tag:blogger.com,1999:blog-70728872321534114342024-02-08T11:33:16.944-08:00Fake Angampora Gurus in Sri Lanka
The vulnerability of Sinhalese Traditions was found to be normal in all around history of this great land, Sri Lanka. The same normalization is now faced with our great traditional Sinhalese Martial Art, Angampora. We call this "One modern step to bring down Sinhalese traditions".
අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7072887232153411434.post-71282817398886715772012-11-07T11:19:00.004-08:002012-11-07T11:19:47.443-08:00ස්වර්ණවාහිනියේ අංගම්පොර අතුරුපස

එලොවටත් නැති මොලොවටත් නැති මිනිහෙක් ලෙස අබිලිං ප්‍රසිද්ධය. සිදුවීමක් වූ විගසම කටකතා පැතිරවීම අබිලිංගේ සිරිතය. එය ඇත්ත හෝ වේවා බොරු හෝ වේවා අබිලිංට එය “හොට් නිවුස්“ එකකි. කෝපි කඩයේ රඟ දැක්වෙන අබිලිං මාමාට දැන් දැන් තැනක් නැත. මන්ද අබිලිං මාමා පයෙන් බඩගාගෙන තොරතුරු ලබා දෙන්නටත් ප්‍රථම වෘත්තීය අබිලිං මාමලා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් එය ගමටම බෙදා හමාරය.

මෙවන්වූ අබිලිංලා නොහොත් මාධ්‍ය ක්ෂේත්රයේ අංගම්පොර අතුරුපස පිළිබඳව කරුණු ගෙනහැර දැක්වූ එකම එක අවස්ථාවන මෙය නොවේ. වසර දස දහස් ගණනක ඉතිහාසයේ හෙළ යක්ෂ ගෝත්‍රික මුතුන් මිත්තන් විසින් රහසිගත සටන් ශාස්ත්‍රයක් ලෙස මේ වන තෙක් පවත්වාගෙන ආ හෙළ සටන් ශාස්ත්‍රයට මුහුණ දීමට සිදුවූ විවිධාකාරී අභියෝග හමුවේ මෙය හිරු දුටු පිණි බිඳුවක් ලෙස බැලූ බැල්මට පෙනී ගියද මේ විනාශකාරී විෂබීජය සුලුපටු එකක් යයි අපට නම් පෙනී යන්නේ නැත. ඒ නිසාවෙන්ම සමාජය මේ පිළිබඳව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

2012 ඔක්තොම්බර් මස 10 වෙනි දින දහවල් 12 ට ස්වර්ණවාහිනී නම් පුද්ගලික හා ව්‍යාපාරික නාලිකාවේ ප්‍රකාශ වූයේ අමුතුම ආකාරයේ ප්රවෘත්තියකි. එම ප්‍රවෘත්තිය ඇසීමෙන් පසුව ඒ පිළිබඳව තොරතුරු සෙවීමේ අරමුණින් අප ශිල්පියෙක් විසින් ස්වර්ණවාහිනී මාධ්‍ය ව්‍යාපාරය අමතන ලදී. ඒ පිළිබඳ සංවාදය පහත පරිදිය.

(පිළිගැනීමේ නිළධාරිණිය විසින් ප්රවෘත්ති අංශයට යොමු කිරීමෙන් අනතුරුව)

ස්වර්ණවාහිණියේ ප්රවෘත්ති අංශ නිලධාරියා - හලෝ..

ශිල්පියා - ආයුබෝවන්, මට දැනගන්න අවශ්‍යයි අද දොලහේ ප්රවෘත්ති වලට ඔයාලගේ තලංගම පැත්තේ මිනී මැරුමක් සම්බන්ධයෙන් අංගම්පොර සටන් කරුවෙකු සම්බන්ධයි කියලා ප්‍රවෘත්තියක් ගියා.

නිලධාරියා - ඔව්

ශිල්පියා - ඒ ප්‍රවෘත්තිය ඔයාලට ලැබුනේ කොහොමද ඒකේ සත්‍ය අසත්‍යතාවය කොහොමද ඒ වගේම ඔයාලා කොහොමද අංගම්පොර කියන නම එතනට පාවිච්චි කලේ කියන එක.

නිලධාරියා - ඔබතුමා කවුද දන්නෑ.

ශිල්පියා - මම කතා කරන්නේ නුවරින්... (යම් අනන්‍යතාවක් පැහැදිලි කරයි.)... මට දැනගන්ට අවශ්‍ය මොකද ඒක ඒ ශාස්ත්‍රයට කරන ලොකු හානියක්. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඇයි එහෙම කිව්වේ ඒ කියන්නේ අංගම්පොර ශිල්පියෙක් කියන එක කිව්වේ කොහොමද කියන එක දැනගන්න අවශ්‍යයි.

නිලධාරියා -  ඉතින් ඒගොල්ලන්ගේ ගෙවල්වලින් කියන දේවල් තමයි ඒවා.

ශිල්පියා - එහෙම කියපු පලියට ඔයාලට පුළුවන්ද එහෙම කියන්න

නිලධාරියා - පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අපට කියලා තිබෙනවා සත්‍ය තොරතුරු අරගෙන අපට කියන්න පුළුවන්.

ශිල්පියා - ඔයාලා කොහොමද සත්‍යයි කියලා කියන්නේ ඒ ශිල්පියා අංගම්පොර ශිල්පියෙක් කියලා.

නිලධාරියා - සත්‍යයි කියලා කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් අපට සියලුම තොරතුර දීලයි තියෙන්නේ.

ශිල්පියා - කවුද පොලිස් මාධ්‍ය ප්‍රකාශක. මොන පොලීසියෙන්ද එහෙම කියන්නේ.

නිලධාරියා - ලංකාවට එක පොලිස් මාධ්‍ය ප්‍රකාශක කෙනයි ඉන්නේ. ඔයා ලංකාවේ නෙමෙයිද ඉන්නේ.

ශිල්පියා - මම ලංකාවේ තමයි ඉන්නේ. මම අහන්නේ මොන පොලීසියෙන්ද කවුද ඔයාලට තොරතුරු දුන්නේ.

නිලධාරියා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලංකාවේ කොහේටත් එකයි.

ශිල්පියා - ඔව් මම අහන්නේ කවුද කියලා. ඒ කියන්නේ ඔයාලට ඒ තොරතුරු ලැබුණු කෙනා කවුද? මොන පොලීසියෙන්ද කියන්නේ එයා අංගම්පොර ශිල්පියෙක් කියලා.

නිලධාරියා - පොලීසියෙන් නෙමෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්නවද?

ශිල්පියා - ඔවු නම කියන්න කවුද කියලා

නිලධාරියා - අජිත් රෝහණ

ශිල්පියා - එතකොට මම අජිත් රෝහණ මහත්තයද ඔයාට තොරතුරු දුන්නේ.

නිලධාරියා - එහෙන් තමයි අපිට ඔය තොරතුරු එවන්නේ. ඒවා සත්‍ය තොරතුරු.

ශිල්පියා - හරි එතකොට මම අජිත් රෝහණ මහත්තයව සම්බන්ධ කර ගත්තම හරි නේද. එතකොට කියන්න මේ මහත්තයද ඔයාලට තොරතුරු දීල තියෙන්නේ අංගම්පොර ශිල්පියෙක් කියලා.

නිලධාරියා - ඔව්. අපිට එන දේවල් මේ තොරතුරු ඔයාට මේවා බොරු කියන්න බැහැ.

ශිල්පියා - ඔව් හරි මම අහන්නේ ඒ තොරතුර ආවේ කොහොමද සහ මට ඒ පිළිබඳව හොයන්න අවශ්‍යයි.

නිලධාරියා - ඔයා හොයාගන්න මොකද අපි බැඳිල නැහැ ඔයාට තොරතුරු දෙන්න.

ශිල්පියා - නැහැ. ඔයාලට, මාධ්‍යවලට බැඳිල නැහැ කියලා කියන්න බැහැ. මාධ්‍යට වගකීමක් කියලා දෙයක් තියෙනවා ඔයාලට... හරි කොහොමහරි ඔයාලට තොරතුර ලැබෙන්නේ මාධ්‍ය ප්‍රකාශක හරහානේ. පොළිස් මාධ්‍ය ප්රකාශකගෙන්නේ. එතකොට මම එයාව සම්බන්ධ කර ගත්තම හරිනේ.

නිලධාරියා - ඔව්...

ශිල්පියා - හරි. (මම කතාකරන) ඔබතුමාගේ නම මොකක්ද?

නිලධාරියා - බීප්.... (දුරකථනය විසංධි කරයි.)

(මෙම සංවාදය සම්බන්ධ හඬ පටය අප සතු වුවද අපගේ රහසිගතභාවය ආරක්ෂා කරනු පිණිස ඉදිරිපත් කරනු නොලැබේ.)

ඉහත සංවාදයට මුල්වූ අපූරු ප්‍රවෘත්තිය පහත දක්වා ඇත. (මෙම වීඩියෝවේ ඇති දෙවන ප්රවෘත්තියයි)

“තලංගම් පැලවත්ත ප්‍රදේශයේ තරුණයෙක් ඊයේ රාත්‍රියේ අභිරහස් ලෙස ඝාතනය කර තිබෙනවා. ඝාතනයට සැක කරන අංගම්පොර සටන් කරුවෙකු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙසේ මිය ගොස් ඇත්තේ පැලවත්ත අලුත්පිටිය ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙක්.

මේ තරුණයා ඊයේ හවස නිවසින් පිටව ගොස් තිබෙන්නේ මිතුරෙකුගේ නිවසට යන බව පවසමින්. ඒ මිතුරට ලබා දීම සඳහා පරවියෙකුත් අරගෙනයි. නමුත් ඔහු ඊයේ රාත්‍රියේ යලි නිවසට පැමිණ නැහැ. ලැබී ඇති තොරතුරු අනුව ඔහු ඊයේ රාත්‍රිය මිතුරා සමඟ ගත කොට තිබෙනවා. ලාරා යනු ඔහුගේ මිතුරෙක්. ඔහුට අයත් ගරාජයේ ඊයේ රාත්‍රිය මෙලෙස ගත කර තිබෙනවා. එහි සිදුවූ සිදුවීමක් නිසා අසේලගේ මරණය සිදු වන්නට ඇති බවයි තලංගම පොලීසිය පවසන්නේ. අද පෙරවරුවේ ලාරාගේ ගරාජයට මීටර් 15ක් පමණ දුරින් අසේලගේ සිරුර හමුවී තිබෙනවා. මේ වන විට ලාරා සමඟ අසේලගේ මිතුරා ගමෙන් පැන ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ලාරා අංගම්පොර සටන් කරුවෙකු බවයි ඔවුන් ප්‍රකාශ කලේ. පවුලේ වැඩිමලා වූ අසේල දිළිඳු පවුලක දරුවෙක්. මිතුරන් නිසා ඔහු මීට කලින් මත්කුඩු වලට ඇබ්බැහි වී තිබෙනවා. පසුව ඉන් මිදුණු ඔහු යහපත් ජීවිතයක් ගත කළ බවයි අසේලගේ පියා ප්‍රකාශ කලේ. නරක ඇසුර නිසා අසේලට මේ ඉරණමට මුහුණ දීමට ඇති බවයි අසේලගේ පියා සැක කරන්නේ. සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.“

අංගම් ශාස්ත්‍රය සම්බන්ධයෙන් අල්පමාත්‍ර දැනුමක් නැති අයෙකුට මෙම ප්‍රවෘත්තියේ කිසිඳු ගැටලුවක් නොමැති බව පෙනී ගියද මේ රටේ කුමන හෝ සාම්ප්‍රදායික ශාස්ත්රයකට ගරු කරන යමෙකුට එය පැහැදිලිවම ගැටලුවක් වනු ඇත. කෙසේ වෙතත් එම ගැටලුව සාක්ච්ඡා කිරීමට ප්‍රථම මේ පිළිබඳව අප ස්වර්ණවාහිණියෙන් කළ දුරකථන විමසුම සලකා බැලිය යුතුය. මෙම අංගම් ශාස්ත්‍රය අතුරුපසට භාවිතා කළ අපූරු ප්‍රවෘත්තිය කණ වැකීමෙන් පැය භාගයක් යන්නට පෙර අප ශිල්පියෙකු විසින් ස්වර්ණවාහිණියට ලබා දුන් ඉහත දුරකථන ඇමතුම සලකා බලමු. උක්ත සිදුවීමෙන් පැනනගින ගැටලු පහත පදිරි ගොණු කළ හැකිය.

1. අංගම්පොර ශිල්පියෙක් යන්න තීරණය කළ හැක්කේ කෙසේද?

අංගම්පොර හෝ වේවා වෙනයම් හෝ ශාස්ත්‍රයක් හෝ වේවා හදාරන සිසුවකු එම ශාස්ත්රයේ ශිල්පියෙකු වීම හුදෙක් එම ශාස්ත්‍රය උගන්වන ආයතනයකට යාමෙන් පමණක් සිදුවන්නේද යන්න විමසිය යුතුය. උදාහරණයක් ලෙස උඩරට නැටුම් පන්තියකට හෝ කලායතනයකට යන සියලුම සිසුවන් උඩරට වෙස් නැට්ටුවෙකු වන්නේ නැත. ඒ සඳහා ඔහු වෙස් බැඳිය යුතුය. වෙස් බැඳීමෙන් පමණක් නර්තන සිසුවෙකු වෙස් නැට්ටුවෙකු බවට පත්වෙයි. මේ ආකාරයෙන්ම අංගම් ශාස්ත්‍රය හැදෑරීමට පැමිණෙන සිසුවෙකු අංගම්පොර සටන් කරුවෙකු හෝ අංගම් ශිල්පියෙකු වීමට නම් ඔහු අංගම් ශාස්ත්රයේ පළමු අදියර (අදියර 18ට වැඩි සංඛ්‍යාවක් පවතී) සම්පූර්ණ කිරීමේන්වත් සිදු නොවේ. එසේ ශිල්පියෙකු වීමට ඔහු මෙවන් අදියර නිශ්චිත සංඛ්‍යාවක් සම්පූර්ණ කොට (ඌරා ළිඳේ සටන්වල මූලික අදියරද ඇතුළුව) පනික්කි සටන්කරුවෙකු විය යුතුය. පනික්කි නම් වූ තනතුරට පත් වන තුරු ඔහු අංගම් ශිල්පියෙකු ලෙස පිළිගත නොහැකිය.

මෙහිදී පැහැදිලි කළ යුතු තවත් යමක් ඇත. එනම් නැටුම් පන්තියකට සහභාගී වන ඕනෑම සිසුවෙකු නැට්ටුවෙකු ලෙස සමාජය හඳුනා ගත්තද එය එසේ නොවේ. මෙය අංගම් ශාස්ත්‍රයටද ඒ අයුරින්ම අදාල වේ. මෙවන් ගැටලු ඇති වන නිසාවෙන්ම අංගම් ශාස්ත්රයේ මූලික දිවුරුමේදීම තම මාපියන් හැර වෙනත් කිසිවෙකුට තමන් අංගම් ශාස්ත්‍රය හදාරන බවට නන් නොදෙඩවිය යුතු බවට පොරොන්දු විය යුතුය.

