුණි. ඔබතුමා කරන්නේ ඉතා වටිනා හෙලිදරව්වක් බව පැවසීමට කැමැත්තෙමි. පසුගිය වසරේ මුල් කාලයේදී දඬුබස්නාමානය නම් නාට්‍යය නැරඹිමෙන් පසු මට ද මෙය ඉගෙනීමට සිත් වුවත්, පවතින කාර්යබහුල තත්ව යටතේ එය කල නොහැකි විය! ඉගෙනීමට ගුරුවරයෙකු පිලිබඳ අදහසක් තිබුනත්, මේ හෙලිදරව්වෙන් පසු මම ඒ අදහස වෙනස් කරගතිමි!
Sun, May 22, 2011 at 9:45 AM

ඔබගේ මෙම කාර්ය බොහොම අගය කට යුත්තක්. මෙවැනි ක්‍රියාවක් කිරීමට තරම් එඩිතර වීම ගැන සන්තෝෂයි. නමුත් ඔබ විවෘත්තව පැමිණ මෙම ශාස්ත්‍රය ලෝකයට හෙළි නොකිරීම ගැන නම් කණගාටුයි. ඇත්තටම කවදාවත් සැබෑ ශිල්පය අපට දකින්න නොලැබෙයි ද?
Monday, May 23, 2011 2:20:00 AM


වැඩේ බොහොම ප්‍රසනසනීයඉ. එත් පරිස්සමෙන්. මේ බ්ලොග් එකේ ඉන්න හොරු ගැන ලියන්න නම් මේ බ්ලොග් එක මදි. එක එක්කෙනාට වෙන වෙනම ඒවා ලියන්න වේවි
Wednesday, June 01, 2011 1:40:00 PM


මම ඔබතුමාගෙ ලිපි සියල්ලම වගේ කියෙව්ව..හැබැයි මට මේ හැම එකකින්ම විවිධ ප්‍රෂ්ණ හිතට ආව.නමුත් අවසානයෙ මට හිතෙන්නෙ වෙනම දෙයක්..මම සටන් කලාවන්ට ‍බොහොම ආදරය කරන කෙනෙක්..මේ හොරු හැමෝම උඩට ඇවිල්ල ඉන්නෙ ඇත්ත අංගම් කලාව ගැන ඇත්ත සාක්ෂි කිසිම දෙයක් මිනිස්සු නොදන්න නිසා..මේ පරම්පරාවල් තාම ඉන්නවද කියන එකත් රහසක්නෙ..සේනකල වගේ හොරුනම් උස්සල තිබ්බෙ මාධ්‍යනෙ...

...ඇත්තටම මේ අංගම් ශිල්පීන් තාම ඉන්නවද..?? අනික මම ඉගෙන ගත්ත වූෂු කලාව අනුවනම් වෙදකම‍ නොදන්න සටන් ශිල්පියා තනි කකුලෙන් ඇවිදින කෙ‍නෙක් වගේලු..තාම මේ පිරිසිදු ශිල්පය ලංකාවෙ තියෙනවද?? තියෙනවනම් කොහෙද.?? ඒ පරම්පරාවල් මොනවද?? වරදවා හිතන්න එපා ප්‍රෂ්ණ කලාට..ඒත් මම මේ ගැන ගොඩාක් උනන්දුයි..මොකද මම බොහොම තදින විශ්වාස කරනව..මේ බොහොමයක් තාක්ෂණික දේවල් වල සහ අධ්‍යාත්මික දේවල් වල මූල වස්තු මගෙ රටින් බිහිඋන දේවල් කියල. මම ඉස්කෝලෙ යන කාලෙ ඉදල මේ ගැන හොයනව..ඒත් මට අද වෙනතුරුත් කිසිම දෙයක් හොයාගන්න ලැබුනෙ නෑ..ඔබතුමාගෙ ලිපි දැකල ලැබුන සතුට නිසාමයි මෙහෙම මේල් එකක් එවන්න හිතුනෙ...
Saturday, June 4, 2011 at 3:20 PM

මමත් ගුරෙක්ගෙන් සටන් කලාවක් ඉගෙන ගත්තා... පස්සේ මට තේරුණා එකා හොරෙක් කියලා.දැන් වැඩි හරියක් ඉන්නේ හොරු.අපේ ශ්‍රී ලාංකික උරුමයක් වෙන අංගම්සටන් කලාව හොරුන්ගෙන් රැක ගන්න විදිමත් වැඩ පිළිවෙලක් ගේන්න කාලය හරි.

අනික වෙන රටවල් තමන්ගේ පාරම්පරික සටන් ක්‍රම ආරක්ෂා කරන්න විදිමත් වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියනවා නමුත් අපේ රටේ තාම එහෙම දෙයක් නෑ . මේ blog එක කරන කෙනාට බොහොම පිං මෙහෙම හරි අපේ සංස්කෘතික උරුමයක් විනාශ කරන්න හදන හොරුන්ගෙන් බේරගන්න ගදන එකට......
Wednesday, June 22, 2011 6:37:00 PM

ඔය හොරු ගැන හෙලිදරව්ව දිගටම කරගෙන යන්න..කවුරු මොනවා කිව්වත් කලත්,අපි හැමදා ඔබලත් එක්කයි අපේකම වෙනුවෙන්...ඔබටත් තෙරුවන් සරණයි....
Monday, July 11, 2011 6:37:00 PM

අංගම් පොර පිලිබදව සත්‍ය අපට ඉදිරි පත් කරන ඔබට අම මහා නිවන් සම්පත්තිය ලන්නට හේතු වසන වේවා.
Thu, Sep 29, 2011 at 7:34 PM

මේ කාලේත් ඉතින් වචීපරමයන් සිටින කලියුගයනේ.ඒ නිසා මොනව වුණත් මේ අති උතුම් ශිල්පය රැකගැනීමේ අයිතිය පැවරිලා තිබෙන්නේ ඔබලාටමයි.
Friday, December 13, 2013 12:33:00 PM

මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් අන්ගම් ශිල්පය ගැනට බොහෝ තොරතුරු සෙවීමට කාලය ඇත.ඒ සදහා ඔබ ලබාදුන් සහයෝගයට ස්තූතියි !
Friday, December 20, 2013 10:05:00 AM

ශාඔලින් සටන් කලාව මෙතරම් අලංකාර නම් ඔබතුමාගේ පැහැදිලි කිරීම් අනුව අංගම් සටන් කෙතරම් අලංකාර දැයි සිතාගත නොහැක .කවදා හෝ ඒවා දැකගැනීමට අපටත් වාසනාව උදාවේවා යන්න මාගේ පැතුමයි.ඔබතුමන් ඇතුළු අංගම්පොර රක්ෂා කරන උදවියට දළදා සමිදු පිහිටයි
Saturday, December 21, 2013 9:19:00 PM

ඔබේ ඇගයීම පහත ලිපිනයට ඊමේල් කරන්න...
fakeangampora@gmail.com