
අංගම්පොර යනුවෙන් ලංකාවේ සටන් ශාස්ත්‍රයක් පවතින බවට මෑති කාලීනව ජනතාව දැනුවත් වූයේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දඬුමස්නාමානය ටෙලි නාට්‍යයත් සමඟයි. මේ සමඟම අංගම්පොර සටන් ශාස්ත්‍රය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වන්නට විය.මේ අවස්ථාවේ දී අංගම්පොර යනුවෙන් මෙතෙක් කල් කරගෙන ආ සටන් ක්‍රමයචීනඩි ශාස්ත්‍රයම බව කියමින් මේ හිදැස පුරවන්නට තවත් පිරිසක් ඉදිරිපත් විය. ඒ අන් කවුරුන්වත් නොව එතෙක් චීනඩි කලාව (ශුද්ධ චීනඩි කලාවම නොවේ, ඉන්දියාවේ කලාරි ශාස්ත්‍රයේ ද කොටස් එකතු කර ගිනිමන් නිර්මාණය කර ගන්නා ලද සටන් ශාස්ත්‍රයක්) කරමින් සිටි පරිසක් වහාම එම ශාස්ත්‍රය අංගම්පොර යනුවෙන් හඳුන්වා දෙන ලදී.
මේ පිරිස තමන් කරන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිඳු අවබෝධයක් ඒ වන විට ලබා සිටියේ නැත. අංගම් ශාස්ත්‍රය තබා ලංකාවේ යුධ සටන් ඉතිහාසය පිළිබඳවවත් දැනුමක් ලබා නොසිටි බව මුල් කාලයේ මේ පිරිස විසින් කියන ලද ලිපි ලේඛන වලින් මනාව පැහැදිලි වෙයි. අලුතෙන් නිර්මාණය කරන ලද අංගම්පොර සටන් ක්‍රමය පිළිබඳව රූපවාහිනී වැඩසටන් ද පංති ආරම්භ කිරීම ද ඒ සමඟ ආරම්භ කරන ලදී. මෙහි දී සාම්ප්‍රදායික සැබෑ අංගම් ශිල්පීන් කිසිවිටෙකත් තම රහසිගත භාවය හෙලි නොකරන බව මේ අය දැන සිටි නිසා තම සැකය මග හැර ගැනීමට දෝ අංගම් පිළිබඳ සම්මේලනයක් පැවැත්වීමට තීරණය කර එය පවත්වන ලදී. එම සම්මේලනයේ සිදු වූ දේ කීප වෙනත් ලිපියකට තබා මේ අය විසින් ඒ අනුව එම දිනයේ අංගම් ඇඳුම අංගම් සම්මේලනයේ ලකුණ ඉදිරිපත් කරන ලදී. පහතින් දැක්වෙන එම ඡායාරූප දෙකෙන් පැහැදිලි වන්නේ කුමක් ද මේ අය අංගම් ශාස්ත්‍රය තබා ලංකාවේ ඉතිහාසය පව නොදන්නා බවයි. මෙම සංකේතය භාවිතා වන්නේ කොහේ ද?

මෙම පිරිස තම අතීතය ඉතා ඉක්මනින් අමතක කර දමති. නැත්නම් අමතක වෙයි. මෙයට හේතුව මේ අය මේ ගොඩනගන්නේ තමන්ට නැති ඉතිහාසයක් බැවිනි. මේ හේතුවෙන් මීට පෙර කී දේ කළ දේ අමතක වෙයි. මේ සියල්ලට ම හේතුව තමන්නේ බඩගෝස්තරවාදී චේතනාව විනා අන් කවරක්වත් නොවේ.
මේ පිළිලය අද අංගම් ශාස්ත්‍රය පුරා පැතීරී ගොස් අවසාන ය. වෙබ් අඩවි මගින් ද විවිධ ලිපි මගින් ද අද මෙම පිරිස අංගම් ශාස්ත්‍රය විනාශ කර හමාරය. අංගම් ශාස්ත්‍රයේ උත්තරීතරභාවය කෙළෙසා අවසාන ය. මෙය අංගම් ශාස්ත්‍රය නොදන්නා අයට ප්‍රශ්නයක් නොවුවත් ඒ පිළිබඳව දන්නා අයට නම් ප්‍රශ්නයකි.