2. ප්‍රවෘත්යේ තොරතුරු හා දුරකථනයෙන් උක්ත නිලධාරියා පවසන කරුණුවල ඇති පරස්පරතාව

ප්‍රවෘත්තිය තුළදී පළමුව මොවුන් සඳහන් කරන්නේ “ඝාතනයට සැක කරන අංගම්පොර සටන් කරුවෙකු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇති බවයි පොලීසිය පවසන්නේ.“ යනුවෙනි. එනම් ප්‍රේක්ෂකයාට හැඟී යන්නේ මෙම පුද්ගලයා අංගම්පොර සටන් කරුවෙකු බවට පොලීසිය හඳුනාගෙන ඇති බවයි. එසේත් නොමැතිනම් පොලීසිය පවසන බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තියේ අග භාගයට යන විට එම කතාව මදක් වෙනස් වී “මේ වන විට ලාරා සමඟ අසේලගේ මිතුරා ගමෙන් පැන ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ලාරා අංගම්පොර සටන් කරුවෙකු බවයි ඔවුන් ප්‍රකාශ කලේ.“ යනුවෙන් ප්‍රකාශ වේ. සත්‍යා කතාව මෙයින් පැහැදිලිවේ. එනම් මොහු අංගම්පොර සටන් කරුවෙකු බව ප්‍රකාශ කලේ ගම්මුන් විසිනි. එනම් නූගත් ගැමියන් විසිනි. අප ඉහත පැහැදිලි කලාක් මෙන් යමෙක් අංගම්පොර පන්තියකට ගිය පමණින් ‘එයා අංගම්පොර කාරයෙක්‘ හෝ ‘එයා අංගම්පොර කරනවා‘ යනුවෙන් ප්‍රකාශ කිරීම ගම්මුන් සාමාන්‍යයෙන් කරන දෙයකි. එසේ වූ පමණින් ඔහු අංගම්පොර ශිල්පියෙකු නොවන බව වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස දැනගත යුතුය.

කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තිය සම්බන්ධව තොරතුරු විමසූ අප ශිල්පියාට තම නම ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ ස්වර්ණවාහිනී ප්රවෘත්ති නිලධාරියාට අනුව නම් මෙම තොරතුර එනම් මොහු අංගම්පොර සටන් කරුවෙකු යන්න ඔහුට පවසා ඇත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසිනි. දැන් අප පිළිගත යුත්තේ ප්‍රවෘත්තියේ කියන මුසාවද නොමැතිනම් මෙම නිලධාරියා කර මුසාවද යන්න ගැටලු සහගතය. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ අනුදැනුම මත මෙය සිදුවූවා යන්න උකහා දැක්වීම මොහු විසින් හුදෙක් තමන්ගේ “ගැලවිජ්ජාවට“ කළ ප්‍රකාශයක් බව පැහැදිලිය. මන්ද ලංකාවේ පවතින සියලුම මාධ්‍ය ආයතන වල පැයෙන් පැයන ඇදබාන මුසාවාද සියල්ලම එකම එක පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සහතික කරනු ලැබුවහොත් අඩුම වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට සක්කරයාගේ බලය වත් තිබිය යුතුය. මන්ද දිනකට යන මෙවන් අපරාධ ගනයේ ප්රවෘත්ති සංඛ්‍යාව දෙතුන් සියයක් වත් විය යුතු නිසාවෙනි. කෙසේ වුවද ප්‍රවෘතිය සත්‍යදැයි කීම යනු මෙවන් අපරාධයක් මෙම ප්‍රදේශයේ වූවා යන්න පමණි. ඉන් එහා ඇදබාන සියලුම මුසාවාද මොවුන් විසින් තමන්ගේ නාලිකාවේ ප්‍රසිද්ධිය උදෙසා අහුලා ගන්නා ඒවාය.

3. අංගම්පොර ශිල්යෙක් යන්න පැවසුවේ කුමන හේතුවක් නිසාද?

අද කාලයේ ජනප්‍රිය මාතෘකාව අංගම්පොර වී හමාරය. එයට හේතුව වන්නේ හන්දියක් හන්දියක් ගානේ සිංහල මෙන්ම මුසල්මානු අංගම්පොර යයි කියා ගන්නා අයවලුන් විසින් කරනු ලබන අංගම් ශාස්ත්‍රය විකුණාගෙන කෑම නිසාය. වරක් (අව)ජාතික රූපවාහිනියෙන්ද මෙවන්ම වූ අංගම්පොර අතුරුපසක් ගැන අප මින් පෙර හෙළිදරව් කළෙමු. එවන් හෙළිදරව් ඉදිරියටද කිරීමට සිදු නොවනු ඇතැයි සිතිය නොහැකිය.

පොලීසියක් පොලීසියක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මුදලට මෙවන් තොරතුරු දෙන බැලයන් යොදා සිටීම අද්‍යතන මාධ්‍ය ක්ෂේත්රයේ හැටිය. මෙවන් යම් සිදුවීමක් වූ විගසම අතබනුවක් හරහා එය තමන්ගේ ස්වාමී මාධ්‍ය ආයතනයට තොරතුර ලබා දී සාක්කුවේ කීයක් හෝ ඔබා ගැනීම ඔවුන්ගේ නීච රස්සාවය. මේවාට පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ වෙනයම් හෝ රාජ්‍ය නිලධාරියෙක් මැදිහත් වන්නේ නැත. මෙම සිදුවීමේදීද එය එසේම වූ බව පැහැදිලි වන්නේ ප්රවෘත්ති අංශ නිලධාරියා තොරතුර ලැබුණේ කාගෙන්ද යන්න පුන පුනා අසද්දීත් කටෙන් ගසා බිය කිරීමට තැත් කර බැරිම තැනේදී එය අජිත් රෝහණ මහත්තයාගේ ඇඟේ ගසා අතපිහදා ගැනීමට උත්සාහ දැරීමෙනි. පරස්පර විරෝධී ප්‍රකාශද එය තවදුරටත් ප්‍රකට කරයි.

කෙසේ වෙතත් කවුරුන් හෝ කී ‘‘ලාරා අංගම්පොර කරනවා‘‘ වැනි ප්‍රකාශයක් කණ වැකුණු මෙම අබිලිංලාට ගණදෙවි නුවන පහළ වූවාට සැක නැත. පොඩි අංගම්පොර කෑල්ලක් ප්‍රවෘත්තියට ඇතුළු කලා නම් වැඩේ ‘‘හිට්‘‘ වන බව ඔවුන් දන්නා බැවිනි. මොවුන් මේ හිට් වෙනවා කියන්නේ දවසේ අනෙක් මාධ්‍යවල ප්‍රවෘත්තිවලට වඩා තමන්ගේ ප්‍රවෘත්තියට ජනතා අවධානය වැඩි කර ගැනීමයි. අතීත මුතුන් මිත්තන්ගේ ලේ සුවඳ තවමත් ගිලිහී නොගිය සිංහලයන්ට අංගම්පොර යන වචනය ඇසෙනවිටත් පැණියට ඇඳෙන කූඹි රැල මෙන් එම ප්‍රවෘත්තිය වටා රොක් වීම සාමාන්‍ය දෙයකි. එයට හේතුව අදටත් අපේ මිනිස්සුන්ට සිංහලකම අමතක නොමැති නිසාවෙනි. සිංහලකම ඇතිකළ ශාස්ත්‍රය අමතක නොමැති නිසාවෙනි. සිංහලයා එකමුතු කළ හැකි එකම දේ සිංහලකම බව හොඳින් දන්නා මෙවන් අබිලිං මාධ්‍ය ආයතන තමන්ගේ පහත් ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් මෙවන් උතුම් ශාස්ත්‍රයක් භාවිතා නොකරනවා නම් ඒ සිංහලකමට කරන මහත් උපකාරයකි.

4. ලාරා ඇත්ත වශයෙන්ම අංගම්පොර සටන් කරුවෙක්ද?

ලාරා යන පුද්ගලයා අංගම්පොර ශිල්පියෙක්ද නැද්ද යන්න ඔහුගේ අවජාතක නම වන ‘ලාරා‘ යන්න කණ වැකෙත්ම අපට නම් තේරුම් ගත හැකි විය. එයට හේතුව වන්නේ කවලස් සිංහල (අව)ජාතිකයන්ට මේ අති උතුම් අංගම් ශාස්ත්‍රය උගන්වන්නේ නොමැති බැවිනි. කෙසේ වෙතත් මේ ප්‍රවෘත්තිය පළවී පැය 24ක් ගත වන්නටත් මත්තේන් කොළඹ බලා ගමන් කිරීමට අප එක් ශිල්පියෙකුට සිදුවූයේ මේ හරි අපූරු මළගෙදරයාමේ ඇති අවශ්‍යතාවය නිසාවෙනි. ප්‍රවෘත්තියේ පැවසූ තොරතුරුවලට අනුව තලංගම ප්‍රදේශයේ සූක්ෂම සෝදිසි මෙහෙයුමක යෙදුණ අප ශිල්පියාට ඒ සඳහා වැඩි මහන්සියක් ගැනීමට සිදු නොවූයේ මළගෙදර සොයා ගැනීම කොස්වත්ත හංදියේදීම ලද තොරතුරු මතින් පසක් වීමෙන්ය. මියගිය පුද්ගලයාගේ පැරණි මිතුරෙකු ලෙස පෙනී සිටි අප පුද්ගලයාට ‘බජාර්‘ එකේ අයගෙන් තොරතුරු ගැනීම එතරම් අපහසු වූයේ නැත.

රටේ මාර්ග නීතිය සතේකට ගණන් නොගන්නා ස්වර්ණවාහිනිය

වැඩි විස්තර

අප විසින් මේ වන විටත් තොරතුරු සොයා ගනිමින් පසුවන හා ලැබී ඇති තොරතුරුවලට අනුව අංගම්පොර ශිල්පියෙකු නොවන වගට පසක් කොටගෙන ඇති පුද්ගලයෙකු වන චීනඩි ගුණදාස නම් පුද්ගලයාගේ අංගම්පොර නමින් බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන චීනඩි පන්තියකට සති දෙක තුනක් ගිය පුද්ගලයෙකු වන මෙම ලාරා යන පුද්ගලයා සරළ සිංහලයෙන් කිවහොත් ‘කුඩු කාරයෙකි‘. මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කරමින් තමන්ගේ සගයන් සමඟ තරමක චන්ඩි චරිතයක් ලෙස ප්‍රදේශයෙන් ප්රකටව සිටි මෙම පුද්ගලයා ‘ගහගන්න ඉගෙනගන්න‘ අංගම්පොර පන්තියකට ගියේ ඊයේ පෙරේදාය. තමන් සමීපයට පැමිණෙන ඕනෑම අපතයෙකුට තමන්ගේ පොරය උගැන්වීමට සැදී පැහැදී සිටිම මෙම චීනඩි ගුණදාසද මිනිසෙකුගේ පශ්චාත් භාගයට පිහියකින් ඇණ හිරේ ගොස් නැවත පැමිණ චණ්ඩියෙකු වූ චීනඩි කුපාඩි සෙල්ලම් කරුවෙකි. කරුණාපාලලා, ග්‍රේෂන්ලා, රාජ වික්‍රමාරච්චිලා වැනි තමන්ගේ සම වයස් චීනඩි ශිල්පීන් අංගම්පොර ශිල්පීන් ලෙස හැව හරින විට පස්සෙන් ගොස් පස්සට පිහියෙන් ඇන්න තමන්ද එසේ නොවන්නේ මන්දැයි චීනඩි ගුණදාස සිතුවා විය යුතුය. (මෙම චීනඩි ගුණදාස ගැන සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලියවේ.) කෙසේ වෙතත් මොන කුඩුකාරයාට හෝ කමක් නැහැ අංගම්පොර නමින් චීනඩි උගන්වා නහින දෙහින කාලේ කීයක් හරි හොයා ගැනීමට ගත් අහිංගස උත්සාහය මෙසේ මිනීමැරුමක වගකීම තමන්ට පැටවෙන ලෙස අවසන් නොවූවා යයි චීනඩි ගුණදාස හෝ පොරයක් ඉගෙන ගෙන චණ්ඩියෙකු වීමට පුන පුනා සිටි අවජාතක ලාරා නොසිතන්නට ඇත.

මෙහිදී මෙම ප්‍රස්තුතයට අදාල ගැටලුව අංගම්පොර නමින් උගන්වන චීනඩි පන්තියකට සති දෙකක් ගිය ලාරා අංගම් සටන් කරුවෙක් වනවාද? චීනඩි ගුණදාස උගන්වන්නේ අංගම්පොරම වුවද සති දෙකකින් අංගම්පොර ශිල්පියෙකු විය හැකිද?

“කම්බිලි හාමුදුරුවනේ එහෙනම් අපේ හටනටත් අලුත් හෙනයක් ගහන්ට වාගේ“

දඬුබස්නාමානය නම් වූ ටෙලිනාට්‍ය පළමුවෙන්ම රූපවාහිනියේ ගිය දින එය නොබැලූ නමුත් ඒ ගැන ඇසූ මේ වන විට ජීවතුන් අතර නොමැති අපගේ ආදී ශිල්පියෙකු විසින් මෙසේ ප්‍රකාශ කලා ඉහත ප්‍රකාශය කලා අපට තවමත් මතකය. දැන් අපට කිව යුත්තේ මෙයයි.

කම්බිලි හාමුදුරුවනේ මේං ඒ ටික මහ මහ තැන්වලින්ම කරනවා. අපේ රට පාලනය කරන මහ උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වාගේ නියෝ නියෝ ඉන්නවා.

සිංහල බෞද්ධයෝ එදා ඉඳලාම අද දක්වාම බෞද්ධ පිළිවෙතක් අවසානයේ ‘‘රාජා භවතු ධම්මිකෝ‘‘ කීවේ කටකහනවට නොවේ. රටේ පාලකයින් ධාර්මික නොවුණහොත රටට හෙණ ගහන බව දන්නා නිසාවෙනි. අද ප්‍රසිද්ධ මාධ්‍ය කියන අවජාතක අබිලිංලා විසින් මේ රටේ වීරයන් කෙළ කෝටියක් බිහිකළ ලෝකයම හොල්ලපු සිංහල ජාතියක් බිහිකළ අති උතුම් අංගම් ශාස්ත්‍රය උන්ගේ ජරාජීර්ණ මුදල් පෙරේතකමට යොදා ගන්නා විට ‘බකංනිලාගෙන‘ ඉන්ට නම් පාලකයන් අවශ්‍ය නැත. ඡන්දෙට විතරක් කතාකරන සිංහලකම තියෙන පාලක කලුසුද්දන් සිටින රටක අපිට මේවා කියන්ට වීමද අපි මේ කලියුගයේ වචීපරම මිනිසුන් අතර උපත ලැබීමට කළ මහා පාපයේ උග්‍රතම අවස්ථාව ලෙස පෙනී යයි. මේ රටේ අහිංසක බහුතර සිංහල මිනිස්සුගේ ඇස්ගෙඩිවලට පින් සිද්ධ වෙන්ට මේ අබිලිංවාදී ස්වාර්ණවාහිනය අද අපේ සමාජයට දෙන ආදර්ශය කුමක්ද යන්න පැහැදිලිය. ඒ අම්මගේ තාත්තගේ ඊරී මාංසේ උරා බීල හරි කමක් නැහැ, සීගිරිය කලුගල්වලට විකුණලා හරි කමක් නැහැ තමන්ගේ ජරාජීර්ණ මුදල් පෙරේතකම සංසිඳවා ගත යුතුය යන්නයි. එසේ නොමැතිනම් ඇත්ත දැනගන්න කියා පස්ස පැත්තේ බෝඩ් එකක් ගසාගත් පසුව, යන්තම් හුළඟට හෝ රෙද්දක් ඉස්සුන ගෑණියෙක් දැක්ක ගමන් අන්න අර ගෑණී රෙද්ද උස්සගෙන ගම වටේ යනවා කියා රට වටේ ගොස් කියපල්ලා. තව ටිකක් ‘හිට්‘ වෙන්න ඕන නම් මේක තමයි ලාංකේය අභිමානය කියා කියාපල්ලා කියා විය යුතුය.

