පරසුද්න් හා කළුසුද්දන්ගේ වාචාලකම් හා "අතර පොර"


කෝට්ටේ බුවනෙකබාහු විසින් පර සුද්දන්ට කඩේ ගොස් කොට්ටේ රාජධානිය පරයන්ට කඩේ යන කලුසුද්දන්ගේ රාජධානීයක් බවට පත් කෙරුණේ මීට වසර 400කට එපිටදීය. ඒ නිසාවෙන්ම දෝ අද කෝට්ටේ අංගම්මඩුව (සැබවින්ම ඉලව්මඩුවකි) යයි නම් තබාගෙන කටයුතු කරන අංගම් චෞරයින්ද සුද්දන්ට ක‍ඩේ යන්නේ උන්ගේ පශ්චාත් භාගයේ දුර්ගන්ධය නොතේරෙන සුනඛයින් ලෙසිනි. සුද්දන්ට කඩේ යමින් කරුණාපාලගේ ඉන්ටනෙට් වීරත්වය පවත්වාගෙන යාමේ අසාර්ථක උත්සාහයක යෙදෙන ඉලව් මඩුවේ ‍එකෙකු කරන ලද ප්‍රකාශයක් ගැන කතා නොකරම බැරි ය.  ඉංගිරිසි කාරයන්ට කඩේ යන මූ කියන්නේ "ANGAM our great martial art not a someone's PRIVATE PROPERTY." යනුවෙනි. මූට මේක තේරුණාට ඉංග්‍රීසි ව්‍යාකරණය හැදෑරූ එකෙකුට නම් මුගේ නොදන්නාකම අවබෝධ කර ගැනීමෙන් ‍පසුව මිය මෙහි තේරුම තෝරාගත නොහැකි වනු ඇත. මන්ද මෙය ආඛ්‍යාත්යකින් තොර (ඉංග්‍රීසියෙන් නම් verb එකක් නැති) වාක්‍යයක් වීම ය. සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකෑමට දන්නා මුන් හරිහමන් විදිහට උන්ගේ භාෂාව වත් අධ්‍යයනය කොට නැත. කෙසේ වුවත් අපට ඒකෙන් වැඩක් නැත. මෙම ‍කරුණාපාල අංගම් චෞරයාගේ ගෝලයා ව්‍යාකරණ වරද්දමින් කියන කතාවේ හරය තුළ පහර ගසන්නේ අපට ය. එනම් අංගම්හොරු බ්ලොග් සමූහයට ය.  

අප විසින් කිසිඳ අවස්ථාවක අංගම්පොර යනු අපේ පුද්ගලික බූදලයක් ලෙස අර්ථ දක්වා නැති අතර එය සැබවින්ම අපේ පුද්ගලික දේපලක් නම් අප කරුණාපාලලාට කළ යුත්තේ කුමක්දැයි ද හොඳින් දනිමු. අංගම්පොර යනු "හෙළයන්ගේ" ගෞරවණීය දේපලකි. හෙළයන් යනු යක්ෂ, දේව, නාග ආදී ඉපැරණි හෙළ ගෝත්‍රයන්ගෙන් පැවත එන මේ රටට තම ප්‍රාණ සමානව ආදරය කරන සිංහලයන් මිස සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකමින් උන්ට අංගම්පොර නමින් ඉලව්වක් උගන්වමින් උන්ට පනික්කි තනතුරු දෙන හිවලුන් නොවේ. ඒ නිසාවෙන්ම කරුණාපාලලාට අංගම්පොර ගැන කිසිඳු අයිතියක් හෝ ආදරයක් නොමැති බව නම් අපි දනිමු. පර සුද්දා මෙයට කොමෙන්ටුවක් යොදමින් ප්‍රකාශ කරන්නේ අප විසින් අංගම්පොර මමය මගේය කියා ප්‍රකාශ කරන බවයි. ඒ හම්පඩ සුද්දා දන්නා තරම ය. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, අප්‍රිකාව වැනි අනුන්ගේ රටවල් අල්ලා ගනිමින් ඒ රටවල ස්වදේශිකයන් වලපල්ලට ඇද දමමින් තමන්ගේ පැවැත්ම ශතවර්ෂ ගණනාවක් සිට අනුන්ගේ ලේ කඳුළු තුළින් නිර්මාණය කර ගත් යුරෝපියයන් දන්නා අපේකමක් නැත. උන් අපේකමට කියන්නේ Ego (මමත්වය) කියා ය. මන්ද වෙනත් ජාතීන්ගේ සාරය උරාබීම ලෙයින්ම උරුම කර ගත් උන්ට අපේ කම යන්නේ ඇති උත්තරීතර භාවය වැටහෙන්නේ නැත. අපි උපන්නේ, ජීවත්වෙන්නේ හා මියයන්නේ අපේ කම වෙනුවෙන් බව පර සුද්දාගේ පශ්චාත් භාගය ලෙවකන මේ බත් බැලයින්ට වත් නොතේරීම අපේ ජාතීයේ අවාසනාව ය.

