සිව්හෙලය නොදන්නා සිව්හෙළු අංගම් සම්මේලනයේ ප්‍රදර්ශන කුටිය

සිව්හෙළය යනු මේ රටේ යක්ෂ, රාක්ෂ, දේව හා නාග යන සිව් ගෝත්‍රයන්ට ය. මෙම උතුම් මුතුන්මිත්තන් සතුවූ කලා ශිල්ප කෙතරම් ප්‍රභල වූවාද යත් ඒවා නිසාවෙන්ම මීට වසර 5000කට ඉහත යුගය ලංකාව අධිරාජ්‍යයක් බවට පත්වී තිබීමට හේතුපාදක විය. එවන් වූ සංස්කෘතියක යක්ෂ හා රාක්ෂ ගෝත්‍රිකයන්ගේ නිර්මිතයක් වූ අංගම් ශාස්ත්‍රය අදටත් නොනැසී පවත්වාගෙන එන හෙළ කලා ශිල්පයකි. කෙසේ වෙතත් ඊයේ පෙරේදා පඳුරු ගාණට බිහිවූ අංගම් ශිල්පීන් යයි කියා ගන්නා මුග්ධයින් පිරිසක්, කලු සුද්දන්ගෙන් නිර්මිත රජ්‍ය ක්‍රමයක් වන, වත්මන් රජයේ ස්ංස්කෘතික අමාත්‍යාංශය යයි, නීතියෙන් ප්‍රතිශ්ඨාපිත, සංස්කෘතිය නොදන්නා ඇමතිවරයෙකුගෙන් සැදුම්ලත් බඩගෝස්තරවාදී ප්‍රජාත්න්ත්‍රවාදී ආයතනයේ උදව්වෙන් හතරකොණම හෙළුවෙන් යන තේරුම ඇතිව (විය යුතුය) ඇතිකර ගත්,  සිව්හෙළ (සිව්හෙළු) අංගම් ශිල්ප කලා සම්මේලනයේ හෙළුව විවෘත වූ එක් අවස්ථාවක් ලෙස දැයට කිරුළ ප්‍රදර්ශනය දැක්විය හැකි ය. ඍජුෆෝම් කෑලි ටිකක පාට කොට දේශීයත්වයට නිගා දෙමින් ඔවු අටවා ගත් ප්‍රදර්ණය කුටියට ගිය අපට පශ්චාත් භාගයෙන් සිනහ පහළ වූවා යයි කීවොත් නිවැරදි ය. 

සැබෑ අංගම්පොර ශිල්පීන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ “පරම්පරාවට ලැබී ඇති අවිආයුධ, පැරණි ලියකියවිලි, පුස්කොලපොත් ආදිය සතු වීම හා ඒවා ආරක්ෂා කිරීම“ යන්නයි. නමුත් පැරණි ආයුධ වෙනුවට බාල ලෙස සකස් කරණ ලද විදේශීය මුහුණුවරක් ගන්නා කඩු යයි කී යකඩ කෑලි කිහිපයක් හා පත්තර කෑලි සමූයක් සමඟ තම තමාගේ ව්‍යාපාරික පොස්ටර් ටිකක් පමණක් තබා සකස් කරණ ලද මෙම කුටිය සැබවින්ම ලංකාවේ සංස්කෘතිය නියෝජනය කරනවා යයි කීම, සිහළුන්ට කරන නිගාවකි. 

“පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා නොදීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් නොවීම“ අංගම් ශිල්පියෙකුගේ මූලිකම ලක්ෂණය වුවද ෆස්ලි යන නමින් මුසල්මානුවෙකු ලෙස වෙස්වලාගෙන ගිය අප කණ්ඩායමේ එක් අයෙකුටද අංගම්පොර ඉගැන්වීමට සූදානම් වූයේ බණ්ඩාර නම් බලහැලි චෞරයාය. පෙරදා බිව් ගිණිවතුර තවමත් ඇස්දෙකින් ගිලිහී නොගියද ඔහු අංගම්පොර ගැන කියන්නේ හරි හරි පුදුම කතා ය. ඉන්දියාවෙන් ගෙනා ‘සලෝසයිට්‘ කඩුවක් අතේ තබාගෙන සිටි ඔහුගේ සමීපයේ වහනය වූ අරක්කු ගඳ නොවන්නට තව තව හොඳ කතා අසා ගැනීමට අප සාමාජිකයාට හැකිව තිබිණ.

කෙසේ වෙතත් හරි අපූරු පින්තූරයක් අප සාමාජිකයාගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබිණ. “අති දක්ෂ ලෙස අංගම් ශිල්ප ප්‍රගුණ කළ රජවරු“ යනුවෙන් අතින් ලියා ගැසූ කොළ කෑල්ලකි. වැදගත් වන්නේ කොළය නොව කොළය මත ලියා තිබූ රජවරුන්ගේ නම් ලයිස්තුවයි. එහි ඇත්තෙ රජවරු ගැන අපූරු තේරවිල්ලකි. එනම් රජවරු දොලහකගේ නම් කියවා අවසන් වන විට එතන සිටි සියලුම රජවරුන්ගේ එකතුව 11ක් වන්නේ කෙසේ ද යන හරි අපූරු තේරවිල්ලයි. ඉතිහාසය නොදන්නො සංස්කෘතික අමාත්‍යාංශයට සීතාවක රාජසිංහ රජු හා පළමුවන රාජසිංහ රජු යනු දෙදෙනෙක් වීම එයට හේතුවයි.