අවසාන වශයෙන් ස්වර්ණවාහිණිය ප්‍රධාන මෙවන් වගකිවයුතු නමුත් වග නොකියන රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා මාධ්‍ය ආයතනවලට කිව යුත්තේ

උඹලා උඹලාගේ බූදලයෙන් ඕනෑම කෙංගෙඩියක් පෙන්නා තමන්ගේ බඩජාරී මුදල් ජාවාරම කර ගත්තාට කම් නැත. කම්බිලි දෙයියන්නේ නාමෙට අමිශ්‍ර සිංහලයන්ගේ බූදලයක් වන මේ උත්තරීතර අංගම් ශාස්ත්‍රයට අත තියන්න එපා !

අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.com4tag:blogger.com,1999:blog-7072887232153411434.post-5296092351127633082012-06-23T09:04:00.000-07:002012-06-23T09:04:01.257-07:00ඉසිවර රණකෙලියේ අංගම්පොර මලකෙලිය

සාහිත්‍යය, සංගීතය, කලාව යනු මේ රටේ මූලාරම්භය කරා දිවයන සමාජ පුරුද්දකි. විවිධ යුගයන්හි විවිධ සමාජ අවශ්‍යතා සැපිරීම උදෙසා කලා කෘති නිර්මාණය වූ අතර ඒවායෙන් මේ රටේ අභිවෘද්ධියට සිදුවූ මෙහෙය අප්‍රමාණය. එය එදත් අදත් හෙටත් එසේම විය යුතු වුවද අද අද සිදුවන කලා නිර්මාණ සමාජ ප්රගමනයට හේතුවනවාද නොමැති නම් ප්‍රතිගාමීත්වයක් නිර්මාණය කරනවාද යන්න විමසිය යුතුව තිබේ. ගහක කොළක මලක නමක් වත් ඉතුරු නොකරන්නට නාට්‍ය නිර්මාණ බිහිවන යුගයක මේ රටේ අති උතුම් අංගම් ශාස්ත්‍රයට අත තැබීමේ පාපකර්මයට මුලින්ම කණවැල ඇල්ලුවේ ජයන්ත චන්ද්‍රසිරි විසින් දඬුබස්නාමානය හා අකාල සන්ධ්‍යා වැනි නාට්‍ය නිර්මාණ තුළිනි.

1818දී සුදු ජාතික බිරිතාන්යයන් විසින් අංගම් ශාස්ත්‍රය පුහුණු කිරීම හා අවිආයුධ ළඟ තබා ගැනීම තහනම් කරනවාත් සමඟම අන් කවර සටන් ශාස්ත්රයකටවත් මුහුණ දීමට සිදු නොවූ අභියෝගයකට පුරාතන හෙළ සටන් කලාව මුහුණ දුන්නා කිවහොත් නිවැරදි ය. දහඅටේ කැරැල්ල පවාදීමත් සමඟ සුද්දන්ට අවශ්‍ය වූයේ මේ රටේ නැවතත් එවන් විප්ලවයක් ඇති නොවන තැනට වැඩ බලා ගන්නටය. එහිදී ඔවුන් ගත් මූලික තීන්දුව වූයේ විප්ලවකාරී ආකල්ප ඇති කරන සටන් කලාවක් හෙළයත් සතු බවත් එය වළලා දැමිය යුතු බවත් ය. මෙයින් පසු හෙළයේ සටන, සටන් රහසක් බවට පත් වූයේ යුගයේ අවශ්‍යතාවයත් සමඟය. වසර 150කට ආසන්න කාලයක් තිස්සේ මේ සටන් කලාව ආරක්ෂා කර ගන්නට ලේ ඇට මස් නහර දන් දුන් සිංහලයන් ප්‍රමාණය ගණන් කළ නොහැක යයි කීම සාවද්‍ය නොවේ.

වසර 150කට පසුව වුවද අපේ සිංහලයන්ගේ ලේ ඇට මස් නහරවලට ප්‍රභලව දැනුණ නමක් බවට ‘අංගම්පොර‘ හඳුනාගත් ජයන්ත චන්ද්‍රසිරිගෙන් ආරම්භවුණ ටෙලිනාට්‍ය නිර්මාණකරුවෝ හා චිත්‍රපටකරුවෝ අංගම්පොර අතුරුපසක් තමන්ගේ නිර්මාණයට එක්කොට ගන්නට නොමදව උත්සාහ දරණ බව පෙනේ. මේ නිර්මාණයේ අංගම්පොර තිබෙනවා යයි කියූ පමණින් සාමාන්‍ය ජනතාව පෙළගැසී එය බලන්නට සිටින බවත් ඒ මගින් තමන්ගේ බඩ වඩා ගත හැකි බවත් ඔවුන් දන්නා පැහැදිලි කරුණකි. මෑත කාලයේදී රූපවාහිනියේ විකාශය වූ ඉසිවර රණකෙලියේ අධ්යක්ෂ වරයා වන විමලරත්න අදිකාරිටත් මෙය මනාව වැරහී ඇති බව පැහැදිලි කරුණකි. ඒ නිසාවෙන්ම අජන්ත පෙරේරා ඇතුළු පිරිසක් අංගම් සටන් සඳහා යොදා ගනිමින් තමන්ගේ බිරින්දෑ හා දෝණියන්දෑ මහා කලාකරුවන්සේ පෙන්වීමට අංගම්පොර පාවිච්චි කළ බව නම් මුලින්ම කිව යුතු ය.

අජන්තගේ ගෝලයන් සමූහයක්ද යොදා ගනිමින් අංගම්පොර අතුරුපස මනාවට සකස් කර තිබූ මෙම නාටයයේ අංගම් ශාස්ත්‍රය ගැන සමාජයට යමක් කීමට උත්සාහ කිරීම හා එවන් උත්සාහයක් පරිභව කිරීම මෙයින් සිදු කිරීමට උත්සාහ නොකරමු. කෙසේ වුවද වසර 33000කට එපිට ඉතිහාසයකට උරුමකම් කියන මෙවන් සටන් ශාස්ත්‍රයක් යනු හුදු කරාතේ, ටයිකොන්ඩෝ, වූෂූ වැනි සටන් කලාවක් සේ සැලකීම හා මෙම සටන් සම්ප්රදායේ රීතීන් උල්ලංඝනය වන සේ කටයුතු කිරීම මෙම ශාස්ත්රයේ සැබෑ උරුමකරුවන් ලෙස විවේචනය කිරීම අපගේ යුතුකමය. නිර්මාණ කරුවාහට නිර්මාණ කිරීමේ නිදහස තිබෙනවා යන්න සත්‍යක් වුවද සාම්ප්‍රදායික ප්රපංචයක් පාදකකොටගෙන නිර්මාණය කිරීමේදී උක්ත සම්ප්‍රදායට අවමන් කිරීමේ නිදහස නොමැත. කෙසේ වුවත් ඉසිවර රණකෙලියෙන් සිදුවූයේ අංගම්පොර සම්ප්‍රදායට එවන් මලකෙලියක් බව නම් මෙම ලිපිය තවදුරටත් කියවන ඔබට පැහැදිලි වනු ඇත.

මෙම නාට්‍ය හා දඬුබස්නාමානය අතර ඇති පැහැදිලි වෙනස නම් සටන් ශාස්ත්රයේ සම්ප්‍රදායන්ට ප්‍රභලව අත තැබීම හා සම්ප්‍රදායන් පසෙක තබා නිර්මාණය සිදු කිරීම යන්නයි. අංගම් සටනේ පිරිමි සටන් කරුවන්ට හා කාන්තා සටන් කාරියන්ට තමන් සිටින ශාස්ත්‍රීය මට්ටම අනුව ඇඳුම් ආයිත්තම් කිහිපයක් ඇති අතර මෙම නාටකයේ එවන් වූ ශාස්ත්‍රීය මට්ටම සැලකිල්ලට ගත් බවක් නොපෙනේ. එසේම එවන් සටන් ඇඳුම් භාවිතා කිරීමේ සීමාවන් හඳුනාගෙන නිර්මාණය කළ බවක්ද නොපෙනේ. සටන් ඇඳුම් අඳිමින් ඉණපටි බැඳගෙන ගම වටේ ඇවිදින විනයෙන් තොරවූ සටන් කරුවන් පිරිසක් මේ තුළින් පිළඹිබු වේ. අප දන්නා තරමින් කරාතේ පන්තියකින් වුවද පිටතට පැමිණීමේදී සටන් ඇඳුම ගලවා සාමාන්‍ය ඇඳුමින් සැරසිය යුතු ය. මෙය අංගම් ශාස්ත්‍රයේදි දැඩිසේ සැලකිල්ලට ගන්නා අනිවාර්ය රීතියකි. සටන් ඇඳුම සටන් භූමියට පමණක් සීමා වූ ගෞරවණීයත්වයෙන් සැලකූ ලක්ෂණයකි. එය කෙදිනකවත් පාරේ තොටේ ඇවිදීමට භාවිතා නොකරයි. ඉණපටි හා ජටා බැදීම සිදු වන්නේ ගුරුවරයා ඉදිරිපසදී හා හරඹ පුහුණුවකදී හෝ සටන් භූමියක් තුළ පමණි. එවන් වූ ගෞරවාන්විත සම්ප්රදායකට මෙසේ හානි කිරීම ඉතාමත් පහත් ක්‍රියාවකි.

ඉන්දියාවට එරෙහිව සුරාසුර යුද්ධයේ සිට අද දක්වා භාවිතා වූ සටන් ශාස්ත්‍රයක් වන අංගම් ශාස්ත්‍රය ඉන්දියානු සම්ප්රදායන්ගෙන් පරිබාහිරව දේශීය අනන්‍යතාව 100%ක්ම උරුම කොට ගත්තකි. එවන් වූ සටන් කලාවක ඉතිහාසය නොදන්න රණකෙලි නාටකය තුළ සටන් ශිල්පය ආරක්ෂා කිරීමට සිටින්නේ ඉන්දියානු මලයාලම් ඇඳුමක් ඇඳගත් දෙමළ පෙනුමක් සහිත සන්නාසියෙකි. සන්නාසියන් මේ රටට පැමිණියේ නම් ඒ මේ රට විනාශ කිරීමට හෝ නොමැතිනම් ඔත්තු බැලීමට මිස හෙළ කලා ශිල්පයන් ආරක්ෂා කිරීමට යයි හෙළයන්ට විශ්වාස කළ නොහැකි ය. සිය ගණන් හෙළ ඇඳුම් ආයිත්තම් තිබියදී රතුපාටින් නිමවූ දෙමළ ඇඳුමක් ඇන්දවීම හා ඔහුටම වරෙක සටන් ඇඳුම් අන්දවා පෙන්වීම එල හරකා සහ මී හරකා වගේය යන කියමන සිහියට නංවයි. මේ අතර ප්‍රධාන සටන් ගුරුවරයා නොමැතිනම් මොහන්දිරම් තුමා සටන් භූමියෙන් පිටත අඳිනුයේ හිරකාරයෙකුගේ ඇඳුමකි. අංගම් ශාල්පීන් වූ කලි තමන්ගේ මුලු ජීවිතයම සටන් ශාස්ත්‍රයට කැප කළ පිරිසකි. ඔවුන් කන්නේ බොන්නේ පවා එක්තරා ක්‍රමවේදයකට අනුවය. ඇඳුම් පැළඳුම් නිරායාසයෙන්ම හෙළ ගති ලක්ෂණ වලින් යුක්ත ඒවා වේ. එය සටන් ගුරුවරයෙකුට 100%ක්ම අදාල විය යුතු ය. එසේ නොමැති වුවහොත් ඔහුට කකුළවාගේ න්‍යාය අදාලවන බැවිණි.

අංගම් ශාස්ත්රයේ පුහුණු වීම් සිදුකරන අංගම් මඩුවක් තුළට පිටස්තර උදවියට පැමිණීම සපුරා තහනම් වන අතර සටන් පුහුණුවීම් සිදු කරන ආකාරය බැලීමට කිසිවෙකුටත් අවසර නැත. එය එසේ වුවද අධ්‍යක්ෂකවරයාගේ දෝණියැන්දා නිසාදෝ නවරත්න වලව්වේ මැණිකේට කිළි කුණු සියල්ල ගෙන අංගම් මඩුවට පැමිණ එහි පාරිශුද්ධත්වය කෙලසීමටත් එහි සටන් පුහුණුවීම් පෙන්වීමටත් ඉඩදී තිබීම සටන් ශාස්ත්රයේ න්‍යායන්ට කරනු ලබන අතිමහත් විනාශයකි. මේ අතර වර්ණා (හිමාලි සිරිවර්ධන) කුණ්ඩලීණී භාවනා අභ්‍යාසවල නිරත වන විට ඇගේ මව ඒ අසලින් පැදුරක් දමා නිදාගෙන සිටින දර්ශනය පිළිකුල් සහගතය. තරුණ කාන්තාවකගේ ආරක්ෂාවට තමන්ගේ මව සිටිය යුතු බව සාමාන්‍ය විඥානය වුවද සටන් ශාස්ත්රයේ ඉදිරියට ගොස් කුණ්ඩලීණී අභ්‍යාස කරන කාන්තාවකට එය අදාල නොවේ. ඇය භාවනා කළ යුත්තේ ආරක්ෂාවට යම් ගුප්තමය කටයුත්තක් සිදු කරගෙන පාරිශුද්ධ භූමියක් තුළ තනිවමය. ඒ මිස භාරකරුවන් ළඟ තබාගෙන ඔවුන්ගේ රැකවරණය යටතේ භාවනා කිරීමේ බියගුලු සම්ප්රදායක් අංගම් ශාස්ත්රයේ නැත.

මේ අතර අංගම් ශාස්ත්‍රය තුළ පමණක් නොව ඕනෑම සටන් ශාස්ත්‍රයට ප්‍රභල පහරක් එල්ල කිරීමෙන් විනා සතුරාට දුවන්නට සිතෙන්නේ නැත. අංගම් ශාස්ත්රයේදී ප්‍රභල පහරක් බලා සිටින්නාට ප්‍රභල බව වැටහෙන්නේ පහරට ලක්වන කෙනාගේ ඉරියව්වෙන් බව සැබෑය. නමුත් ඒ සඳහා සාධාරණ නොමැතිනම් ප්‍රමාණවත් පහරක් ප්‍රතිවාදියාට එල්ල කළ යුතු ය. නොමැතිව ඇඟිල්ලක් දික් කළ පමණින් දිවයාම අංගම් ශාස්ත්රයේ මූලික හර පද්ධතියට කරන ප්‍රභල හානියකි. මෙම නාටකය තුළ එවන් නොගැලපෙන බියවැදී පලායාම් රාශියක් දක්නට ලැබිණ.

කාලාන්තරයක් තිස්සේ සටන් ශාස්ත්‍රයක් හදාරණ පුද්ගලයෙකුගේ සකස් වූ ශරීරය ගැන සැලකිලිමත් නොවන නිර්මාණකරුවා බාල ගණයේ බොරු කොණ්ඩා (විග් එකක්) දැමීම පමණක් සිදු කොට සටන් කරුවෙකු නිර්මාණය කිරීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ. මේ බව ජගත් චමිලගේ මාංශ පේෂීන් වැහැරෙන පපුවත්, බුද්ධදාස විතානාරච්චිගේ අඩි ගණනක් දිග බඩත් දැකීමෙන් පිළිබිඹු වේ. සටන් ශාස්ත්‍රයක් හදාරණ අයෙකුගේ ශරීරය ගැන අවධානය නොකිරීම තුළින් සටන් කරුවා තුළ ඇති ජවය නිර්මාණය නොවේ. ඒ බව ජගත් චමිලගේ සටන් රඟපෑමෙන් පෙනී යයි. ජයත් චමිල ගැලපෙන්නේ ගාමනී චිත්‍රපටයේ මෙන් විකට චරිතයකට විනා අංගම් සටන් කරුවෙකුගේ චරිතයකට නොවන බව නොවැටහීම අධ්‍යක්ෂකවරයාගේ නොසැලකිල්ල හා අනබෝධය මොනවට පිළිබිඹු කරන්නකි. නාටකය අවසානයේ ජගත් චමිල විසින් බාල ගණයේ එතුණු කඩුවක් කැරකැවීමෙන් ඒ බව තවත් පසක් වේ. එතුණු කඩුවක් කරකැවීම යනු ගලක් බඳින ලද ලණුවක් මෙන් නොවේ. එයට මැණික් කටුව හැසිරවීම අතිශය දියුණු කිරීමෙන් කළ උසස් ක්‍රමවේදයක් මෙන්ම නිශ්චිත අඩිමාරුවක්ද ඇත. එය භාවිතා නොවන විට ඉන්දියානු සුරුට්ටුවාලුව කැරකැවීමටත් වඩා අශෝභනය.