අනෙක් කරුණ වන්නේ අංගම් මඩු කිණිතබමින්, අප වීරෝධාර අංගම්පොර ශිල්පීන්ගේ දණහිසින් පහළට වෙඩි තබමින් මෙම ශාස්ත්‍රය විනාශ කිරීමට එදා උත්සාහ කළ පර සුද්දෙකුට මේ ශාස්ත්‍රය ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්ද යන්නයි. කික් බොක්ෂින් වැනි සටන් ක්‍රමයක් උගෙන ගෙන එය අංගම්පොර නම් උත්තරීතර නාමය භාවිතා කරමින් යුරෝපය පුරා විකුණමින් අප ජාතික කොඩිය, බුදු දහම හා අප සාම්ප්‍රදායික වටිනාකම් විකිණීමට පර සුද්දෙකුට බලපත්‍ර දුන් කරුණාපාලලාට සාප වනවා ඇත. කරුණාපාලලා මතක තබා ගත යුතු එක් සරළ සත්‍යයක් ඇත. එනම් බුදු රදුන්ට තෙවතාවක් පූජා කරන ලද මේ පින් බිමට  එහි සම්ප්‍රදායන්ට නිගරු කළ කිසිවෙක් හිතේ සතුටින් මිය ගියේ නොමැති බවයි. එම නිසා හතර අපායේ දොරටු දැනටමත් කරුණාපාලට විවෘත වී ඇති බවට සැක නැත. කරුණාපාලගේ පාරේ යමින් සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකන උන්ටද එකම ටිකට් එකකින් එම දොරටුව පසු කර ගත හැකි බව පසක් කරමු. මේ රටට හා මේ රටේ උත්තරීතර අංගම්පොර සම්ප්‍රදායට අරක්ගත් මහසෙන්, රාවණා ආදී දෙවිවරුන්ගෙ සාපයෙන් ඔබලාට මිදිය නොහැකි බව සිහි තබා ගත යුතු ය.

අංගම්පොර අතර පොර හා ඉතිහාස විකුර්තිය

කරුණාපාලයේ විකුර්ති ඉතිහාසයෙන් මනස කුරුවල් වූ බත් කන ගවයා අජන්තගේ වෙබ් අඩවියේ ඇති ලිපියක් උපුටා දක්වමින් මෙතන දී ප්‍රකාශ කරන්නේ "මුල්ලෙරියා සටනෙදි රෑ හැන්ගිලා කරපු මගුලක් නෑ. පරන්ගියා ගහනකොට මුල්ලෙරියා වෙලට ගෙන්නගන්න එතනට එනකල් පසුබැස්සා, එතනදි උන්ගෙ යකඩ සපත්තු මඩේ එරෙද්දි තුවක්කු ලෝඩ් කරන්න කලින් කඩු ගෑවා. 1600ක් පරන්ගි මැරුනා. රෑ හොරෙන් ගිහින් නිදාගෙන ඉන්න උන්ට කඩුවකින් කොටන්න තරම් ගෙම්බෙක්ද ටිකිරි කුමාරයා?". අජන්තලා හා කරුණාපාලලා ඕනෑතරම් ඉන්ටර්නෙට් එකේ අවලාද කියා ගත්තාට අපට කම් නැත. නමුත් නිවැරදි ඉතිහාසය විකෘති කරමින් ජන විඥානය විනාශ කිරීමට ශෝක ජනක ය. තම තමන්ගේ කාර්යයන් කර ගත යුත්තේ ඉතිහාසය අත නොතබමිනි. ලංකා ඉතිහාසයේ බිහිවූ ප්‍රභල රාජධානියක් වූ සීතාවක රාජධානියේ අග්‍ර ඵලය ලෙස ටිකිරි කුමරා නොහොත් පළමුවන රාජසිංහ රජතුමා ගෞරවයෙන් අදටත් ලංකාවේ සතර දික් භාගයේ සිටින අංගම්පොර ශිල්පීන් සිහිපත් කරන්නේ රාසිං දෙවියන් නමින් හඳුන්වමිනි. රාජසිංහ රජු යනු අජන්තගේ බූදලක් නොවේ. අජන්ත කොරතොට ආරච්චිවරුන්ගෙන් පැවත එන්නෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම රාසිං දෙවියන් ඇදහිය යුතු ය. එයට හේතුව මුල්ලේරියා යුද්ධයේදී කොරතොට ආරච්චිවරුන් හා එකතු වී රාජසිංහයන් යුධ කළ නිසාවෙනි. පිටිපස්සේන් ගොස් බෙල්ල කැපීම අද යුද්ධ වලදී සිද්ධ වුවද ලංකාවේ කිසිඳු යුද්ධයකදී සිදු වී නැත. මුල්ලේරියා වෙල යනු සපත්තු එරීමට තරම් මඩ ගොහොරුවක් නොවේ. එය අදටද සනාථ කර ගත හැකිය. මුල්ලේරියාව වෙල අසලට වත් ගොස් නැති මේ බත් බැලයා තමන්ගේ මන දොල පුරවා ගැනීම සඳහා රාසිං දෙයියන්ට ද අපහාස කරනුයේ ඌ දන්නා මඟුලක් නැති බව නොකියා අනෙක් අයට පසක් කරමිනි. 