කටේ කිරි සුවඳ යන්නද පවා බැරිවුණා
යුද්ධෙට උපන් කුමරා යයි පතළ වුණා
මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා

අංගම්පොර යනු ඉතිහාසයක් සමඟ එන සටන් ක්‍රමයකි. ඉතිහාසය හා ඉතිහාසයේ සිටි සටන් කරුවන් යනු අංගම් ශාස්ත්‍රය හා ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් බද්ධ වූ පුරුකකි. එවන් වූ සටන් ශිල්පයක් හදාරන්නවුන් ඉතිහාසය දන්නේ නැත යන්න කෙලෙසකවත් සිදුවිය නොහැකි ය. මන්ද අංගම් ශාස්ත්‍රයේ එක් අංගයක් වන්නේ රණකෙළි ඉතිහාසයයි. මහසෙන් දෙවියන්, රාවණ්නා දෙවියන් හා රාසිං දෙවියන් යනු අංගම් ශාස්ත්‍රයේ දිව්‍යමය නෑ යකුන් ය. අද මොවුන් රජවරු දෙදෙනෙකු ලෙස දක්වා ඇත්තේ මෙම දේවයන් වහන්සේලාගෙන් තෙවැනි දෙවියන්ට ය. අංගම් ශාස්ත්‍රයට අන්තිම වතාවට ශාස්ත්‍රීය අංගයක් එකතු කළ ටිකිරි කුමාරයා, පළමුවන රාජසිංහ හෝ සීතාවක රාජසිංහ යනු එක් අයෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. බලේ බලේ රාසිං දෙයියන්ගේ බලේ ආදී ලෙස ජන සාහිත්‍ය හා ජන විඥානය තුළ ජනකවි කියැවුණ ටිකිරි කුමාරයා ගැන දැන ගැනීමට අංගම් ශාස්ත්‍රය හැදෑරීමට අවශ්‍යම යයි ද කිව යුතු නොවේ. මන්ද රාජාවලිය ඇතුළ පොත්පත් රාශියක මෙතුමා ගැන ලියැවී ඇති වාර අනන්තය.  එමනිසාවෙන්ම අපහට පැමිණිය හැකි උපකල්පනය හරිම සරළ ය. සංස්කෘතික ඇමති ඇතුළු අමාත්‍යාංශයම ඉතිහාසය නොදන්නා මුග්ධයින් පිරිසක් යන්නකි. 

කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නළ වතුරෙන් සැන්හෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ . .

අද මේ රටට වෙලා ඇති හෙණය මෙයයි. පුරාවිද්‍යා නිළධාරීන් සත්ව විද්‍යාව කළ පුද්ගලයෙකි. කෘෂිකර්ම ඇමති කුඹුරක නියරයකට පය නොතැබූ අයෙකි. එය එසේ වුවද මේ රටේ සංස්කෘතිය රකින්නට ‘ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ‘ පිහිටුවන ආණ්ඩුවට සංස්කෘතිය දන්නා එකෙක් සංස්කෘතික අමාත්‍යාංශයට දමා සංස්කෘතිය හා ඉතිහාසය දන්නා නිළධාරීන් පිරිසක් එම අමාත්‍යාංශයට යෙදවීමට නොහැකි වී ඇති බව පෙනේ. ඒ වෙනුවට වනිතාකටයුතු අමාත්‍යාංශය ලබා දිය යුත්තෙකු යොදවා ඇති බව පෙනේ.  සීතාවක රාජසිංහ ගැන නොදන්නා අයෙකුට අංගම්පොර කළ නොහැකිද ? යයි මුග්ධ ප්‍රශ්නයක් කාට හෝ නැගිය හැකි ය. එසේ නම් තිසරණය නොදැන බෞද්ධයෙකුද විය හැකිදැයි අපි ප්‍රශ්න කරමු. එසේ නම් තාත්තා ගැන නොදන්නා අවජාතක නොවන පුතෙකු ද සිටිය හැකි ය. මන්ද අංගම් ශාස්ත්‍රයට විශාල මෙහෙයක් කළ ජනී ජනයාගේ තොළ අග මතුළ සටන් කරුවා ගැන නොදැනීම සිදුවිය නොහැකි ය. මහසෙන් දෙවියන්ට හා රාවණ්නා දෙවියන්ට පුද පූජා කිරීමෙන් අනතුරුව අප පුදපූජා කරන වීරයෙක් වී නම් ඒ රාසිං දෙවියන් ය. එවන් වූ ශේෂ්ඨයෙකු ගැන නොදැනීම අංගම්පොර නොදැනීම මිස අන් කිසිවක් නොවේ.

මෙවැනි කාළකණ්ණි සංවිධාන එදත් බිහිවිය. අදත් බිහිවේ. හෙටත් බිහිවනු ඇත. රාවණ්ණා දෙවියන්ටත් විභීෂණලා බිහිවිය. බුදු හාමුදුරුවන්ටත් දේවදත්තලා බිහිවිය. අද අංගම් ශාස්ත්‍රයටත් බහිරවයෝ බිහිවී ඇත. මේ මුග්ධයින්ට උදව් කිරීමට මහව වැනි උත්තරීතර ගමකින් උපන් ඇමතිවරයෙක්ද සහයෝගය දීම ජාතියේ අවාසනාවක් මිස අන් කවරක්ද? කෙසේ වෙතත් කිව යුත්තේ මෙයයි. ඔබලා මේ සෙල්ලම් කරන්නේ වසර 25000කට අධික ඉතිහාසයකට උරුමකම් කියන මේ රටේ සංස්කෘතිය සමඟය. මේ රට ආරක්ෂා කළ උත්තරීතර සංස්කෘතික කළා ශ්ල්පයක් සමඟය. මෙය මෙලෙස විනාශ කිරීම යනු උඩබලාගෙන කෙලගසා ගැනීමක් වන කාලය වැඩි ඈතක නොවේ.

No comments:

Post a Comment