කෙසේ වුවත් අවසන් වශයෙන් කිව යුත්තේ කාටහෝ වේවා තමන්ගේ නිර්මාණය ප්‍රසිද්ධ කර ගැනීමට අංගම්පොර අතුරුපසක් භාවිතා කිරීමට සිත් වන්නේ නම් එය ඒ නිසාවෙන්ම ආවට ගියාට නොකරන ලෙසයි. මෙය අබා නිර්මාණයේදී ජැක්සන් ඇන්තනී ද, ගාමනී නිර්මාණයේදී සරත් වීරසේකර ද, විජය කුවේණී නිර්මාණයේදී සුගත් සමරකෝන්ද යොදා ගත් ප්රචාරක මාධ්‍යයකි. මේ නිසාවෙන්ම මෙම නිර්මාණයන ප්‍රචලිත වූ බව සැබෑය. නමුත් මේවායෙන් අංගම් ශාස්ත්‍රයට නම් සිදුවූ යහපතක් නැත. ඒ අතින් ගත් කළ දඬුබස්නාමානය සමාජ මෙහෙවරක් සිදු කළ නමුත් ශාස්ත්‍රයට හානියක් සිදු නොකළ බව කිව යුතුම ය. එය එසේ වුවද ජයන්ත චන්ද්‍රසිරිගේම අකාල සන්ධ්‍යා තුළින් සිදුවූයේද ඉතිහාස හා අංගම් ශාස්ත්‍ර විකෘතියකි. එවන් වූ විකෘතියක් අජන්ත පෙරේරාවත් සම්බන්ධ කොටගත් මෙම ඉසිවර රණකෙලියෙන්ද වූ බවත් එහි අනිටු ප්‍රතිඵල නිසාවෙන් අංගම් ශාස්ත්‍රය සම්බන්ධ ජන විඥානය විකෘති වූ බවත් තරයේ කිව යුතු ය.

අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.comtag:blogger.com,1999:blog-7072887232153411434.post-38972761734858136452012-03-28T10:12:00.000-07:002012-03-28T10:12:39.076-07:00පරසුද්න් හා කළුසුද්දන්ගේ වාචාලකම් හා "අතර පොර"

කෝට්ටේ බුවනෙකබාහු විසින් පර සුද්දන්ට කඩේ ගොස් කොට්ටේ රාජධානිය පරයන්ට කඩේ යන කලුසුද්දන්ගේ රාජධානීයක් බවට පත් කෙරුණේ මීට වසර 400කට එපිටදීය. ඒ නිසාවෙන්ම දෝ අද කෝට්ටේ අංගම්මඩුව (සැබවින්ම ඉලව්මඩුවකි) යයි නම් තබාගෙන කටයුතු කරන අංගම් චෞරයින්ද සුද්දන්ට කඩේ යන්නේ උන්ගේ පශ්චාත් භාගයේ දුර්ගන්ධය නොතේරෙන සුනඛයින් ලෙසිනි. සුද්දන්ට කඩේ යමින් කරුණාපාලගේ ඉන්ටනෙට් වීරත්වය පවත්වාගෙන යාමේ අසාර්ථක උත්සාහයක යෙදෙන ඉලව් මඩුවේ එකෙකු කරන ලද ප්‍රකාශයක් ගැන කතා නොකරම බැරි ය. ඉංගිරිසි කාරයන්ට කඩේ යන මූ කියන්නේ "ANGAM our great martial art not a someone's PRIVATE PROPERTY." යනුවෙනි. මූට මේක තේරුණාට ඉංග්‍රීසි ව්‍යාකරණය හැදෑරූ එකෙකුට නම් මුගේ නොදන්නාකම අවබෝධ කර ගැනීමෙන් පසුව මිය මෙහි තේරුම තෝරාගත නොහැකි වනු ඇත. මන්ද මෙය ආඛ්යාත්යකින් තොර (ඉංග්‍රීසියෙන් නම් verb එකක් නැති) වාක්‍යයක් වීම ය. සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකෑමට දන්නා මුන් හරිහමන් විදිහට උන්ගේ භාෂාව වත් අධ්‍යයනය කොට නැත. කෙසේ වුවත් අපට ඒකෙන් වැඩක් නැත. මෙම කරුණාපාල අංගම් චෞරයාගේ ගෝලයා ව්‍යාකරණ වරද්දමින් කියන කතාවේ හරය තුළ පහර ගසන්නේ අපට ය. එනම් අංගම්හොරු බ්ලොග් සමූහයට ය.

අප විසින් කිසිඳ අවස්ථාවක අංගම්පොර යනු අපේ පුද්ගලික බූදලයක් ලෙස අර්ථ දක්වා නැති අතර එය සැබවින්ම අපේ පුද්ගලික දේපලක් නම් අප කරුණාපාලලාට කළ යුත්තේ කුමක්දැයි ද හොඳින් දනිමු. අංගම්පොර යනු "හෙළයන්ගේ" ගෞරවණීය දේපලකි. හෙළයන් යනු යක්ෂ, දේව, නාග ආදී ඉපැරණි හෙළ ගෝත්‍රයන්ගෙන් පැවත එන මේ රටට තම ප්‍රාණ සමානව ආදරය කරන සිංහලයන් මිස සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකමින් උන්ට අංගම්පොර නමින් ඉලව්වක් උගන්වමින් උන්ට පනික්කි තනතුරු දෙන හිවලුන් නොවේ. ඒ නිසාවෙන්ම කරුණාපාලලාට අංගම්පොර ගැන කිසිඳු අයිතියක් හෝ ආදරයක් නොමැති බව නම් අපි දනිමු. පර සුද්දා මෙයට කොමෙන්ටුවක් යොදමින් ප්‍රකාශ කරන්නේ අප විසින් අංගම්පොර මමය මගේය කියා ප්‍රකාශ කරන බවයි. ඒ හම්පඩ සුද්දා දන්නා තරම ය. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, අප්‍රිකාව වැනි අනුන්ගේ රටවල් අල්ලා ගනිමින් ඒ රටවල ස්වදේශිකයන් වලපල්ලට ඇද දමමින් තමන්ගේ පැවැත්ම ශතවර්ෂ ගණනාවක් සිට අනුන්ගේ ලේ කඳුළු තුළින් නිර්මාණය කර ගත් යුරෝපියයන් දන්නා අපේකමක් නැත. උන් අපේකමට කියන්නේ Ego (මමත්වය) කියා ය. මන්ද වෙනත් ජාතීන්ගේ සාරය උරාබීම ලෙයින්ම උරුම කර ගත් උන්ට අපේ කම යන්නේ ඇති උත්තරීතර භාවය වැටහෙන්නේ නැත. අපි උපන්නේ, ජීවත්වෙන්නේ හා මියයන්නේ අපේ කම වෙනුවෙන් බව පර සුද්දාගේ පශ්චාත් භාගය ලෙවකන මේ බත් බැලයින්ට වත් නොතේරීම අපේ ජාතීයේ අවාසනාව ය.

අනෙක් කරුණ වන්නේ අංගම් මඩු කිණිතබමින්, අප වීරෝධාර අංගම්පොර ශිල්පීන්ගේ දණහිසින් පහළට වෙඩි තබමින් මෙම ශාස්ත්‍රය විනාශ කිරීමට එදා උත්සාහ කළ පර සුද්දෙකුට මේ ශාස්ත්‍රය ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්ද යන්නයි. කික් බොක්ෂින් වැනි සටන් ක්‍රමයක් උගෙන ගෙන එය අංගම්පොර නම් උත්තරීතර නාමය භාවිතා කරමින් යුරෝපය පුරා විකුණමින් අප ජාතික කොඩිය, බුදු දහම හා අප සාම්ප්‍රදායික වටිනාකම් විකිණීමට පර සුද්දෙකුට බලපත්‍ර දුන් කරුණාපාලලාට සාප වනවා ඇත. කරුණාපාලලා මතක තබා ගත යුතු එක් සරළ සත්‍යයක් ඇත. එනම් බුදු රදුන්ට තෙවතාවක් පූජා කරන ලද මේ පින් බිමට එහි සම්ප්‍රදායන්ට නිගරු කළ කිසිවෙක් හිතේ සතුටින් මිය ගියේ නොමැති බවයි. එම නිසා හතර අපායේ දොරටු දැනටමත් කරුණාපාලට විවෘත වී ඇති බවට සැක නැත. කරුණාපාලගේ පාරේ යමින් සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකන උන්ටද එකම ටිකට් එකකින් එම දොරටුව පසු කර ගත හැකි බව පසක් කරමු. මේ රටට හා මේ රටේ උත්තරීතර අංගම්පොර සම්ප්‍රදායට අරක්ගත් මහසෙන්, රාවණා ආදී දෙවිවරුන්ගෙ සාපයෙන් ඔබලාට මිදිය නොහැකි බව සිහි තබා ගත යුතු ය.

අංගම්පොර අතර පොර හා ඉතිහාස විකුර්තිය

කරුණාපාලයේ විකුර්ති ඉතිහාසයෙන් මනස කුරුවල් වූ බත් කන ගවයා අජන්තගේ වෙබ් අඩවියේ ඇති ලිපියක් උපුටා දක්වමින් මෙතන දී ප්‍රකාශ කරන්නේ "මුල්ලෙරියා සටනෙදි රෑ හැන්ගිලා කරපු මගුලක් නෑ. පරන්ගියා ගහනකොට මුල්ලෙරියා වෙලට ගෙන්නගන්න එතනට එනකල් පසුබැස්සා, එතනදි උන්ගෙ යකඩ සපත්තු මඩේ එරෙද්දි තුවක්කු ලෝඩ් කරන්න කලින් කඩු ගෑවා. 1600ක් පරන්ගි මැරුනා. රෑ හොරෙන් ගිහින් නිදාගෙන ඉන්න උන්ට කඩුවකින් කොටන්න තරම් ගෙම්බෙක්ද ටිකිරි කුමාරයා?". අජන්තලා හා කරුණාපාලලා ඕනෑතරම් ඉන්ටර්නෙට් එකේ අවලාද කියා ගත්තාට අපට කම් නැත. නමුත් නිවැරදි ඉතිහාසය විකෘති කරමින් ජන විඥානය විනාශ කිරීමට ශෝක ජනක ය. තම තමන්ගේ කාර්යයන් කර ගත යුත්තේ ඉතිහාසය අත නොතබමිනි. ලංකා ඉතිහාසයේ බිහිවූ ප්‍රභල රාජධානියක් වූ සීතාවක රාජධානියේ අග්‍ර ඵලය ලෙස ටිකිරි කුමරා නොහොත් පළමුවන රාජසිංහ රජතුමා ගෞරවයෙන් අදටත් ලංකාවේ සතර දික් භාගයේ සිටින අංගම්පොර ශිල්පීන් සිහිපත් කරන්නේ රාසිං දෙවියන් නමින් හඳුන්වමිනි. රාජසිංහ රජු යනු අජන්තගේ බූදලක් නොවේ. අජන්ත කොරතොට ආරච්චිවරුන්ගෙන් පැවත එන්නෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම රාසිං දෙවියන් ඇදහිය යුතු ය. එයට හේතුව මුල්ලේරියා යුද්ධයේදී කොරතොට ආරච්චිවරුන් හා එකතු වී රාජසිංහයන් යුධ කළ නිසාවෙනි. පිටිපස්සේන් ගොස් බෙල්ල කැපීම අද යුද්ධ වලදී සිද්ධ වුවද ලංකාවේ කිසිඳු යුද්ධයකදී සිදු වී නැත. මුල්ලේරියා වෙල යනු සපත්තු එරීමට තරම් මඩ ගොහොරුවක් නොවේ. එය අදටද සනාථ කර ගත හැකිය. මුල්ලේරියාව වෙල අසලට වත් ගොස් නැති මේ බත් බැලයා තමන්ගේ මන දොල පුරවා ගැනීම සඳහා රාසිං දෙයියන්ට ද අපහාස කරනුයේ ඌ දන්නා මඟුලක් නැති බව නොකියා අනෙක් අයට පසක් කරමිනි.

පෙර අවස්ථාවේදී ඉතිහාසය දන්නාක් මෙන් කථා ගළ මොහු

"මං කිව්වේ ඇත්තද?" කියා අපගෙන් අසන්නේ දෙවනුව ය.

පරංගීන්ගේ තුවක්කුවල උණ්ඩ හිරවෙන්නට මැතිරීමට හැකියාව ඇති මායා අංගං කරුවන් එදා සිටි අතර උණ්ඩ කොටා කොකා ගැස්සීමට පෙර උන්ගේ බෙල්ලට පැන කපා දෙපලු කිරීමට අප වීර සෙබලුන් එදා සමත් විය. මේ බව රාජාවලියේ පැහැදිලිව සඳහන් වේ. විකි බුක්ස්හි ඇති මෙම ලිපියේ පිටු අංක 226 සිට කියවන්න. "මායාදුන්නේ රජ උකුත් වූ බව අසා ධර්මපාල රජ කෝට්ටේ සේනාවත් ප්රාතිකාල් සේනාවත් පිටත්ව ඇවිදින් මාඒදණ්ඩේ වාඩි ලූවාහ. පසුවදා වේරගොඩ යන ගම වාඩි ලූවාහ. මාඒදණ්ඩට ප්රවතිකානෝ ආ හැටියේ ම සීතාවකට ගොසින් යුද්ධයට එන බව රාජසිංහ රජ්ජුරුවන්ඩ සැළ කළ විට මහාසේනාව පිරිවරාගෙන රාජසිංහ රජ හේවාගම වාඩි ලා සිට වික්රනමසිංහ මුදලින් පෙරමුණේට ගොසින් මුල්ලේරියාව යන ගමදි ප්ර්තිකානුන් දැකලා යුද්ධපුණ්ඩුව වික්රලමසිංහ මුදලිනගෙන් දහස් ගණන් සේනාව වැටී වික්රාමසිංහ මුදලින් තුවාලව බිඳී හේවාගමට ගියාහ. ප්රනතිකානෝ කොටා ජයගෙන මුල්ලේරියාවේ වාඩි ලූවාහ. වික්‍ර මසිංහ මුදලින් බිඳී ගියසැටි රාජසිංහ රජු දැකලා වමදකුණ පලිසක්කාරයින් හා දෙබාගේ ඇතුන් හැ අතුරුගිරි කෝරළය හේවාගම කෝරළය කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදාදොළහ හේවයින් ගෙන්නවා ඉලංගම්වල පලිසක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා ප්රපතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ. පස්සපොරොත්තුවෙන් ගිය හමුදාවත් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දරබාගෙන් වීරහස්ති කියන ඇතා කොඩියක් ගතිය. විජයසුන්දරබාගෙ ෙළුරාවණයා කියන ඇතා පලිසකුත් දම්වැලකුත් ගතිය. රාජසිංහ රජ අසුපිටට පැනනැගී මහාසේනාව පස්සට වෙන්ඩ නෑර ප්‍ර තිකාන්න්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ඇත් අස් සෙනඟත් එකට කලබැගෑනිව ප්රවතිකානුන්ගේ තුවක්කුවලට වෙඩිබේත් දමන්ඩ නොදී කොටන කල පලිසක්කාරයොත් ප්රබතිකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප්රාතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජ අසුට නැගී විහිදුවා සේනාව වටකර දුවමින් රණයුද ගිනිකෙළි කළ කොටන විට දුරුතුමස මිහිදුම් මෙන් වෙඩිදම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේවතුරු කොට ප්රිතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් සසියයක් ප්රයතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන කීපදෙනෙකුත් කොටා වැටුණාහ. රාජසිංහ රජ රණකෙළි කෙළ ජයගෙන කොරතොට හේවාගම ආරච්චිවරුන් හා හෝකන්දර රදාහේවා දොළහ ළඟට ගෙන්වා පස්ස පොරොත්තුවට පැනලා කෙටුවාට තාන්නමානන් දී අද පටන් හේවාකම් කර ජයගත් නිසා හේවාගම් කෝරළය නම් තිබා වදාරා එදා පටන් හේවාගම් කෝරළය නම් පැවත එනවයි දැනගත යුතුයි. පාස්සවාංගුව ගෙන සිට කඩුදෙවොල රග්ගහවත්ත අමුණුගිල්ම බදවා කොටුවක් බඳවා කාලතුවක්කුත් කොටුදෙකොණින් හදවාගෙන කඩුදෙවොල රග්ගහවත්තෙන් පහළ ගම්වල හිර හීතාවකට පිටත් කර ඇරලා ඒ ගම් පාළුකර හීතාවකට වැඩිසේක."