පෙර අවස්ථාවේදී ඉතිහාසය දන්නාක් මෙන් කථා ගළ මොහු
"මං කිව්වේ ඇත්තද?" කියා ‍අපගෙන් අසන්නේ දෙවනුව ය.
පරංගීන්ගේ තුවක්කුවල උණ්ඩ හිරවෙන්නට මැතිරීමට හැකියාව ඇති මායා අංගං කරුවන් එදා සිටි අතර උණ්ඩ කොටා කොකා ගැස්සීමට පෙර උන්ගේ බෙල්ලට පැන කපා දෙපලු කිරීමට අප වීර සෙබලුන් එදා සමත් විය. මේ බව රාජාවලියේ පැහැදිලිව සඳහන් වේ. ‍විකි බුක්ස්හි ඇති මෙම ලිපියේ පිටු අංක 226 සිට කියවන්න. "මායාදුන්නේ රජ උකුත් වූ බව අසා ධර්මපාල රජ කෝට්ටේ සේනාවත් ප්රාතිකාල් සේනාවත් පිටත්ව ඇවිදින් මාඒදණ්ඩේ වාඩි ලූවාහ. පසුවදා වේරගොඩ යන ගම වාඩි ලූවාහ. මාඒදණ්ඩට ප්රවතිකානෝ ආ හැටියේ ම සීතාවකට ගොසින් යුද්ධයට එන බව රාජසිංහ රජ්ජුරුවන්ඩ සැළ කළ විට මහාසේනාව පිරිව‍රාගෙන රාජසිංහ රජ හේවාගම වාඩි ලා සිට වික්රනමසිංහ මුදලින් පෙරමුණේට ගොසින් මුල්ලේරියාව යන ගමදි ප්ර්තිකානුන් දැකලා යුද්ධපුණ්ඩුව වික්රලමසිංහ මුදලි‍නගෙන් දහස් ගණන් සේනාව වැටී වික්රාමසිංහ මුදලින් තුවාලව බිඳී හේවාගමට ගියාහ. ප්රනතිකානෝ කොටා ජයගෙන මුල්ලේරියාවේ වාඩි ලූවාහ. වික්ර මසිංහ මුදලින් බිඳී ගියසැටි රාජසිංහ රජු දැකලා වමදකුණ පලිසක්කාරයින් හා දෙබාගේ ඇතුන් හැ අතුරුගිරි කෝරළය හේවාගම කෝරළය කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදාදොළහ හේවයින් ගෙන්නවා ඉලංගම්වල පලිසක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා ප්රපතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ. පස්සපොරොත්තුවෙන් ගිය හමුදාවත් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දරබාගෙන් වීරහස්ති කියන ඇතා කොඩියක් ගතිය. විජයසුන්දරබාගෙ ෙළුරාවණයා කියන ඇතා පලිසකුත් දම්වැලකුත් ගතිය. රාජසිංහ රජ අසුපිටට පැනනැගී මහාසේනාව පස්සට වෙන්ඩ නෑර ප්ර තිකාන්න්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ඇත් අස් සෙනඟත් එකට කලබැගෑනිව ප්රවතිකානුන්ගේ තුවක්කුවල‍ට වෙඩිබේත් දමන්ඩ නොදී කොටන කල පලිසක්කාරයොත් ප්රබතිකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප්රාතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජ අසුට නැගී විහිදුවා සේනාව වටකර දුවමින් රණයුද ‍ගිනිකෙළි කළ කොටන විට දුරුතුමස මිහිදුම් මෙන් වෙඩිදම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේවතුරු කොට ප්රිතිකාල් සේනාවට අඩියක්වත්  පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් සසියයක් ප්රයතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන කීපදෙනෙකුත් කොටා වැටුණාහ. රාජසිංහ රජ රණකෙළි කෙළ ජයගෙන කොරතොට  හේවාගම ආරච්චිවරුන් හා හෝකන්දර රදාහේවා දොළහ ළඟට ගෙන්වා පස්ස පොරොත්තුවට පැනලා කෙටුවාට තාන්නමානන් දී අද පටන් හේවාකම් කර ජයගත් නිසා හේවාගම් කෝරළය නම් තිබා වදාරා එදා පටන් හේවාගම් කෝරළය නම් පැවත එනවයි දැනගත යුතුයි. පාස්සවාංගුව ගෙන සිට කඩුදෙවොල රග්ගහවත්ත අමුණුගිල්ම බදවා කොටුවක් බඳවා කාලතුවක්කුත් කොටුදෙකොණින් හදවාගෙන කඩුදෙවොල රග්ගහවත්තෙන් පහළ ගම්වල හිර හීතාවකට පිටත් කර ඇරලා ඒ ගම් පාළුකර හීතාවකට වැඩිසේක."