මම කාටවත් කඩේ යන්නේ නැහැ. මට මේ ශිල්පය ගැන හොයන කෙනෙක් කියා අපහට ලිපියක් එවන මොහු ඉතිහාස කතාව යට දමා ඇත්තේ කරුණාපාලගේ වෙබ් අඩවියෙන් ඉතිහාසය උගෙන ගන්නා ලෙස ය. දැරණියගලගේ හෙළයේ ත්රාස්ය ජනක ක්‍රීඩා පොතේ ඇති කරුණු වලින් තොර කිසිඳු ඉතිහාස කරුණක් කරුණාපාලගේ වෙබ් අඩවියේ නොමැති නිසාත්, මෙයට වඩා ඕනෑතර්ම් මුල්ලේරියා සටන ගැන ලියැවුණු ලිපි අන්තර්ජාලයේ ඇති බැවිණුත් මොහුගේ අපක්ෂපාතීත්වය අප ලෙහෙසියෙන්ම මැන ගත හැකි ය.

අප මෙසේ කියන්නේ රාජාවලිය ඇතුළු ඉතිහාසයේ ඔප්පු කළ හැකි සාක්ෂි තිබෙන නිසා මිස අජන්තට කඩේ යන නිසා යයි වරදවා වටහා ගෙන මොකෙක් හරි අන්වර්ත නාමයකින් පෙනී සිට "අංගංහොරු කියන්නේ අජන්තගේ වැඩක්" කියා අපහට අවමන් කිරීමට නොවේ. ඇත්ත කියන්න සිංහලයා බය නැත. ඒ නිසාවෙන්ම අජන්ත ඔහුගේ ලිපියේ කියා ඇති තොරතුරු නිවැරදි බවත් මේ කරුණාපාලගේ බත් පිඟානට ලෝබකමින් ඔහුට කඩේ යන බත් බැලයා කියන්නේ මුග්ධ ප්‍රකාශයක් බවත් පැහැදිලිව ප්‍රකාශ කරමු.

කෙසේ වෙතත් අජන්තට හා කරුණාපාලට කිව යුත්තේ සරළ කතාවකි. තම තමන්ගේ කාර්යය් කරගෙන යන්න ඉතිහාසය විකෘති නොකරන්න. මේ රටේ සටන් ඉතිහාසය යනු මේ රටේ සටන් ශිල්පයේ ජීවයයි. එයට අත නොතබන්න.

අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.comtag:blogger.com,1999:blog-7072887232153411434.post-13691808139641846072012-03-20T09:52:00.001-07:002012-03-20T10:06:40.107-07:00සිව්හෙලය නොදන්නා සිව්හෙළු අංගම් සම්මේලනයේ ප්‍රදර්ශන කුටිය

සිව්හෙළය යනු මේ රටේ යක්ෂ, රාක්ෂ, දේව හා නාග යන සිව් ගෝත්‍රයන්ට ය. මෙම උතුම් මුතුන්මිත්තන් සතුවූ කලා ශිල්ප කෙතරම් ප්‍රභල වූවාද යත් ඒවා නිසාවෙන්ම මීට වසර 5000කට ඉහත යුගය ලංකාව අධිරාජ්‍යයක් බවට පත්වී තිබීමට හේතුපාදක විය. එවන් වූ සංස්කෘතියක යක්ෂ හා රාක්ෂ ගෝත්‍රිකයන්ගේ නිර්මිතයක් වූ අංගම් ශාස්ත්‍රය අදටත් නොනැසී පවත්වාගෙන එන හෙළ කලා ශිල්පයකි. කෙසේ වෙතත් ඊයේ පෙරේදා පඳුරු ගාණට බිහිවූ අංගම් ශිල්පීන් යයි කියා ගන්නා මුග්ධයින් පිරිසක්, කලු සුද්දන්ගෙන් නිර්මිත රජ්‍ය ක්‍රමයක් වන, වත්මන් රජයේ ස්ංස්කෘතික අමාත්‍යාංශය යයි, නීතියෙන් ප්රතිශ්ඨාපිත, සංස්කෘතිය නොදන්නා ඇමතිවරයෙකුගෙන් සැදුම්ලත් බඩගෝස්තරවාදී ප්රජාත්න්ත්රවාදී ආයතනයේ උදව්වෙන් හතරකොණම හෙළුවෙන් යන තේරුම ඇතිව (විය යුතුය) ඇතිකර ගත්, සිව්හෙළ (සිව්හෙළු) අංගම් ශිල්ප කලා සම්මේලනයේ හෙළුව විවෘත වූ එක් අවස්ථාවක් ලෙස දැයට කිරුළ ප්‍රදර්ශනය දැක්විය හැකි ය. ඍජුෆෝම් කෑලි ටිකක පාට කොට දේශීයත්වයට නිගා දෙමින් ඔවු අටවා ගත් ප්‍රදර්ණය කුටියට ගිය අපට පශ්චාත් භාගයෙන් සිනහ පහළ වූවා යයි කීවොත් නිවැරදි ය.

සැබෑ අංගම්පොර ශිල්පීන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ “පරම්පරාවට ලැබී ඇති අවිආයුධ, පැරණි ලියකියවිලි, පුස්කොලපොත් ආදිය සතු වීම හා ඒවා ආරක්ෂා කිරීම“ යන්නයි. නමුත් පැරණි ආයුධ වෙනුවට බාල ලෙස සකස් කරණ ලද විදේශීය මුහුණුවරක් ගන්නා කඩු යයි කී යකඩ කෑලි කිහිපයක් හා පත්තර කෑලි සමූයක් සමඟ තම තමාගේ ව්‍යාපාරික පොස්ටර් ටිකක් පමණක් තබා සකස් කරණ ලද මෙම කුටිය සැබවින්ම ලංකාවේ සංස්කෘතිය නියෝජනය කරනවා යයි කීම, සිහළුන්ට කරන නිගාවකි.

“පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා නොදීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් නොවීම“ අංගම් ශිල්පියෙකුගේ මූලිකම ලක්ෂණය වුවද ෆස්ලි යන නමින් මුසල්මානුවෙකු ලෙස වෙස්වලාගෙන ගිය අප කණ්ඩායමේ එක් අයෙකුටද අංගම්පොර ඉගැන්වීමට සූදානම් වූයේ බණ්ඩාර නම් බලහැලි චෞරයාය. පෙරදා බිව් ගිණිවතුර තවමත් ඇස්දෙකින් ගිලිහී නොගියද ඔහු අංගම්පොර ගැන කියන්නේ හරි හරි පුදුම කතා ය. ඉන්දියාවෙන් ගෙනා ‘සලෝසයිට්‘ කඩුවක් අතේ තබාගෙන සිටි ඔහුගේ සමීපයේ වහනය වූ අරක්කු ගඳ නොවන්නට තව තව හොඳ කතා අසා ගැනීමට අප සාමාජිකයාට හැකිව තිබිණ.

කෙසේ වෙතත් හරි අපූරු පින්තූරයක් අප සාමාජිකයාගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබිණ. “අති දක්ෂ ලෙස අංගම් ශිල්ප ප්‍රගුණ කළ රජවරු“ යනුවෙන් අතින් ලියා ගැසූ කොළ කෑල්ලකි. වැදගත් වන්නේ කොළය නොව කොළය මත ලියා තිබූ රජවරුන්ගේ නම් ලයිස්තුවයි. එහි ඇත්තෙ රජවරු ගැන අපූරු තේරවිල්ලකි. එනම් රජවරු දොලහකගේ නම් කියවා අවසන් වන විට එතන සිටි සියලුම රජවරුන්ගේ එකතුව 11ක් වන්නේ කෙසේ ද යන හරි අපූරු තේරවිල්ලයි. ඉතිහාසය නොදන්නො සංස්කෘතික අමාත්‍යාංශයට සීතාවක රාජසිංහ රජු හා පළමුවන රාජසිංහ රජු යනු දෙදෙනෙක් වීම එයට හේතුවයි.

කටේ කිරි සුවඳ යන්නද පවා බැරිවුණා

යුද්ධෙට උපන් කුමරා යයි පතළ වුණා

මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා

ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා

අංගම්පොර යනු ඉතිහාසයක් සමඟ එන සටන් ක්රමයකි. ඉතිහාසය හා ඉතිහාසයේ සිටි සටන් කරුවන් යනු අංගම් ශාස්ත්‍රය හා ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් බද්ධ වූ පුරුකකි. එවන් වූ සටන් ශිල්පයක් හදාරන්නවුන් ඉතිහාසය දන්නේ නැත යන්න කෙලෙසකවත් සිදුවිය නොහැකි ය. මන්ද අංගම් ශාස්ත්රයේ එක් අංගයක් වන්නේ රණකෙළි ඉතිහාසයයි. මහසෙන් දෙවියන්, රාවණ්නා දෙවියන් හා රාසිං දෙවියන් යනු අංගම් ශාස්ත්රයේ දිව්‍යමය නෑ යකුන් ය. අද මොවුන් රජවරු දෙදෙනෙකු ලෙස දක්වා ඇත්තේ මෙම දේවයන් වහන්සේලාගෙන් තෙවැනි දෙවියන්ට ය. අංගම් ශාස්ත්‍රයට අන්තිම වතාවට ශාස්ත්‍රීය අංගයක් එකතු කළ ටිකිරි කුමාරයා, පළමුවන රාජසිංහ හෝ සීතාවක රාජසිංහ යනු එක් අයෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. බලේ බලේ රාසිං දෙයියන්ගේ බලේ ආදී ලෙස ජන සාහිත්‍ය හා ජන විඥානය තුළ ජනකවි කියැවුණ ටිකිරි කුමාරයා ගැන දැන ගැනීමට අංගම් ශාස්ත්‍රය හැදෑරීමට අවශ්‍යම යයි ද කිව යුතු නොවේ. මන්ද රාජාවලිය ඇතුළ පොත්පත් රාශියක මෙතුමා ගැන ලියැවී ඇති වාර අනන්තය. එමනිසාවෙන්ම අපහට පැමිණිය හැකි උපකල්පනය හරිම සරළ ය. සංස්කෘතික ඇමති ඇතුළු අමාත්‍යාංශයම ඉතිහාසය නොදන්නා මුග්ධයින් පිරිසක් යන්නකි.

කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති

නළ වතුරෙන් සැන්හෙන දරුවෝ

ගොයම් නැටුමකට දෑකැති ලෙළවති

කුඹුරක් ඇස නොගැටුන දරුවෝ . .

අද මේ රටට වෙලා ඇති හෙණය මෙයයි. පුරාවිද්‍යා නිළධාරීන් සත්ව විද්‍යාව කළ පුද්ගලයෙකි. කෘෂිකර්ම ඇමති කුඹුරක නියරයකට පය නොතැබූ අයෙකි. එය එසේ වුවද මේ රටේ සංස්කෘතිය රකින්නට ‘ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ‘ පිහිටුවන ආණ්ඩුවට සංස්කෘතිය දන්නා එකෙක් සංස්කෘතික අමාත්‍යාංශයට දමා සංස්කෘතිය හා ඉතිහාසය දන්නා නිළධාරීන් පිරිසක් එම අමාත්‍යාංශයට යෙදවීමට නොහැකි වී ඇති බව පෙනේ. ඒ වෙනුවට වනිතාකටයුතු අමාත්‍යාංශය ලබා දිය යුත්තෙකු යොදවා ඇති බව පෙනේ. සීතාවක රාජසිංහ ගැන නොදන්නා අයෙකුට අංගම්පොර කළ නොහැකිද ? යයි මුග්ධ ප්‍රශ්නයක් කාට හෝ නැගිය හැකි ය. එසේ නම් තිසරණය නොදැන බෞද්ධයෙකුද විය හැකිදැයි අපි ප්‍රශ්න කරමු. එසේ නම් තාත්තා ගැන නොදන්නා අවජාතක නොවන පුතෙකු ද සිටිය හැකි ය. මන්ද අංගම් ශාස්ත්‍රයට විශාල මෙහෙයක් කළ ජනී ජනයාගේ තොළ අග මතුළ සටන් කරුවා ගැන නොදැනීම සිදුවිය නොහැකි ය. මහසෙන් දෙවියන්ට හා රාවණ්නා දෙවියන්ට පුද පූජා කිරීමෙන් අනතුරුව අප පුදපූජා කරන වීරයෙක් වී නම් ඒ රාසිං දෙවියන් ය. එවන් වූ ශේෂ්ඨයෙකු ගැන නොදැනීම අංගම්පොර නොදැනීම මිස අන් කිසිවක් නොවේ.

මෙවැනි කාළකණ්ණි සංවිධාන එදත් බිහිවිය. අදත් බිහිවේ. හෙටත් බිහිවනු ඇත. රාවණ්ණා දෙවියන්ටත් විභීෂණලා බිහිවිය. බුදු හාමුදුරුවන්ටත් දේවදත්තලා බිහිවිය. අද අංගම් ශාස්ත්‍රයටත් බහිරවයෝ බිහිවී ඇත. මේ මුග්ධයින්ට උදව් කිරීමට මහව වැනි උත්තරීතර ගමකින් උපන් ඇමතිවරයෙක්ද සහයෝගය දීම ජාතියේ අවාසනාවක් මිස අන් කවරක්ද? කෙසේ වෙතත් කිව යුත්තේ මෙයයි. ඔබලා මේ සෙල්ලම් කරන්නේ වසර 25000කට අධික ඉතිහාසයකට උරුමකම් කියන මේ රටේ සංස්කෘතිය සමඟය. මේ රට ආරක්ෂා කළ උත්තරීතර සංස්කෘතික කළා ශ්ල්පයක් සමඟය. මෙය මෙලෙස විනාශ කිරීම යනු උඩබලාගෙන කෙලගසා ගැනීමක් වන කාලය වැඩි ඈතක නොවේ.
අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.com0tag:blogger.com,1999:blog-7072887232153411434.post-58635286713805166282011-11-30T07:11:00.000-08:002011-11-30T07:11:38.997-08:00වංචාවල නිලන්තගේ වංචා සහගත “සටන් කලාව“
චංචාවල කලහේ නැමති ප්‍රදේශයේ නීතිඥ නිලන්ත හෙට්ටිගේ නමින් තමාව හඳුන්වා දෙන තවත් එක්තරා චෞරයෙකු ලියූ “සටන් කලාව“ නම් වන දන්කොටුව වාසනා ප්‍රකාශකයන් විසින් 2005දී ප්‍රකාශන ගත කරන ලද කෘතියේ අංගම්පොර හා අපේ වීරයන් ගැන කියා ඇති සාවද්‍ය කරුණු ගැන සඳහන් කිරීම මෙම ලිපියේ අරමුණයි.

මෙම ක්‍රියාවලි සම කළ හැක්නේ රන්ජිත් අතලේ නම් වන පුද්ගලයාගේ ක්‍රියාකලාපයට පමණි. තමන්ගේ අසාරථක නීතිඥ වෘත්තිය දඩමීමා කර ගන්නා මේ උගත් මෝඩයා සිදු කරනුයේදී රන්ජිත් අතලේ විසින් සිදු කළ අමනෝඥ ක්‍රියාවටම සමාන දෙයකි. ඒ බව ඔහුගේ මෙම කෘතියේ 42 වැනි පිටුවේ සඳහන් පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

අංගම්පොර හා කලරි යන සටන් ක්‍රම දෙකම නොදන්නා නිලන්ත කරනු ලබන මෙවන් අමනෝඥ ප්‍රකාශ තූළින් ජන විඥානයට වන හානිය සුලූපටු නොවේ.

ඉන්දියාවේ කලරි ලංකාවට එනවිට කලරි වූයේ නම් ලංකාවේ ගජභා වැනි වීරවරුන් ඉදිරියේ නීල මහා යෝධයා වැනි ඔවුන්ගේ සටන් කරුවන් අසාර්ථක වූයේ මන්ද යන්නට මේ පෙරෙකදෝරුවාට හේතු නැත. ඉන්දියාවේ බුදු දහම ලංකාවට පැමිණි ලංකා දහම හෝ වෙනත් නමක් ගත්තේ නැත. බුදුදහම ඉන්දියාවෙන් පැමිණුන පමණින් (එය එසේම යයි පිළිගත නොහැකිය. මන්ද බුදුන් වහන්සේ සිටින කාලයේදීම ලංකාවේ බුදු දහම ස්ථාපිත වූයා යයි සිතන්නට සාක්ෂි ඇත.) සියලුම ශිල්ප ක්‍රමය ඉන්දියාවෙන් පැමිණියා යයි සිතීම අමනෝඥ හා සාක්ෂි විරහිත හුදු උපකල්පනයක් පමණි. ඉන්දියාවේ කලරි ලංකාවට පැමිණ අංගම්පොර වන්නට හේතුවක් නැත. එසේ වූවා නම් වන්නට තිබුණේ කලරි සටන් මිස අංගම්පොර සටන් නොවේ. අපි ඉන්දියාවෙන් සාරියක් මෙහි ගෙනවිත් එයට චීත්තය කියන්නේ නැත. එයත් අපි කියන්නේ සාරියම ය. අනෙක් කරුණ වන්නේ මේ චෞරයා මේ කියන කතාවට එකදු එක සාක්ෂියක් වත් ඉදිරිපත් නොකිරීමයි. මුග්ධ පාඨකයා මොහුගේ නීතීඥ පට්ටම ගැන සිතා මොහු කියන සියල්ල ඉස්මුදුනෙන් පිළිගන්නේ නම් එය වත්මන් සමාජයේ විචක්ෂණ බුද්ධියේ ගැටලුවකි.

ලෙව්කේ ඉදිරිපසටත්, කැප්පෙටිපොල පසුපසටත් ගැසූ විට සිහිනැතිවන හරි අපූරු නිල

ඉන්දියානු මර්මාස් නම් නිල විද්‍යාවකින් ලංකාවේ අංගම්පොරවල නිල ශාස්ත්‍රය බිහිවූයේ යයි ප්‍රකාශ කරන මෙම චෞරයා ලංකාවේ මර්මාස් කෙසේ වෙතත් ඉන්දියාවේ මර්මාස් වත් නොදන්නා බව පෙනේ. මන්ද ශිරාන් දැරණියගල මහතාගේ “සිංහල ත්‍රාස්‍යජනක ක්‍රීඩා“ නම් කෘතියෙන් උපුටාගත් කරුණු සියල්ල විදහා දක්වා ඒවා තමන්ගේ කරුණු මෙන් ගෙනහැර දැක්වීමක් හැර වෙනත් කිසිවක් මෙහි නැත. ඉහත පින්තූරයේ පහල කොටසේදී දැරණියගල විසින් එක පළමු ඡේදයෙන් කියන කරුණු සියල්ලම ඉහත නිලන්තගේ පොතේ පිටු දෙකකින් කියා ඇත්තේ පිටපත් කිරීමද නිර්මාණාත්මකව කළ හැකි බව ලොවට පෙන්වීමට විය යුතු ය.

කෙසේ වෙතත් පිටපත් කිරීමෙන් අනිටු ප්‍රතිඵල ඇති වන බව ලොවට පසක් කර දීමට දැරණියගල විසින් ලෙව්කේගේ නිල ශාස්ත්‍රය ලෙස කියූ දෙය කණපිට හරවා එය කැප්පෙටිපොලගේ නිල ශාස්ත්‍රය ලෙස කියා ඇත. කැප්පෙටිපොල ගැනවත් ලෙව්කේ ගැනවත් හරිහමන් අවබෝධයක් නැති මුග්ධ රචකයා සිතා සිටින්නේ පිටු පිරෙන්න මොනවා හරි ‘බයිලා‘ ටිකක් ලියූ විට තමා ද ගත් කරුවෙකු වන බව විය යුතු ය. මෙහි හාස්‍යජනකම සිදුවීම වන්නේ දැරණියගලට අනුව බෙල්ලේ ඉදිරිපසට ගසා සිහිනැති කොට පිටුපසට ගසා සිහි මූර්ජා කිරීම නිලන්ත පිටපත් කරන විට පැත්ත හා ගැසූ තැනැත්තා මාරු වීමයි.

අනෙක් කරුණ වන්නේ මරු නිල ශාස්ත්‍රය යනු යම්කිසි නිලයක් දැනගෙන එතනට ඇනීම සෙල නිලන්ත සිතා සිටිනවා විය යුතු ය. කාල නිර්ණය කොට මරු නිලවලට පහර දීම එක් නිලයක් දැන ගැනීමෙන් හෝ නිලස්ථානයකට ගැසීමෙන් පමණක් සිදු නොවේ. එසේ නම් මිනිසුන්ට බස් එකක හෝ කෝච්චියක තෙරපි තෙරපී ගමනක් ද යා නොහැකි විය යුතු ය. මන්ද ශරීරයේ ඇති 108ක් නිලවලන් මොකක් හෝ අනෙකාගේ ඇඟට හෝ අත් බෑගයට තෙරපීමෙන් මරණය සිදු විය හැකි නිසාවෙනි. කාල නිර්ණය කොට මරු නිලයකට ගැසීම සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි අතර ඒ සඳහා නිල ශාස්ත්රයේ පරතෙරට ගිය අයෙක් විය යුතු ය. එපමණක් නොව එසේ ගසන විට දිනය, වේලාව, මරු සිටින ස්ථානය, ඇතුළත් පිටත්, ග්‍රහ පිහිටීම ආදී කරුණු කිහිපයක් හෝ සියල්ලම සලකා බැලිය යුතු ය. නිලවලට ගැසීම පුරුදු පුහුණු වීමට විශේෂ ගස් වර්ග හා සතුන් වර්ග භාවිතා කරන අතර තමාගේ ශක්‍යතාව මැන බලනුයේ එවැනි න්‍යායාත්මක පරීක්ෂණ තුළිනි. එනිසාවෙන්ම පොතකින් නිල ශාස්ත්‍රය ඉගැන්වීමට උත්සාහ කිරීම ‘දැලින් සුලං බදනට තැත් කරනු‘ වැනි දෙයකි.

අවසාන වශයෙන් මේ පෙරෙකදෝරුවාට කිය යුත්තේ සරළ කතාවකි. පෙරෙකදෝරුවන් උසාවියක් උසාවියක් ගානේ ගොස් ටොම් පච ඇද බාන බව සැබෑ ය. එසේ වුවත් තමන් නොදන්නා අති උත්තම අංගම්පොර ශාස්ත්‍රය ගැන මෙවැනි මුග්ධ ප්‍රකාශ කොට ජන විඥානය විකෘති කිරීම අනුමත කළ නොහැකි ය. මේවායින් සිදු වන්නේ අංගම්පොර යනු පදික වේදිකාවක් පදික වේදිකාවක් ගානේ නොමනා පොත්පත්වලින් උගන්වන අසාර්ථ හා ඉතාම දුර්වල මට්ටමේ සටන් කලාවක් ලෙස අංගම්පොර ගැන සමාජය තුළ කුඨප්රකට වීමයි. මෙවැනි කාර්යයන් නිසා කරුණාපාල, සුමේධ, ග්‍රේෂන් වැනි උන්ට තම තමන්ගේ මගඩි නැටුම් ටික සමාජ ගත කිරීමට පිටුවහලක් වනවා හැර වෙනත් කිසිදු යහපතක් වන්නේ නැත. එම නිසාවෙන්ම නොදන්නා අංගම් ගැන කතා කිරීම පසෙක තබා තමන් දන්නා පෙරෙකදෝරු කම කොරගෙන බඩ වියත රැක ගන්නා මෙන් අපි මේ චෞරයාගෙන් ඉල්ලා සිටිමු.

අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.com8tag:blogger.com,1999:blog-7072887232153411434.post-82941421109010787322011-07-12T01:29:00.000-07:002011-07-12T01:29:27.713-07:00ගගෙන් පැන් බී මූදට ආවැඩීම...

මහා පෞඩ ජාතියක් වූ අපගේ ජාතිය අද වන විට නීචයින්ගෙන් පිරී අවසන් ය. කෙසේවෙතත් තවදුරටත් අභිමානයෙන් සිහිපත් කළ හැකි හෙළයින් මේ රටේ නැතිවාම නොවේ. නමුත් මොනරා නටන කොට ඌ හෙලුවෙන් බව ඌ දන්නේ නැතිවාක් මෙන් නිවටුන් නටන්නේ බොහෝමත්ම ටික කාලයකි. මන්ද හෙළුව පෙනෙන්නට පටන් ගත් විට ඔවුන් සිදු වන්නේ කබල්ලෑවන් මෙන් තම හිස පස්ස පැත්තේ ගසාගෙන ඉන්නට ය. වැදගැම්මක් නැති කාර්යයක් සිදු කරන ඕනෑම පඩත්තලයෙකුට එය නිදහසේ සිදු කරගෙන යාමට ඉඩදෙන මේ කලුසුද්දන්ගේ ජාන වලින් පෝෂණය වූ මේ රටේ සම්පත් වලින් අධ්‍යාපනය ලැබූ මේ වලිගය නොමැති සිව්පාවුන් යමෙක් රටට ජාතියට හෝ කලාවට යහපතක් වන කටයුත්තක් කරන්නට යන විට ඒ මත වරචස් කරන්නට උත්සාහ කරයි. මහා වාසනාවක් උපතින්ම උරුම කරගත් අපේ ජාතියට අද ලබා ඇති කල දසාව එයයි. එක් අතකට පුදුම වන්නටද දෙයක් නැත. මන්ද රාවණා වැනි උත්තරීතර නායකයෙකුට පවා විරුද්ධව යමින් ඉන්දියාවට පඬුරු පාක්කුඩම් දෙන්නට බලා සිටි විභීෂණලා බිහිවූ රටක් වන ඉතිහාසයක් ඇති අපට අද මේ බිහිවන නිවටුන් නව්‍ය නැඹුරුවක් නොවේ.

අංගම්හොරු බ්ලොග් සමූහය වනාහි වසර ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික ශිල්පීය පරම්පරා කිහිපයක් පිළිකුලෙන් බලා සිටි අංගම්හොරුන්ගේ ක්‍රියා පටිපාටියන්ට එරෙහිව තැබූ ප්‍රථම පියවරයි. අංගම්පොර ගැන කියැවෙන චිත්‍රපට හා නාට්‍ය නිර්මාන දෙස බලා උපහාසාත්මක හිනාවකින් පිටි අපි එහි වරදක් දුටුවේ නැත. හුදු උපහාසයක් පමණි. මන්ද චිත්‍රපටියක සැබෑ අංගම් ශිල්පය තිබෙනවා දකින්නට ද අප අකමැති වීමයි. මන්ද වසර සිය ගණනක් කැලෑ වැදී සිටීමෙන් මෙන්ම නර්තනාංග ලෙස ලොවට පෙන්වමින් මෙය රහසිගතව ප්‍රගුණ කළ අප ඒ මහා ශිල්පය අන්‍යයන් සතුටු කිරීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරනවාට තිබූ අකමැත්තයි. එසේ හිත හදාගෙන සිටි අපට සිදු වූයේ ඊට වඩා ජුගුප්තා සහගත සිද්ධීන් පුවත් පත් හා වෙනත් මාධ්‍ය තුළින් දැක ගන්නට ය. අංගම්පොර සම්මේලනයක තොරතුරු කණ වැකුණු අප පරම්පරාවේ වෘධතර ප්‍රවීණයින් තුළ ඒ පිළිබඳව කතිකාවතක් ගොඩනැගෙන්නට පටන් ගත්තේ ය.

පැරණි පරම්පරා කිහිපයක ප්‍රධානීන් විසින් ඉන්පසුව තීරණය කරනු ලැබූයේ මෙම අංගම්පොර කරුවන් යයි කියා ගන්නා පුද්ගලයින් කණ්ඩායම් ගැන අවධානයකින් සිටින ලෙසයි. එහි ප්‍රථිපලයක් ලෙස එදා පටන් ඔවුන් විසි පළකරන ලද පුවත් පත් දැන්වීම්, රූපවාහිනී වැඩසටහන් ආදිය හැකි තරම් එක් රැස් කරමින් හා හැකි තරමින් ඔවුන්ගේ සන්දර්ශන ආදිය නරඹමින් හා ඔවුන්ගේ ඉතිහාසය අධ්‍යයනය කරමින් සිටීමට අප කණ්ඩායමට පැවරිණ. අපට විශාල තොරතුරු සමූහයක් ගොණු කර ගැනීමට හැකි වූ අතර එහිදී වැඩි අවධානයක් යොමු වූයේ වැඩි වශයෙන් බේගල් ඇදබාන පුද්ගලයින්ට ය. මෙහි දී තාක්ෂණයට වඩාත්ම සමීප කණ්ඩායමක් තොරා ගත් අප පරිගණක තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව මනාව ඉගෙන ගැනීමෙහිලා ඔවුන්ව යෙදවීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් මෑත කාලීනව අප ප්‍රදේශවල සිදුවූ තාක්ෂණික දියුණුව එයට මනා පිටුවහලක් වූ බව සැබෑය. එසේම ධාරණ ශක්තිය වර්ධනයා කිරීමෙහිලා විශේෂ භාවනා අභ්‍යාස කිහිපයක් ද ප්‍රගුණ කරනු ලැබූ අප කණ්ඩායමට තම තමන්ගේ සාමාන්‍ය ජීවිත සාමාන්‍ය පරිදිම පවත්වාගෙන යාම අභියෝගයක් වූ අවස්ථා නැතිවාම නොවේ. එවන් අභියෝග සමූහයක් මැද එක් රැස් කර ගත් කරුණා සමුදාය භාවිතයෙන් බිහිවූ කුළුදුල් නිර්මාණය වූ අංගම්හොරු බ්ලොගය අද වන විට සමාජ කතිකාවතක් ගොඩ නැගීමට හැකි මට්ටමට පත් කර ගැනීමට හැකි වීම අප ලද ජයග්‍රහණයකි.