මම කාටවත් කඩේ යන්නේ නැහැ. මට මේ ශිල්පය ගැන හොයන කෙනෙක් කියා අපහට ලිපියක් ‍එවන මොහු ඉතිහාස කතාව යට දමා ඇත්තේ කරුණාපාලගේ වෙබ් අඩවියෙන් ඉතිහාසය උගෙන ගන්නා ලෙස ය. දැරණියගලගේ හෙළයේ ත්‍රාස්‍ය ජනක ක්‍රීඩා පොතේ ඇති කරුණු වලින් තොර කිසිඳු ඉතිහාස කරුණක් කරුණාපාලගේ වෙබ් අඩවියේ නොමැති නිසාත්, මෙයට වඩා ඕනෑතර්ම් මුල්ලේරියා සටන ගැන ලියැවුණු ලිපි ‍අන්තර්ජාලයේ ඇති බැවිණුත් මොහුගේ අපක්ෂපාතීත්වය අප ලෙහෙසියෙන්ම මැන ගත හැකි ය. 

අප මෙසේ කියන්නේ රාජාවලිය ඇතුළු ඉතිහාසයේ ඔප්පු කළ හැකි සාක්ෂි තිබෙන නිසා මිස අජන්තට කඩේ යන නිසා යයි වරදවා වටහා ගෙන මොකෙක් හරි අන්වර්ත නාමයකින් පෙනී සිට "අංගංහොරු කියන්නේ අජන්තගේ වැඩක්" කියා අපහට අවමන් කිරීමට නොවේ. ඇත්ත කියන්න සිංහලයා බය නැත. ඒ නිසාවෙන්ම අජන්ත ඔහුගේ ලිපියේ කියා ඇති තොරතුරු නිවැරදි බවත් මේ කරුණාපාලගේ බත් පිඟානට ලෝබකමින් ඔහුට කඩේ යන බත් බැලයා කියන්නේ මුග්ධ ප්‍රකාශයක් බවත් පැහැදිලිව ප්‍රකාශ කරමු.

කෙසේ වෙතත් අජන්තට හා කරුණාපාලට කිව යුත්තේ සරළ කතාවකි. තම තමන්ගේ කාර්යය් කරගෙන යන්න ඉතිහාසය විකෘති නොකරන්න. මේ රටේ සටන් ඉතිහාසය යනු මේ රටේ සටන් ශිල්පයේ ජීවයයි. එයට අත නොතබන්න.