වෙස් මුහුණු හා හිස් මුහුණු

අංගම්හොරු බ්ලොග්කරණය ප්‍රසිද්ධ වෙනවාත් සමඟම එය තදින්ම දැනෙන්නට පටන් ගත්තේ කාහටද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මෙතුවක් කල් තමන් විසින් පවත්වාගෙන ආ අංගම් කඩවලට අභියෝගයක් වනවා දුටු අංගම්චෞර කරුණාපාල නම් චීනඩි ගුරුවරයාගේ ගොලයෙකු යයි කියා ගත් සේනක නැමැත්තා විසින් එවන ලද්දේ "බල්ලන් බිරුවාට තවලම් නවතීද..." කියා ය. බල්ලන් බුරා නැවතුණ තවලමක් නැග ඉතිහාසයක් අසා නොමැති නිසා හා මාතෘකාවට අදාල නොවූ නිසා එම කොමෙන්ටුව පළ කිරීම අප විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එම වේලාවේදීම තවත් නමකින් ලැබුණ කොමෙන්ටුවක පළවූයේ අප මෙහි සඳහන් කොට ඇති ශිල්පියෙකුට කරන ලද චෝදනාවකි. එය එවා තිබුණේ සෙනරි නැමැත්තෙකි. එම චෝදනාව බරපතල මෙන්ම සාක්ෂි රහිත වූ නිසාවෙන්ම පළකිරීම සිදු නොවුණි. නමුත් ඉදිරි පරීක්ෂණ ලයිස්තුවට ඇතුළත් කර ගන්නා ලදී. මේ අතර අජන්ත නැමැත්තාගේ ගෝලයකු යයි කියාගන්නා අයෙක් විසින් ඔහුගේ චෝදනාවලට පිළිතුරක් එවා තිබුණ අතර එහි ප්‍රමාණවත් සාක්ෂි හා සභ්‍ය භාෂාව භාවිතා වී තිබූ නිසා පළ කෙරුණි. නමුත් අප බලාපොරොත්තු වූයේ ඔහුගේ එම පිළිතුරට විරුද්ධව අදහස් පළවේ යයි කියා වුවද මේතාක් එවැන්නක් සිදු වූයේ නැත. කෙසේ වුවත් පත්තර පිටුවකින් ගන්නා ලද කොටස් කිහිපයක් භාවිතා කරමින් අජන්ත නැමැත්තාට චෝදනා කිහිපයක් නිර්ණාමික පුද්ගලයෙකුගෙන් එල්ල වූ නමුදු එහිදී ද එම තොරතුර පරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කිරීම පමණක් සිදු වූයේ අජන්ත නැමැත්තා ගැන තිබූ තොරතුරු හා අප ප්රවීණයන්ගේ මතය තරමක් වෙනස් එකක් වූ නිසාවෙනි. නමුත් එයින් අජන්ත නිවැරදි ශිල්පියෙකු ලෙස අප පිළිගන්නා බව වරදවා තේරුම් ගත යුතු නොවේ. කෙසේ වෙතත් මේ අතර අසභ්‍ය වචන වලින් කොමෙන්ටු එවීමේ නම් කිසිඳු අඩුවක් නොවීය. නිර්ණාමිකව එවන ලද ඇතැම් කොමෙන්ටු වල අප වෙත විවිධ චෝදනා එල්ල වූ අතර මරණ තර්ජනවලින් ද අඩුවක් නොවී ය. මුල් අවධියේදී එනම් ග්‍රේෂන් මාස්ටර්, කරුණාපාල හා සුමේධ යන අය පිළිබඳ අවසන් නිගමනයකට පැමිණීමට පෙර ලැබූ තර්ජන ප්‍රමාණය එතරම් නොවී ය. කෙසේවෙතත් ගැහැණු නම් මෙන්ම අන්වර්ත නාමයන් යොදා ගත් කිහිප දෙනෙකුට අප කවුරුන්දැයි දැන ගැනීමේ දැඩි ආශාවක් එදා සිට අද දක්වාම තිබෙන බව සහ ඇතැම් අයට අනියත බියක් තිබෙන බව නම් පැහැදිලි ය.

කරුණාපාලගේ ගොලයෙකු විසින් අප මුහුණු පොතේදී

අසභ්‍ය වචනවලින් බැණ වැදුණු අවස්ථාවක

මේ අතර අප විසින් මුලින් සඳහන් නොකරන ලද කිහිප දෙනෙකුගේ නම්ද හා තොරතුරුද ලැබූ නමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට නොහැකි වූයේ චෝදනාවක් කළ පමණින් කිසිඳු අයෙක් සම්බන්ධයෙන් අප ප්‍රසිද්ධ නොකරණ ප්‍රතිපත්තිය නිසාවෙනි. මන්ද ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින යම් යම් පරම්පරාවල මෙම ශාස්ත්‍රය තවදුරටත් ඇති බවට අප තුළ ඇති විශ්වාසයයි. එමෙන්ම බොහෝ අංගම් ගුරුවරුන් අනෙකා සමඟ තිබූ පුද්ගලික හෝ ව්‍යාපාරික ගැටළු නිසා චෝදනා එල්ල කළ හැකි වීමයි. නිවැරදි නොවන ප්‍රකාශයක් අප බ්ලොගයෙන් ඉදිරිපත් කළහොත් එයින් අප පාඨකයින්ගේ විශ්වාසය බිඳී යාම ද සිදු විය හැකි ය. එසේම එකිනෙකාට මඩ ගසා ගැනීමට වේදිකාවක් සාදා දීමට අපට කිසිඳු උවමනාවක් නොමැති වීම ද මෙයට හේතු විය. කෙසේ වෙතත් බොහෝ චෝදනා හා කොමෙන්ටු පළ නොකිරීමට නොහැකි වූ හේතු රාශියක් තිබිණ. එහිදී පදනම් විරහිත වීම, හුදු ප්‍රකාශිත චෝදනා වීම, ශාස්ත්‍රයට අදාල නොවීම, තමන්ට අවශ්‍ය වෙනස් මතයන් (අංගම්පොරවලට ඉන්දියානු සම්භවයක් ලබා දීම වැනි) සමාජයට ලබා දීමට අංගංහොරු බ්ලොගය භාවිතා කිරීමේ උත්සාහය, ද්වේශ සහගත බව, අසභ්‍ය වචන භාවිතය, පරිගණක තාක්ෂණය ආශ්‍රිතව නිර්මාණය කරන ලද සාක්ෂි හා හික්මීමෙන් තොර වීම වැනි හේතු ඒවායින් ප්‍රධාන වේ. මේ අතර විවිධ මුහුණුවරින් පැමිණෙන අය ඇතමෙක් එසේ පැමිණියේ අපගේ හිස අතගා ටොක්ක ඇනීමට බවද අප දැන සිටියෙමු. කෙසේ වුවත් පළ වූ කොමෙන්ටු ප්‍රමාණයට සමාන කොමෙන්ටු ප්‍රමාණයක් පළ නොවූ නිසා ලංකාවේ වත්මන් සමාජයේ හික්මීම හා දැනුම මැන ගත හැකි ය. කෙසේ වෙතත් මෙම චෝදනාවල ස්වාභාවය මැන ගැනීමේ හා පළකිරීමට නුසුදුසු දේ ගැන සාකච්ඡා කිරීමේ අරමුණෙන් fakeangampora@gmail.com නම් අපගේ ඊමේලය ප්‍රසිද්ධ කිරීමට ද අපට සිදු විය.

චෝදනා හා වේදනා

පසුගිය කාලය තුළ අපට ලැබුණ චෝදනා සාමාන්‍ය වුව ද තිදෙනෙකු සම්බන්දයෙන් වෙන වෙනම බ්ලොග් අඩවි නිර්මාණය වරවාත් සමඟම තත්ත්වය දරුණු විය. පාණ්ඩු කම්බල ශෛලාසය උණුවූ ඇතැම් අය ඊමේල් ලිපිනය හරහා අපට උදව් කිරීමට උත්සාහ දැරූ වාර අනන්තය. ඇතැමෙන් තමන්ගේ ගුරුවරයා ගැන වැරදි කියා අපගෙන් ශාස්ත්‍රය ඉගෙන ගැනීමට ඇසූ අවස්ථාද දුලභ නොවේ. එසේම අපගේ වේලාපත්කඩ බලා ගන්නා ලෙසත් අප ගැන සියලුම තොරතුරු සොයාගෙන ඇති බවත් කියමින් බැණ වැදුණු සුමේධගේ ගෝලයාද හරි අපූරුවට කටවසා ගත්තේ එයට අප දුන් එකම එක පිළිතුරකිනි. මේ අතර කාවින්දි, දික්සඳ, අඳුරු ආරක්ෂකයා වැනි චරිත ගැන යමක් සඳහන් කළ යුතු ය. වරක් තම ගුරුවරයා තුළ නිවැරදි ශාස්ත්‍රය නොමැති බව තමා දන්නා බව ප්‍රකාශ කළ කවින්දි පසුව ඍජුවම ප්‍රකාශ කලේ ගිලීමලෙත් ඇත දත සුද්දෝ යනුවෙනි. එනම් නුගේගොඩ ද අංගම්පොර ශිල්පීන් සිටිය හැකිය යන්න ඔප්පු කිරීමටත් ඉන් පසුව ඔහුන වෙනත් පාඨකයෙකු විසින් 'කරුණාපාලගේ ගෝලයෙක්' ලෙස චෝදනා කළ විට ඔහු නුගේගොඩ ඉන්නේ කරුණාපාල පමණක් නොවේ යයි කියා අත සෝදා ගත්තේ ය. කෙසේ වෙතත් කරුණාපාලගේ ගෝලයන් ලෙස ඍජුව පැමිණීමට කවුරුත් අකමැති බව නම් ඉන් පැහැදිලි විය. තමා අංගම්පොර පරම්පරාවක ලෙස කියා ගනිමින් කරුණාපාලට උල තැබිය යුත්තෙකු ලෙස චෝදනා කරමින් ඊමේලයක් එවූ දික්සඳ තම වෙස්මුහුණ විවෘත කරමින් කරුණාපාලගේ අපූරු වේලායුධය සාධාරණීකරණය කරන්නට ඉතිහාස කතා සකස් කරමින් ඊමේලයක් එව්වේ ඊයේ පෙරේදා ය. තමන් අංගම්පොර නොදන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් තමන් නොදන්නා අංගම් ශාස්ත්‍රය ගැන අදහස් දක්වන අපට සහතික දෙන්නට ඉදිරිපත් වූ නවතම තරඟකරුවා වන්නේ අඳුරු ආරක්ෂකයා ය. කෙසේ වුවත් බරපතලම චෝදනාව එල්ල කරමින් අප කණ්ඩායමේ වැඩිම අවධානය දිනා ගැනීමේ භාග්‍ය අඳුරු ආරක්ෂකයාට හිමි වූ බව නම් සත්‍යයකි. ඒ නිසාවෙන්ම ඔහු ගැන සොයාගත් කරුණු ද එමට ය.

අඳුරු ආරක්ෂකයා

පසුගිය මැයි මාසයේදී මුහුණු පොතේ ගිණුමක් විවෘත්ත කරන අතරම අප ඊමේලයට "අංගම් හොරු පිලිබඳ ඔබතුමාගේ blog අඩවිය කියවීමට මට අවස්ථාවක් ලැබුණි. ඔබතුමා කරන්නේ ඉතා වටිනා හෙලිදරව්වක් බව පැවසීමට කැමැත්තෙමි. පසුගිය වසරේ මුල් කාලයේදී දඬුබස්නාමානය නම් නාට්‍යය නැරඹිමෙන් පසු මට ද මෙය ඉගෙනීමට සිත් වුවත්, පවතින කාර්යබහුල තත්ව යටතේ එය කල නොහැකි විය! ඉගෙනීමට ගුරුවරයෙකු පිලිබඳ අදහසක් තිබුනත්, මේ හෙලිදරව්වෙන් පසු මම ඒ අදහස වෙනස් කරගතිමි!" ආදී වශයෙන් ලිපියක් ලියූ මොහු යාප්පුවෙන් අප වෙතින් අංගම් ශාස්ත්‍රය ගැන කරුණු රාශියක් එකතු කොට ගත්තේ ය. මේ අතර මුහුණු පොතේ ගිණුමෙන් තමා සමාජ සෝධකයෙකු බව ඔප්පු කිරීමට අවශ්‍ය ලෙස විවිධ ස්ථාන වල කොමෙන්ටු කිහිපයක් දැමූ ඔහු darkk2000@yahoo.com නම් ඊමේල් ලිපිනය භාවිතා කරයි.

චරිත ස්වාභාවය

කරුණාපාල නැමැත්තා පිළිබඳව සනාථ කරගන්නා ලද කරුණු රාශියකින් සමන්විතව මෙම වසරේ එනම් 2011 මැයි මස 14 දින gurukarunapala.blogspot.com නම් බ්ලොගය නිර්මාණය වී දින 7ක් සම්පූර්ණ වනවාත් සමඟම එනම් මැයි 22 වන දින මුහුණු පොතේ අඳුරු ආරක්ෂකයා නම් අන්වර්ත නාම ගිණුමක් විවෘත්ත කලේ darkk2000@yahoo.com නම් ඊමේල් ලිපිනය භාවිතා කරමිනි. එම ඊමේල් ලිපිනය තුළින් මොහුගේ ඉතිහාසය සෙවූ අපහට මීට වසර තුනකට පෙරදී මෙම ඊමේල් ලිපිනය භාවිතා කරමින් අන්තර්ජාල වෛශ්යාංගනාවන්ගේ එකතුවක එනම් Dating Site එකක සාදන ලද ගිණුමක් හමුවි ය. ඔහුට අයත් යයි සැලකිය හැකි තරමක් අපැහැදිලි මුහුණේ පිංතූරයකින් යුක්ත වන මෙම ගිණුමේ ඔහුගේ රහස් පෙදෙසේ පිංතූර තුනක්ද යුක්ත වන බැවින් එහි ඍජු යොමුවක් ලබා දීමේ හැකියාවක් නොමැත. කෙසේවෙතත් ලංකාවේ සංස්කෘතියට සදාචාරයට නිගරුකරන, බෞද්ධ සමාජයක ජීවත් වීමටවත් නුසුදුසු මෙන්ම අංගම්පොර වැනි අති උතුම් ශාස්ත්‍රයක් ගැන කථා කිරීමට වත් නොදන්නා හා නොගැලපෙන කාමාතුරයෙකු ලෙස හඳුන්වා දිය හැකි අඳුරු ආරක්ෂකයාගේ පෞද්ගලික තොරතුරු මෙතකින් ප්‍රමාණවත් යයි හැඟේ. කෙසේ වෙතත් තවත් තොරතුරු ඉදිරියට ලිවීමට බලාපොරොත්තු වෙමු.

නොදන්නා අංගම්පොරවලට සහතික දීම

"මමත් සබ්ජෙක්ට් එක දන්නෙ නෑ! හැබැයි ඉගෙනගන්න විදියක් හොයාගෙන යද්දි තමයි හෙලුව පෙව්නෙ!" යනුවෙන් තමා අංගම්පොර නොදන්නා බව ප්‍රකාශ කරන මේ "වඳුරු" ආරක්ෂකයා අංගම්පොර ශිල්පින්ට චරිත සහතික දෙන්නට පටන් ගත්තේ ය. මෙය සමාන කළ හැකි වන්නේ කුහුඹු පැණියාගේ තීන්දුවට පමණක්මය. තමන් නොදන්නා ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් සහතික දීම යනු අන්ධයෙකු විසින් අලියා විස්තර කිරීමට පමණි. මෙහිදී අජන්ත නැමැත්තාගේ පිරිසක් ලෙස අංගම්පොඩි පරම්පරාව හඳුන්වාදීමට වෙර දැරූ මොහුට වරක් මා කරන ලද ආයාචනයක් මෙම පින්තූරයේ දැක්වේ. එහිදී ඔහුට පැහැදිලි ඡායාරූප එවන ලෙස කරන ඉල්ලීමට ඔහු ලබා දෙන්නේ "කලවේලාවක් ලදොත් බලන්නම්" යන අලස පිළිතුරකි. ඔහුට මේවා සොයාගැනීමට හා අජන්ත ගැන මෙතරම් කරුණු දිගින් දිගටම ඉදිරිපත් කිරීමට වේලාවක් තිබුණද මා හට ඒවා ඊමේල් කිරීමට විනාඩිගණනක් නැති යන්නෙන් අදහස් වන්නේ ඒවායේ පැහැදිලි පිටපත් නොමැතිවා යන්න විය හැකි ය. මන්ද අජන්තට කොට ඇති කරාටි චෝදනාවේ දක්වා ඇති පින්තූර පැහැදිලි ඒවා නොවේ. අද දක්වා ඔහු දැක්වූ සියලුම චෝදනා අජන්තට පමණක් වීම නිසා අපට ගත හැකි තීරණය වන්නේ අඳුරු ආරක්ෂකයා යනු අජන්තගේ හතුරෙකු බවයි. අජන්ත හා වෙනත් සටන් ශිල්පීන් අතර ගැටුමක් ඇති බව ඔහු විසින්ම අප විසින් කරන ලද සමීක්ෂණයකට පිළිතුරු දෙමින් පිළිගෙන ඇත. එසේම අප සුමේධ ගැන යෙදූ ලිපියකට ඔහු කොමෙන්ටුවක් දමමින් කියන්නේ "හරියට කියල තියෙන්නෙ මෙයා ගැන විතරයි. හැබැයි මට ෂුවර් නෑ මේක මේ කටයුත්තටම මවපු කලරිමඩුවක්ද කියල!" කියා ය. මේ අතර අපි අනෙක් අයට කර ඇති චෝදනා සියල්ලම ඔහු ප්‍රතික්ෂේප කිරීම හා අජන්ත ගැන කර ඇති ප්‍රකාශය පමණක් ඉස්මතු කරමින් මොහු අපට චෝදනා කරනු ලබන්නේ අජන්ත හා අප එකම පිරිසක් බවයි.

අජන්තට පක්ෂග්රාහී වීම යන චෝදනාව

ඔහු කියනා තොරතුරු මත පමණක් රැඳි සිට අප අජන්ත ගැන තීන්දු ගන්නේ නම් එය චැනල් 4 වීඩියෝව වැන්නක් බවට පත්වේවි. කොටින්ගේ පිරිසෙන් පමණක් තොරතුරු විමසා ලංකාවේ හමුදාව ගැන ගත් තීරණය වැන්නක් බවට පත්වේ. කෙසේ වෙතත් අජන්ත ගැන අඳුරු ආරක්ෂකයා කරන චෝදනා ගැන අප සොයා බැලීම් නොකරනවා ද නොවේ. නමුත් එහිදී ප්‍රවේසම් වීමට සිදුවන්නේ ඔහු අජන්තගේ සතුරෙකු බවට පෙනී යන නිසාවෙනි. අප තීන්දුවක් ගැනීමේදී කිසිඳු විටෙකත් කෙනෙක් කියන හෝ කරන චෝදනා මත පදනම්ව පමණක් එය සිදු නොකරන ප්රතිපත්තියක සිටින බැවිනි. මන්ද යමෙක් වැරදි යයි කීම බොහෝමත්ම වගකීමකින් කිව යුතු ය. මෙයින් අප අජන්තට පක්ෂග්රාහී යන්න තීරණය කීරම නිවැරදි නම් මීට බොහෝ කලකට පෙර අපට අජන්තගේ ගෝලයෙකු විසින් එවන ලද පහත කොමෙන්ටුවද අප විසින් ප්‍රසිද්ධ කරන්නට තිබිණ.

මෙහිදී අජන්තට පක්ෂග්රාහීව එවූ මෙම ලිපියේ ඇති ඔහුගේ නිරවද්‍යතාව සාක්ෂි හීන වීම හා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කර තිබීම යන කරුණු මත ප්‍රසිද්ධ නොකරන ලදී. අජන්ත පමණක් නොව වෙනත් අය ගැන ද අපට චෝදනා පැමිණේ. අප සියල්ලම ප්‍රකාශයට පත් කරන්නේ නැත. අජන්ත ගැන අවසාන තීරණයකට එළඹීමට හේතුව වන්නේ ඔහුගේ ශිල්පීය ගැටලුවක් මේතාක් දුරට අපට සොයාගත නොහැකි වීමයි. එනම් ඔහුගේ වීඩියෝවල හා පින්තූරවල අංගම්පොර ශිල්පයේ භාවිතා වන ශාස්ත්‍රීය කොටස් තිබීමයි. නමුත් එයින් අජන්ත නිරවද්‍ය පුද්ගලයෙක්ද යන්න අපට තීරණයකට එළඹීමටද නුපුළුවන.මන්ද යමෙක් කැමරාවක් ඉදිරිපිට කාගෙන් හෝ අල්ලා ගත් කොටස් කිහිපයක් ඉදිරිපත් කළ හැකි ය. නිවැරදි ශිල්පයක් යනු අංගම් ශාස්ත්‍රයෙන් කොටස් කීපයක් නොවේ. චීනඩි දන්නා බොහෝ අය අංගම්පොරවලට ආසන්න වශයෙන් යන කෑලි කිහිපයක් ලෝකයට පෙන්වා තමන්ගේ පන්තිය තුළදී අංගම්පොර නමින් චීනඩි උගන්වන අවස්ථා අප මෙම බ්ලොග් කරණයෙන් පෙන්වා දී ඇත. එම නිසාවෙන්ම බැලූ බැල්මට පෙනෙන සාක්ෂිවලින් ඔබ්බට ගොස් මෙවැන්නක් තීරණය කළ යුතු ය.

මෙතෙක් හඳුනා නොගත් අංගම් හොරෙකු යයි සැක කළ හැකි අයෙක් ගැන

එවන ලද ප්‍රසිද්ධ නොකරන ලද කොමෙන්ටුවක්

මිනිසෙකුගේ ජීවිතකාලයෙන් අඩකටත් වඩා වැය කොට ඉගෙන ගැනීමට තරම් ශිල්පීය කොටස් රාශියක් අංගම් ශාස්ත්රයේ ඇත. ඒ සියල්ල නොදන්නා අයෙක් අංගම් ගුරුවරයෙකු ලෙස අපට පිළිගත නොහැකි ය. කෙසේවෙතත් අජන්ත පමණක් නොව කිසිඳු අයෙක් ගැන අවසන් තීන්දුවකට එන තුරු ඔවුන්ට ඇති චෝදනා මෙන්ම පක්ෂග්රාහී කරුණු හෙලි නොකිරීමට අපේ ප්රතිපත්තියයි. එය සාධාරණ නැති ලෙස පාට කණ්නාඩි දමාගෙන සිටින අයට පෙනී ගියද මෙම විවෘත්ත උසාවියක මෙන් පත්තරයට හෝ රූපවාහිනී මාධ්‍යයන්ට සියල්ල තීරණය කොට ජනතාවගේ සිත වෙනස් කිරීමට අවස්ථාවක් කිරීමට අපට නොහැකි ය. ඉහත කියන මල්ලිකාරච්චි නැමැත්තා ද එසේමය. අප ඔහු ගැන ද දැනට සොයාගෙන ඇති කරුණු ඇති නමුත් ඒවා ප්‍රසිද්ධ කිරීමට තරම් සාක්ෂි නොමැත.

අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.com1tag:blogger.com,1999:blog-7072887232153411434.post-86070633268658148232011-05-22T13:18:00.000-07:002011-05-22T13:20:32.923-07:00Fake Angam Gurus හෝ අංගංහොරු යනු....

අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ඉතිහාසයේ කවරකමදාකවත් ක්‍රීඩාවක් නොවීය. එය රට, ජාතිය හා ආගම සමඟ ප්‍රතිබද්ධවූ ගරු ගාම්භිර වූ පූජිත සම්ප්රදායකි. මෙය අද්‍යතනය වන තෙක්ම ඉතාමත් රහසිගතව පරදේශක්කාරයින්ගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට භාජනය වෙමින් පාරම්පරිකව ආරක්ෂා කර ගෙන පැමිණි අතර ඉතාමත් රහසිගත මට්ටමේ පැවතුනකි. මෑත කාලීන දඬුබස්නාමානය (අංගම්පොර සටන් ශිල්පය ගැන කියවෙන්නක් වුවද අංගම්පොර සටන් ශිල්පය භාවිතා නොවෙන ටෙලි නාට්‍යයකි) වැනි ටෙලි නිර්මාණ නිසා මේ රටේ අංගම්පොර ශිල්පය පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නට පටන් ගත්තේ ය. නමුත් එයින් සැබෑ අංගම්පොර ශිල්පයට හෝ ශිල්පීන්ට වූ සුගතියක් නැත. එයින් සැබෑවටම සිදුවන්නේ මුදල් වෙනුවෙන් තම මාපියන් වුවද විකුණන, දකුණු ඉන්දියානු දෙමළ සටන් ශිල්ප හදාරන ලද්දවුන් කිහිපදෙනෙක් ඔවුන් අංගම්පොර ශිල්පීන් ලෙස ඉදිරිපත්වී, රූපවාහිණී හා වෙනත් මාධ්‍ය දඩයමක් සිදුකරමින් තම බඩවියත රැක ගැනීමට පටන් ගැනීම පමණි.

අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.com0tag:blogger.com,1999:blog-7072887232153411434.post-17354388634496902402010-10-15T11:07:00.000-07:002011-05-16T12:28:04.154-07:00අංගම්පොර ජනතාව අතර ප්‍රකට වීම

අංගම්පොර යනුවෙන් ලංකාවේ සටන් ශාස්ත්‍රයක් පවතින බවට මෑති කාලීනව ජනතාව දැනුවත් වූයේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දඬුමස්නාමානය ටෙලි නාට්‍යයත් සමඟයි. මේ සමඟම අංගම්පොර සටන් ශාස්ත්‍රය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වන්නට විය.මේ අවස්ථාවේ දී අංගම්පොර යනුවෙන් මෙතෙක් කල් කරගෙන ආ සටන් ක්රමයචීනඩි ශාස්ත්‍රයම බව කියමින් මේ හිදැස පුරවන්නට තවත් පිරිසක් ඉදිරිපත් විය. ඒ අන් කවුරුන්වත් නොව එතෙක් චීනඩි කලාව (ශුද්ධ චීනඩි කලාවම නොවේ, ඉන්දියාවේ කලාරි ශාස්ත්රයේ ද කොටස් එකතු කර ගිනිමන් නිර්මාණය කර ගන්නා ලද සටන් ශාස්ත්‍රයක්) කරමින් සිටි පරිසක් වහාම එම ශාස්ත්‍රය අංගම්පොර යනුවෙන් හඳුන්වා දෙන ලදී.

මේ පිරිස තමන් කරන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිඳු අවබෝධයක් ඒ වන විට ලබා සිටියේ නැත. අංගම් ශාස්ත්‍රය තබා ලංකාවේ යුධ සටන් ඉතිහාසය පිළිබඳවවත් දැනුමක් ලබා නොසිටි බව මුල් කාලයේ මේ පිරිස විසින් කියන ලද ලිපි ලේඛන වලින් මනාව පැහැදිලි වෙයි. අලුතෙන් නිර්මාණය කරන ලද අංගම්පොර සටන් ක්‍රමය පිළිබඳව රූපවාහිනී වැඩසටන් ද පංති ආරම්භ කිරීම ද ඒ සමඟ ආරම්භ කරන ලදී. මෙහි දී සාම්ප්‍රදායික සැබෑ අංගම් ශිල්පීන් කිසිවිටෙකත් තම රහසිගත භාවය හෙලි නොකරන බව මේ අය දැන සිටි නිසා තම සැකය මග හැර ගැනීමට දෝ අංගම් පිළිබඳ සම්මේලනයක් පැවැත්වීමට තීරණය කර එය පවත්වන ලදී. එම සම්මේලනයේ සිදු වූ දේ කීප වෙනත් ලිපියකට තබා මේ අය විසින් ඒ අනුව එම දිනයේ අංගම් ඇඳුම අංගම් සම්මේලනයේ ලකුණ ඉදිරිපත් කරන ලදී. පහතින් දැක්වෙන එම ඡායාරූප දෙකෙන් පැහැදිලි වන්නේ කුමක් ද මේ අය අංගම් ශාස්ත්‍රය තබා ලංකාවේ ඉතිහාසය පව නොදන්නා බවයි. මෙම සංකේතය භාවිතා වන්නේ කොහේ ද?

තමන්ට අංගම් ශාස්ත්රයේ ඉතිහාසය පිළිබඳව දැනුමක් නොමැතිව පමණක් නොව ලංකාවේ ඉතිහාසය ද ලංකාවේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිච්ර වල ද දැනුමක් නොමැතිව මෙම කටයුත්ත මෙම අය ආරම්භ කරන ලද්දේ හුදෙක් බඩගෝස්තරවාදී චේනතනාවෙන් බව අප ප්‍රකාශ කරමු. ඕනෑම අයෙකුට එසේ කටයුතු කිරීමට ප්‍රශ්නයක් නැත. එහෙත් අංගම් ශාස්ත්රයේ නම භාවිතා කරමින් එසේ කිරීම බරපතල ගැටලුවකි. මේ බව මනාකොට වටහාගත හැක්කේ මේ පුද්ගලයන්ගේ වරින් වර කරන ලද එකිනෙකට පරස්පර ප්‍රකාශ වලිනි. තමන්ට නොමැති තමන් නොදන්නා ඉතිහාසයක් ප්‍රකාශ කරන්නට යාම වෙනත් අය මගින් තමන් පිළිබඳ වර්ණනා කරවා කරවා ගැනීම ආදියෙන් පෙනෙන්නේ තමන්ගේ ශාස්ත්රයේ පවතින දුර්වලතා සහ තමන්ගේ හීනමානය විනා වෙනත් දෙයක් නොවේ.

මෙම පිරිස තම අතීතය ඉතා ඉක්මනින් අමතක කර දමති. නැත්නම් අමතක වෙයි. මෙයට හේතුව මේ අය මේ ගොඩනගන්නේ තමන්ට නැති ඉතිහාසයක් බැවිනි. මේ හේතුවෙන් මීට පෙර කී දේ කළ දේ අමතක වෙයි. මේ සියල්ලට ම හේතුව තමන්නේ බඩගෝස්තරවාදී චේතනාව විනා අන් කවරක්වත් නොවේ.

මේ පිළිලය අද අංගම් ශාස්ත්‍රය පුරා පැතීරී ගොස් අවසාන ය. වෙබ් අඩවි මගින් ද විවිධ ලිපි මගින් ද අද මෙම පිරිස අංගම් ශාස්ත්‍රය විනාශ කර හමාරය. අංගම් ශාස්ත්රයේ උත්තරීතරභාවය කෙළෙසා අවසාන ය. මෙය අංගම් ශාස්ත්‍රය නොදන්නා අයට ප්‍රශ්නයක් නොවුවත් ඒ පිළිබඳව දන්නා අයට නම් ප්රශ්නයකි.
අංගම්පොඩිhttp://www.blogger.com/profile/11369984528594950029noreply@blogger.com